සතුට ලුහුබඳිමින්
ප්‍රශ්න මැද
දිවි ගෙවනවා ද?
ගුණධර්ම යනු සැබැවින්ම සත්පුරුෂයන්ගේ ධර්මය යි. ලෝකය අනුව පෙරළෙන අෂ්ටලෝක ධර්මයන්
හමුවේත්, අෂ්ට ලෝක ධර්ම අනුව පෙරළෙන ලෝකය හමුවේත් අභ්‍යන්තර බාහිර ප්‍රශ්න හමුවේත්
නො පෙරළී යන කෙනකු විය හැක්කේ ඒ ගුණධර්මයන් තුළිනි.
ගුණයෙන් අගපත් උතුමන් වැඩම කළ මාවතේ පියසටහන් මත පිය නඟමිනුයි අප මේ ගමන යා යුත්තේ.
සද්ධර්මය යනු සත්පුරුෂයන්ගේ ධර්මයක්. සත්පුරුෂ ධර්ම වැඩී යන්නේ සත්පුරුෂ භූමියක
පමණයි. කටු අකුලක මලක් වීමට නම් අප මුලින්ම කළයුතු වන්නේ ඒ සත්පුරුෂ භූමියට
පැමිණීමයි. එය කළගුණ දන්නා බව සහ කළගුණ සිහි කරනා බව ලෙසයි ධර්මයේ සඳහන් වන්නේ.
මේ සුගති ලෝකය වූ මිනිස් ලෝකයේ උපතකට මඟ සැලසූ අම්මා තාත්තාගේ පටන් අකුරු කෙරූ
ගුරුවරු වැඩිහිටියන් මෙන් ම තිසරණ සරණයෙහි පිහිට වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ආදී
අපට උදව් උපකාර කරන, කළ සියලුම දෙනාගේ ගුණ සිහි කිරීම, අපගේ සත්පුරුෂ භාවයේ එක්
පැතිකඩක්.
අපේ ජීවිතවල තවත් පැතිකඩක් තිබෙනවා. ඒ උදේ සිට රෑ වෙනතුරු වෙහෙස මහන්සිවෙලා අපි
සොයන දෙයකුත් තිබෙනවා. ඒ “සතුටයි”
ජීවිතයේ නොයෙක් ඉලක්ක කරා අපි යන්නේ ඒ සතුට රඳවා ගන්නයි. ඒත් මොන තරම් වෙර වීරිය
කළත්, වෑයම් කළත් සොයාගෙන දුවන ඒ සතුටට උරුමක්කාරයෙක් වෙලා සර්වප්‍රකාරයෙන් ම
සතුටෙන් ජීවත්වෙන කවුුරුත් මේ ලෝකයේ නැහැ.
අපේ ජීවිතවලට අභ්‍යන්තර මෙන් ම බාහිරව සතුට අහිමි වන ක්‍රම දෙකක් තිබෙනවා. ඒ නිසා
අපි, අප ගැන තේරුම් ගත යුත්තේ සතුට ලුහුබඳින, ප්‍රශ්න රාශියක් මැද ජීවත් වෙන
මිනිසුන් ලෙසයි.
කාලය ගෙවී යන්නේ වේගයෙන්. කාලයත් සමඟ මුහුකුරා යන අපේ ගතේ සවි ශක්තිය ගෙවී යනවා.
අතපය පවා අපට ඕන ආකාරයට මෙහෙයවන්න බැරි තත්ත්වයකට පත්වෙනවා. එහෙනම් එදාට හිත කිසි
ලෙසකවත් අපට නතුව තබා ගන්න බැරි වෙනවා.
පුංචි කාලයේ සිටම අප කළේ සිතට ඕන දේ පමණයි. සිත කියන කියන දේ කරලයි අපි වයසින්
මුහුකුරා ගියේ. කය රකින්නට වෙහෙසෙන තරම් සිත රකින්නට අපි කවුරුත් වෙහෙසෙන්නේ නැහැ.
එතරම් රැකගත් කයත් බලාසිටිද්දී ම පිරිහී යද්දී රැක නොගත් සිත ගැන කුමක් කියන්න ද? ඒ
අපට එන සැබෑම අභ්‍යන්තරික ප්‍රශ්නය යි. ලෙඩ වෙනකොට, මේ කය දිරා යනකොට, නො වැඩූ
සිතක් ඇතිව කයේ පිරිහීම සමඟම ජීවිතය ඉදිරියේ අපි බොහෝ සෙයින් අසරණ වෙනවා.
මුදු, මොළොක්, නිහතමානී, ගුණවත් චරිත අප වටා සිටිනවා. ඒ වගේම මේ අතිදීර්ඝ සසර ගමනේ
අපි අකැමැති, පි‍්‍රය නොවූ, නුරුස්සන චරිත ද මුණ ගැසෙනවා. එය වැළැක්විය නොහැකි
ධර්මතාවක්. අපට ජීවත් වීමට සිදුවන්නේ කටු අකුළක දිවි ගෙවනවා වගේ, දුෂ්කරතා මැද්දේ.
ඒ කටු අකුලේ ස්වභාවයක් නම් පිරිසක් තව පිරිසකගේ තිබෙන ගුණ දකින්නේ නැහැ. ගුණයක්
දුටුවොත් එයට ප්‍රශංසා කරන්නෙත් නැහැ. නුගුණය යාන්තමට දුටුවොත් එය ඉස්මතු කරමින්
කියනවා. නුගුණම සොයනවා. තමන් හුවා දක්වනවා. අන්‍යයන් පහත් කොට දක්වනවා. චෝදනා
කරනවා. මැසිවිලි නගනවා. එකටඑක කරනවා. ක්‍රියාවෙන් මෙන් ම වචනයෙනුත් සමාජය සමඟ
ගැටෙනවා. සිතිනුත් කරන්නේ ඒ දේ ම යි. එනිසා නිතර දෙවේලේ අපි කටු ඇනගෙන අනෙක් අයටත්
ඇනෙන කටුවක් බවට පත් වෙන්නේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය නැති නිසාම යි.
එනිසා සත්පුරුෂ ඇසුර ජීවමානව තිබියදී අපගේ වැරැදි, වැරැදි ලෙස දැක පිළියම් යොදා
ගැනීමට අප කටයුතු නොකළොත් අපට මඟ ඇරී යන්නේ ඒ අමා මහා නිවන් මාර්ගය යි.
කටු අකුල් කපා ඉවත් කිරීම තම තමාට ම ඉතාම මැනවින්, හික්මීමෙන්, අවංකව කළ හැකි
දෙයක්. එය ප්‍රායෝගිකව ඉතා අපහසු කරුණක් විය හැකියි. නමුත් තමා තමාට අවංකව ම ආදරේ
නම්, කරුණාවන්ත නම්, එය හෙමින් සැරේ කළ හැකියි. ඒ සඳහා අප කල්‍යාණ මිත්‍රයන්ගේ
ඇසුරේ අවංකවම ගුණ ධර්ම පුරුදු පුහුණු විය යුතු වෙනවා.
තම අභ්‍යන්තරයේ ගුණ ධර්ම පිරිසුදු කර ගනිමින් නිසැක විසඳුමක් කරා යාම තම තමාගේ
වගකීමක් වෙනවා. උත්තම සම්බුද්ධ ශාසනයක් මුණ ගැසුණු මේ මිනිස් ජීවිතය ඊට කදිම
තෝතැන්නක්.
සසර ගමනක අවසානයක් දැකීමට අපේ ජීවිතවලට හුරු පුරුදු කර ගත යුතු අනෙක් කාරණය තමා
ඉවසීම. භාග්‍යවතුන් වහන්සේ ඉවසීමට වදාළේ “පරම තපස” කියල යි. යම් කරුණක් ඉදිරියේ
වේවා, කෙනෙක් ඉදිරියේ වේවා, අසාධාරණයක් ඉදිරියේ වේවා කරන්නට ඉතාම දුෂ්කර දේ තමාට
ඉවසන්න බැරිකම. ඉවසීම පුරුදු කරලා නැතිකම. නමුත් නිවන් දොරටුව වෙත පිය නඟන්නට ඕන
කරන උතුම් ගුණාංගයන්ගෙන් එකක් වනුයේ ඉවසීමයි. සිත වෙනස් කර ගන්නේ නැතිව, පාපී නපුරු
වචන කියන්නේ නැතිව සියල්ලන් කෙරෙහි, සියලු දිශාවන් කෙරෙහි පැතිර වූ මහත් විපුල වූ,
මෙත් සිතින් කෙනෙක් ඉවසීම පුරුදු කරන්නේ නම්, ඒකාන්තයෙන් ම බොහෝ කාලයක් සැපය පිණිස,
සුවය පිණිස පවතිනවා.
එසේ ඉවසීම පුරුදු කරන පුද්ගලයා කිපෙන ලෝකයට පෙරළා කිපෙන්නේ නැහැ. ඔහු සංසිඳීමෙන්
ජීවත් වෙනවා. කිපෙන ලෝකයට පෙරලා කිපීම අඥාන පුද්ගලයා සතු අගුණයක්.
ඉවසීම පුරුදු කරන්නට අපට තිබෙන ලොකුම හයිය තමයි කර්ම විපාකය සිහි කිරීම. අපේ සමාජයේ
පසුතැවෙන ඔනෑම කෙනෙක් සමඟ කතා කළොත් ඔහු කියන්නේ මට තව ටිකක් ඉවසන්න තිබුණා කියලයි.
එනිසා සෙසු ලෝකයා ද්වේෂයෙන් ජීවත් වෙනවා විය හැකියි. නමුත් තමා තුළ ඉවසීම කියන ගුණය
තිබෙනවා නම් ද්වේෂය වැනි සිදුරු වසාලිය හැකියි. එසේ තමා තුළින් උපන් ගුණයකින්
රැකෙනවා විනා, ලෝකයම ඉවසිය යුතුයි. ද්වේෂ නොකර සිටිය යුතුªයි. කියා සිතීම හෝ කීම
හිස් දෙයකි.
එනිසා උතුම් ගුණාංග එකින් එක අප ජීවිතය තුළට පුරුදු කර ගනිමු. එවිට කටු අකුලේ වුවද
මල් පිදීම ධර්මතාවක් බව ඔබට වැටහේවි.
- නයනා නිල්මිණී |