ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ දුරුතු පුර අටවක පෝදා 2022 දෙසැම්බර් 30 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කෑගලු දිසාවේ බුලත්කොහුපිටිය බලප්‍රදේශයට අයත් වන්නා වූ මෙම ඓතිහාසික දායාදය මා නෙත ගැටුණේ පින්බර දිනෙක සුන්දර සැන්දෑවක ය. මිටියාවතක් නොවූ කඳුකර උස්බිමක, ගලන දොළ පාරක් අසල ප්‍රදේශයේ උසම ස්ථානය යැයි කිව හැකි තැනක මෙකී විහාරස්ථානය පිහිටා තිබේ. නමින් කෑගල්ල කටාරංගල විහාරය ලෙස දැනගැනීම වටී. පන්සල වසා පැතිර සිටින්නා වූ දැවැන්ත කළුගල් රාජයකු සෙවණෙහි කටාරංගල පුදබිමෙහි බුද්ධ පුත්‍රයන් වහන්සේ වැඩ වාසය කරති. නගරයෙහි හැළහැප්පීම්, ස්වභාවික දියකඳුරින් අතුරුදන්ව ඇති නිසා මේ පුදබිම නිස්කලංක ය. කෙසේවෙතත් මෙම ඓතිහාසික පුද බිම යුග දෙකකට අයත් බව අවධාරණය කිරීමට හැකි බව මෑත කාලීන පුරාවිද්‍යාඥයන් කියා සිටියි. අවුරුදු 23000 කට වඩා පැරැණි ප්‍රාග් ඓතිහාසික යුගයෙහි මානවයා පවා මෙහි වාසස්ථානවල වාසය කළ බව කැනීම්වලින් සොයා ගන්නා ලද අතීත ගල් මෙවලම් එහි පෞරාණිකත්වය හෙළිදරව් කර තිබේ. ක්‍රි.පූ 103- ක්‍රි.පූ 77 රාජකේය හිමිකම දැරූ වළගම්බා රාජ්‍ය සමයෙහි මෙම ප්‍රාග් ඓතිහාසික මානව කේන්ද්‍රය විහාරස්ථානයක් බවට පත් වී ඇත. ඒ බව මාතලේ අළුවිහාරයේ දැනට පවතින පුස්කොළ පොතෙහි ලියා තබා ඇත. කෑගල්ල ප්‍රදේශයේ අද පවතින පෞරාණික පුණ්‍ය විහාරයක් බවට ශේෂ වුව ද මෙම ඓතිහාසික පින්බිම ධර්ම භාණ්ඩාගාරයක් ලෙස අප පිළිගත යුතු ය. එම පුස්කොළ පොතෙහි සඳහන් වන අන්දමට වළගම්බා රජු සල්ගල සැඟවී සිට එයට එල්ල වූ සොළී ප්‍රහාර නිසා ආරක්ෂාව පිණිස මෙම විහාරයට පැමිණ ඇත. නිසැක වශයෙන් ම වළගම්බා රජු දවස තිබූ තියුණු ආක්‍රමණකාරී පිළිවෙත අපි දනිමු. එබැවින් මුළු රටක් මුළුල්ලේ එතුමාගේ පාදස්පර්ශයන් තිබෙන බවට සාක්ෂි ලැබේ. එකී ස්ථාන අතුරින් මෙකී විහාරය ද එක් ස්ථානයක් වශයෙන් හඳුනාගැනීම වටී. දිඹුලාගල පරපුරේ ඇදුරුවරයාණන් වහන්සේ නමක් වන දොඹේපොළ සීලාලංකාර හිමි රෝගාතුර තත්වයේ සිට වුව ද විහාරය පිළිබඳ කරුණු පැහැදිලි කළේ මේ ආකාරයෙනි.
දෙසැම්බර් 29 බ්‍රහස්පතින්දා අ.භා. 07.25 පුර අටවක ලබා 30 සිකුරාදා අ.භා. 06.41 ගෙවේ. 30 සිකුරාදා සිල්
පුර අටවක
දෙසැම්බර් 30
පසළොස්වක
ජනවාරි 06
අව අටවක
ජනවාරි 15
අමාවක
ජනවාරි 21
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]