[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බොදු පුවත් (ඡායාරූප)
 

කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ එහි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ “අපි ශ්‍රී ලාංකිකයෝ” සංවිධානයේ, සංවිධායකත්වයෙන් පොසොන් උත්සවයක් පසුගිය ජුනි 15,16 දිනවලදී කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. මෙහිදී ශ්‍රී ලංකාවෙන් වැඩම කළ සිල් මාතාවක් විසින් සුමදුර ධර්ම දේශනයක් පැවැත්වූ අතර, පසුදා ශීල සමාදානයක් ද පැවැත්වුණි. එම පින්කමේ අවස්ථාවකි මේ. (කටුනායක ටී.කේ.ජී.කපිල)

බෞද්ධාලෝක පදනමේ ත්‍යාග අනුග්‍රහයෙන් පළවන බුදුසරණ ප්‍රහේලිකා අංක 32හි
ජයග්‍රාහිකාව වූ රාජගිරිය මාදින්නාගොඩ මොරවිටිය පාර අශෝකා මඬකුඹුර මහත්මියට හිමි ධර්ම ග්‍රන්ථ කට්ටලය ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි මහතා අතින් ලබා ගත් අවස්ථාව.

ඓතිහාසික පාදෙණිය රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත එකසිය විසි රියන් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට මංගල ශිලා ප්‍රතිශ්ඨාපනය කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගියදා විහාරාධිපති කටුමුළුවේ සුමනරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමි, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි හිමි ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මහරගම ගොඩිගමුව සී/ස දකුණූ ගොඩිගමුව සණස මඟින් සංවිධානය කරනු ලැබූ සදහම් බැති ගී සරණිය 2023 පොසොන් පොහෝ දින ආයතනය පරිශ්‍රය තුළදී පැවැත්විණි. එයට පුන්සිරි සොයිසා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, සුභානි හර්ෂණී යන ගායක ගායිකාවන් ද සහභාගි විය.

දකුණූ කොරියාවේ තේගු ක්යොංසාන්හි බෞද්ධාශ්‍රම විහාරය මඟින් ශ්‍රී ලංකාවේ දුවා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා කොරියානු බෞද්ධ පින්වතුන්ගේ පරිත්‍යාගයෙන් පරිගණක යන්ත්‍ර විහාරාධිපති කල්‍යානපුර මංගල හිමියන් වෙත පරිත්‍යාග කරනු ලැබිණි. මෙම පරගණක ආර්ථික අපහසුතා ඇති දරුවන් ඉලක්ක කරගෙන දුෂ්කර පාසල්වලට බෙදාදීමට නියමිත ය.

අධි ඇසළ
පුර පසළොස්වක

ජූලි 02 ඉරිදා අ.භා. 08.19 න්
පුර පසළොස්වක ලබා
03 සඳුදා අ.භා. 05.07 න් ගෙවේ.
03 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

First Quarterපුර අටවක

ජූලි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]