[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

කුඩා අකුසලයකින් වුව යන්නට වන ප්‍රේත ලෝකය

ඛුද්දක නිකායට අයත් පේතවත්ථු වර්ණනාව මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ ජනයාට දේශනා කළ වටිනා දේශනා අතරට එක් වෙයි. විශේෂයෙන් කර්ම විපාකය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ තුළ අන්තර්ගත වන හෙයින් සදාචාරාත්මක සමාජ වටපිටාවක් ගොඩනඟා ගැනීම උදෙසා මෙම දේශනාව බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව බෞද්ධ ඉතිහාසය විමසීමේ දී පෙනෙයි. පේතවත්ථු වර්ණනාවෙහි ඇතුළත් කතා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. එනම්, බුදුරදුන් විසින් කළ දේශනා හා නාරද තෙරුන් විසින් ප්‍රේතයන් වෙතින් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් ලද විවරණ යනුවෙනි. පේ‍්‍රත යන්නෙහි තේරුම මළ තැනැත්තා යන්න ය. භාවගාමී මිනිසා කළ කුසල අකුසල අනුව ඊළඟ භවය නිර්මාණය වන බව බුදුදහමෙහි පිළිගැනීම වෙයි. සුගතිය හෝ දුගතිය අපට උරුම වන්නේ කුසල් අකුසල් මහිමයෙනි. මෙලොව දී ලබන දඬුවම් මෙන් ම අකුසලයට පරලොව දී ලැබෙන දඬුවම් මෙම ප්‍රේතයින්ගේ කතාන්දරවලින් හෙළි කෙරෙයි. සද්ධම්මෝපායන නැමැති ග්‍රන්ථය ප්‍රේතයන්ගේ ස්වභාවය පිළිබඳ මෙසේ වර්ණනා කර තිබෙයි. “ඇට සම් නහර ඉතිරි වූ සිරුරු ය. ඇස් හා කොපුල් ඇතුළට කිඳා ගොස් ඇත. අවුල් වූ හිසකෙස් ය. අඳුරු වූ මුහුණු ය. කිහිල්ලෙහි හා සිරුරෙහි දික් රෝම ය. සිරුර රැළි සහිත ය. මුළු ලොව විරූප බව එක්තැනෙක රැස් වූවක් වැන්න.” නොවසන ලද රහස් පියෙස් ඇති බත් ටිකක්, පැන් ටිකක් නොලබන ප්‍රේතයෝ විඩාවට පත්ව හොවිති. එසේ වැතිරී සිටින්නවුන්ට අවුරුදු දහස් ගණනකින් ආසාව උපදවන, මෙහි එන්න, බත් කන්න, පැන් බොන්න, යන හිස් වචන ඇසේ. ඒ හඬ ඇසූ සැණින් හැම දෙන ම නැඟී සිටීමට අසමත් ව බත් පැන් ආශාවෙන් ඔවුනොවුන් ඇඟ එල්ලී මහා දුකින් නැඟී සිටිති. නැඟී සිටීමට ඉක්මන් වූ ප්‍රේතයෝ වැටී ශක්ති නැති බැවින් එකිනෙකාගේ ඇඟ එල්ලෙති. එවිට එල්ලුණු එවුන්ගේ අත් ගසා දමති. දුබල බැවින් වෙව්ලමින් ඇඟෙහි එල්ලෙන්නේ ය. සිඳි දිය ආශා ඇතිව විසංඥ ව මුලින් කපන ලද තල්ගසක් මෙන් ඇද වැටෙති.


බිනර  අව අටවක

ඔක්තෝබර් 06 සිකුරාදා පූ.භා. 06.37 න් අව අටවක ලබා 07 සෙනසුරාදා පූ.භා. 08.11 න් ගෙවේ.
06 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]