[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කණ්හ ජාතක කතාව ඇසුරිනි

දුරුතු පුර අටවක පෝය

 දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා
30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ.
30 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

ඉවසමු සැනසෙමු දෙලොව ම ජය ගමු...

ඉවසීම උතුම් සීලය යි. ඉවසීම උතුම් තපස යි. ඉවසන්නා පරිපූර්ණයෙකි. පිරුණු මනසක් ඇත්තාට ඉවසීම පහසු ය. හැඬිය යුතු තැන හඬා නොවැටීමත්, නින්දා කළ යුතු තැන නින්දා නොකර සිටීමත්, දරාගත යුතු තැන නිසි සේ දරා ගැනීමට සිත සකස් කර ගැනීමත් ඉවසන්නකු හඳුනාගත හැකි ප්‍රබලතම කාරණා ලෙස දැක්විය හැකි ය. බෝධිසත්ව අවධිය තුළ බෝධිසත්වයන්ගේ සය වසරක දුෂ්කර ක්‍රියා කාල පරිච්ඡේදය ඉවසීම පිළිබඳ මනා පිළිබිඹුවකි. ඇසතු බෝ රුක මුල වැඩසිටි බෝධිසත්වයෝ මාගේ ශරීරයේ ඇස්, හිස්, මස්, ලේ වියළී ගියත් බුදු වී මිස නො නැඟිටිමි යැයි අධිෂ්ඨාන කරන්නේ සාමාන්‍ය පුද්ගල මානසිකත්වය ඉක්මවාලමිනි. එවැනි ඉවසීමක් කළ හැක්කේ ද පාරමිතා පුරන ලද ශ්‍රේෂ්ඨයකුට පමණකි. අධිෂ්ඨානය, ඉවසීම හා බද්ධ වූ මානවිය ගුණාංගයකි. ඉවසීම ඇති තැන අධිෂ්ඨානශීලී බවත්, අධිෂ්ඨානය ඇති තැන ඉවසීමත් අනිවාර්යයෙන් ම පැවතිය යුත්තකි. අංගුලිමාල දමනය, සුන්දරී පරිබ්‍රාජිකාවගේ ක්‍රියා කලාපය, මාගන්දියා බැමිණියගේ කලහකාරි හැසිරීම, දෙව්දත් තෙරුන්ගේ ක්‍රියා කලාපය, වේරංජා නුවර වස් වාසය බුද්ධ චරිතය තුළ ඉවසීම ප්‍රකට වන අවස්ථා කීපයකි. විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ පැවිද්දන් ඉවසිය යුතු බව පෙන්වා දෙන අතර, ඒ සඳහා කරුණු කාරණා රාශියක් පෙන්වා දෙයි. බොහෝ කලක් මහණදම් පිරීමට ඉවසීම නැත්තකුට බැරි බව වදාළහ. එසේම මහණකමට ඔරොත්තු දෙන පුද්ගලයකු වීමට ද, ඉවසීම අත්‍යවශ්‍යම කාරණාවක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ.

බුදුගුණ සිහිකිරීමේ අනුසස්

බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකරමින් බුද්ධානුස්සති භාවනාවේ යෙදෙන පුද්ගලයාට ජීවිතයට විශාල ආනිශංස රැස් වෙනවා. ඔහුගේ සිත රාගයෙන් පෙළෙන්නේ නැහැ. ද්වේශයෙන් පෙළෙන්නේ නැහැ. මෝහයෙන් පෙළෙන්නේ නැහැ. පාපී අකුසල්වලින් සිත පෙළෙන්නේ නැහැ. බුදුගුණ සිතන පුද්ගලයාගේ සිතට ප්‍රමුදිත බව ලැබෙනවා. බුදුගුණ සිතද්දී කායික මානසික බව ලැබී සිත කය සැහැල්ලු වෙනවා. සැපය උපදිනවා. නිරන්තරයෙන් බුදුගුණ සිහි කරද්දී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති ගෞරවය බලවත් වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. ඒ වගේම බුද්ධානුස්සති භාවනාව නිසා විශාල පිනක් රැස් වෙනවා. බුදුගුණ වඩද්දී අපගේ සිතේ ඇතිවන බිය තැති ගැනීම දුරුවෙනවා. ඉවසීමේ ගුණය දියුණු වෙනවා. බුදුගුණ සිහි කරද්දී පවට ලැජ්ජාව සහ බිය ඉපදෙනවා. විශේෂම කාරණය නම් ඒ සුන්දර සිත නිවනට ම නැඹුරු වෙනවා. නිරන්තරයෙන් අප බුදු ගුණ සිහි කරනවා නම් මරණ මොහොතේ දී සිහිය මුළා වෙන්නේ නැහැ. බුද්ධානුස්සති භාවනාව වඩන පුද්ගලයා මරණයට පත්වෙන අවස්ථාවේ ඉහළ මාර්ගඵලයක් ලබා නොසිටියහොත් දෙවියන් අතර ඉපදෙනවා. මේ සා ආනිශංස ලබා දෙන බුද්ධානුස්සති භාවනාව අපි ද ජීවිතයට පුරුදු කර ගනිමු.

විවාහය සහතිකයකට පමණක් සීමා නොවීමට නම්

පොදුජන ව්‍යවහාරයට අනුව ‘විවාහය’ යන්න අර්ථ ගැන්වී ඇත්තේ මෙලෙසිනි. වි - විශ්වාසය, වා - වාසනාව, හ - හදවත් බැඳීම, ය - යහපැවැත්ම, විශ්වාසයෙන්, වාසනාවත් සමඟ හදවත් දෙකක බැඳීමෙන් අනතුරුව යහපැවැත්මෙන් ජීවත් වීම ‘විවාහය’ යන්නෙහි අර්ථය බව පැරැන්නන්ගේ විශ්වාසය විය. අතීතයේ අන්‍යොන්‍ය විශ්වාසය මත පදනම්ව සිදු වූ විවාහය අද ඇතැම් විට කඩදාසි කැබැල්ලකට පමණක් සීමා වී ඇති බව පෙනේ. මෙම විවාහයේ සාර්ථකත්වය උදෙසා බුදුදහමින් පෙන්වා දෙන උපදෙස් බොහෝ ය. විවාහයට සුදුසු වයස් පරතරය පිළිබඳ බුදුදහම අනුමත කරනුයේ සම වයස් විවාහය හෝ පිරිමියා තරමක් වයසින් වැඩි විවාහය යි. විවාහයේ දී සැමියාත් බිරියත් අතර විශාල වයස් පරතරයක් තිබීම සමබර පවුල් ජීවිතයකට බාධාවක් බව සුත්ත නිපාතයේ පරාභව සූත්‍රයේ දී පෙන්වා දෙනුයේ මෙලෙසිනි.

සතුට ලුහුබඳිමින් ප්‍රශ්න මැද දිවි ගෙවනවා ද?

ගුණධර්ම යනු සැබැවින්ම සත්පුරුෂයන්ගේ ධර්මය යි. ලෝකය අනුව පෙරළෙන අෂ්ටලෝක ධර්මයන් හමුවේත්, අෂ්ට ලෝක ධර්ම අනුව පෙරළෙන ලෝකය හමුවේත් අභ්‍යන්තර බාහිර ප්‍රශ්න හමුවේත් නො පෙරළී යන කෙනකු විය හැක්කේ ඒ ගුණධර්මයන් තුළිනි. ගුණයෙන් අගපත් උතුමන් වැඩම කළ මාවතේ පියසටහන් මත පිය නඟමිනුයි අප මේ ගමන යා යුත්තේ. සද්ධර්මය යනු සත්පුරුෂයන්ගේ ධර්මයක්. සත්පුරුෂ ධර්ම වැඩී යන්නේ සත්පුරුෂ භූමියක පමණයි. කටු අකුලක මලක් වීමට නම් අප මුලින්ම කළයුතු වන්නේ ඒ සත්පුරුෂ භූමියට පැමිණීමයි. එය කළගුණ දන්නා බව සහ කළගුණ සිහි කරනා බව ලෙසයි ධර්මයේ සඳහන් වන්නේ. මේ සුගති ලෝකය වූ මිනිස් ලෝකයේ උපතකට මඟ සැලසූ අම්මා තාත්තාගේ පටන් අකුරු කෙරූ ගුරුවරු වැඩිහිටියන් මෙන් ම තිසරණ සරණයෙහි පිහිට වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ආදී අපට උදව් උපකාර කරන, කළ සියලුම දෙනාගේ ගුණ සිහි කිරීම, අපගේ සත්පුරුෂ භාවයේ එක් පැතිකඩක්. අපේ ජීවිතවල තවත් පැතිකඩක් තිබෙනවා. ඒ උදේ සිට රෑ වෙනතුරු වෙහෙස මහන්සිවෙලා අපි සොයන දෙයකුත් තිබෙනවා. ඒ “සතුටයි” ජීවිතයේ නොයෙක් ඉලක්ක කරා අපි යන්නේ ඒ සතුට රඳවා ගන්නයි. ඒත් මොන තරම් වෙර වීරිය කළත්, වෑයම් කළත් සොයාගෙන දුවන ඒ සතුටට උරුමක්කාරයෙක් වෙලා සර්වප්‍රකාරයෙන් ම සතුටෙන් ජීවත්වෙන කවුුරුත් මේ ලෝකයේ නැහැ. අපේ ජීවිතවලට අභ්‍යන්තර මෙන් ම බාහිරව සතුට අහිමි වන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ නිසා අපි, අප ගැන තේරුම් ගත යුත්තේ සතුට ලුහුබඳින, ප්‍රශ්න රාශියක් මැද ජීවත් වෙන මිනිසුන් ලෙසයි. කාලය ගෙවී යන්නේ වේගයෙන්. කාලයත් සමඟ මුහුකුරා යන අපේ ගතේ සවි ශක්තිය ගෙවී යනවා. අතපය පවා අපට ඕන ආකාරයට මෙහෙයවන්න බැරි තත්ත්වයකට පත්වෙනවා. එහෙනම් එදාට හිත කිසි ලෙසකවත් අපට නතුව තබා ගන්න බැරි වෙනවා.

දුරුතු පුර අටවක
පෝය දින

Budusarana e-paper

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]