ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ බිනර අව අටවක පෝදා 2023 ඔක්තෝබර් 06 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සෙත් පතන සෙත සදන අසිරිමත් සොළොස්මස්ථාන - 02:
මහියංගණං නාගදීපං කල්‍යාණං පද ලාංඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං, තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං, ජේතවනං සේල චේතිං තථාකාචරගාමකං - ඒතේ සොළසඨානානි අහං වන්දාමි මුද්ධනා. අතිපූජනීය වූත් වන්දනීය වූත් සොළොස්මස්ථාන හඳුන්වන ඉහත සඳහන් ගාථාවේ මහියංගණ ථූපය ලක්දිව අතිපූජනීය බෞද්ධ සිද්ධස්ථාන අතර මුදුන් මල්කඩක් ලෙස සැලකීමට හේතු වූයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව මසක් ඇවෑමෙන් දුරුතු පුර පසළොස්වක පොහෝ දින ශ්‍රී ලංකාද්වීපයේ මහියංගණයේ මහවැලි නදිය අසබඩ යොදුන් තුනක් දිග් වූත්, යොදුනක් පළල් වූත් මහා නාගවන නම් වූ වනෝද්‍යානයෙහි පැවැත්වුණූ මහා යක්ෂ සමාගම දිවැසින් දැක පළමු වැනි වරට ශ්‍රී ලංකාවට වැඩම කොට දැනට මහියංගණ චෛත්‍යරාජයා පිහිටි ස්ථානයට ඉහළ අහසේ පෙනී සිට නොයෙකුත් ප්‍රාතිහාර්ය පා යක්ෂ ගෝත්‍රිකයන් දමනය කර ඔවුන් ගිරිදිවයිනට යවා මෙම දිවයින ධර්මයෙහි පැවැත්මට සුදුසු ස්ථානයක් බවට පත් කළ හෙයිනි.
ඔක්තෝබර් 06 සිකුරාදා පූ.භා. 06.37 න් අව අටවක ලබා 07 සෙනසුරාදා පූ.භා. 08.11 න් ගෙවේ. 06 සිකුරාදා සිල්.
අව අටවක
ඔක්තෝබර් 06
අමාවක
ඔක්තෝබර් 14
පුර අටවක
ඔක්තෝබර් 22
පසළොස්වක
ඔක්තෝබර් 28
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]