[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ චූළෝදර මහෝදර නා රජුන්ට ධර්මය දේශනා කිරීම

බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

නාගදීප පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකාගමනය සිදු වූ නාගදීපය බෞද්ධයන්ගේ වන්දනාවෙන් ඈත්ව වසර 30කට ආසන්න කාලයක් තිබුණි. ඒ උතුරේ පැවැති ත්‍රස්තවාදී යුද්ධය නිසා ය. යුද්ධය අවසන් වීමෙන් පසුව වුව ද නාගදීපයේ සංවර්ධන කටයුතු ගැන වැඩි අවධානයක් යොමු වූ බවක් නොපෙනුණි. එහෙත් විහාරාධිපති නවදගල පදුමකිත්ති නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා පසුගිය වසරේ රාජ්‍ය වෙසක් උත්සවය එහි පවත්වන්නට තීරණය කළ ද කොවිඩ් 19 වසංගතය නිසා රාජ්‍ය වෙසක් උත්සවය එහි පවත්වන්නට හැකියාවක් නොවුණි. මේ පින්බිම වසර 30ක පමණ කාලයක් රැක ගත්තේ එහි වත්මන් විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නා හිමියන් සහ උන් වහන්සේගේ ආචාර්ය හිමියන් වූ බ්‍රාහ්මූණූවත්තේ ධම්මූකිත්ති තිස්ස නා හිමිූයන් විසිනි. වසර 30ක කාලයක් එසේ දිවි පරදුවට තබා රැකගත් නාගදීපය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට පසුගිය මාසයේ දී කටයුතු කරන ලදී. ඒ අනුව පසුගිය මාර්තු 19 වෙනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අදාළ සන්නස් පත්‍රය නාගදීප රාජමහා විහාරාධිපති හිමියන්ට ප්‍රදානය කරන ලදී. වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් පුළුල් කරමින් නාගදීප විහාරස්ථානය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළේ ය. යාපනය නාගදීප රාජමහා විහාරස්ථානයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුව අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිගෞරවනීය ගංතුනේ අස්සජි මහා නායක ස්වාමීන් වහන්සේ සහ නාගදීප විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස ස්වාමීන්වහන්සේ බැහැ දැක සුව දුක් විමසා සිටියේ ය.

බුදුරදුන්ගේ නාගදීපාගමනය සිදු වූ බක් පොහෝදා

බක් මහේ උදාවන බක් පොහොය ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා වැදගත් තැනක් ගනියි. චූළෝදර, මහෝදර නා රජුන් අතර මැණික් පලඟක් අරභයා ලක්දිව ඇති වී තිබූ මහා සංග්‍රාමය දුරැලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහොය දිනෙක දී ය. මෙය බුදුරදුන් ගේ දෙවැනි ලංකාගමනය යි. මෙහි ප්‍රතිඵලය වූයේ සංග්‍රාමය නතර කොට දෙපිරිස සමඟි කරවා විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය උදාකරවීම යි. සුද්ධෝදන මහරජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ආරම්භ කළ කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේ ද බක් පොහොය දිනෙක ය. බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය හෙවත් “නාගදීපාගමනය” පිළිබඳ පුවත මහාවංසය ආදී ඉතිහාස ග්‍රන්ථවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි.

 

ධර්ම දේශනාව:

කල්පයකටත් වැඩි කාලයක් දීර්ඝායුෂ විඳින්නට කැමැති ද ?

චත්තාරො මෙ භික්‍ඛවෙ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්තීති. කතමෙ චත්තාරො, ජන්දඉද්ධිපාදං භාවෙති. චිත්තඉද්ධිපාදං භාවෙති. විරියඉද්ධිපාදං භාවෙති වීමංසාඉද්ධිපාදං භාවෙතීති. අද මා මාතෘකා කළ දේශනාවේ මූලාශ්‍රය සංයුත්ත නිකායේ ඉද්ධිපාද සංයුත්තයේ අපාර සූත්‍රයයි. අපාර කියන පාලි වචනයේ සිංහල තේරුම මෙතෙර කියන එකයි. සංසාරයෙත් මෙතෙරක් පරතෙරක් නැති නිසා සංසාරයටත් අපාර කියලා කියනවා. සංසාරය නැමැති මෙතෙරින් එතෙරට යාමට අවශ්‍ය ධර්ම කරුණු ඇතුළත් නිසයි මේ සූත්‍රය අපාර සූත්‍රය කියලා නම් කළේ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී භික්‍ෂූන් වහන්සේලාටයි මේ අපාර සූත්‍රය දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ සතර සෘද්ධිපාද වඩනව නම්, බහුල ලෙස පුරුදු පුහුණු කරනව නම් සංසාරයේ මෙතෙරින් එතෙරට යන්න පුළුවන් වෙනවා. ඒ සඳහා “ ජන්දඉද්ධිපාදං භාවෙති” ජන්ද ඉද්ධිපාදය වැඩිය යුතුයි. “චිත්තඉද්ධිපාදං භාවෙති” චිත්ත සෘද්ධිපාදය වැඩිය යුතුයි. “විරියඉද්ධිපාදං භාවෙති” වීර්ය ඉද්ධිපාදය වැඩිය යුතුයි.

 

අනාගත සැලසුම් සාර්ථක වීමට නම් දුර්වලකම් හඳුනාගන්න ඕන

දුර්වලකම් හඳුනාගෙන ඒවායින් ඉවත්වීමට උත්සාහ නොකරන්නේ නම් මොනතරම් අනාගත සැලසුම් සකස් කළ ද, ඒවා අසාර්ථක උත්සාහයන් වනු ඇත. මේ නිසා වටිනා ඵලදායි ජීවිතයකට අවශ්‍ය කරුණු කිහිපයක් සලකා බැලීම වැදගත් වනු ඇතැයි සිතමි. එක් මොහොතක් හෝ අපතේ නොයවමින් දින චරියාවකට අනුව කටයුතු කළ බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක් තුළ මොනතරම් මෙහෙයක් ඉටුකොට ඇත්දැයි බලන්න. අපේ රටේ සිටි වැදගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ක්‍රමවත් වැඩ සටහනකට අනුව දවස ගත කළ අයුරු ඉතිහාසය අපට පෙන්වා දෙයි. දෙවැනි පැරකුම්බා රජු නියමිත වෙලාවට ආගමික වතාවත් ඉටුකළ අයුරුත්, රාජ්‍ය පාලකයකු ලෙස තම වගකීම් සඳහා දවස සැලසුම් කරගත් අයුරුත් අපට වැදගත් පාඩමක් වනු ඇත. අරුණට පෙර - දිනය සැලසුම් කිරීමේ දී උදේ සහ සන්ධ්‍යාවෙහි සිදුකරනු ලබන ආගමික වතාවත් පිළිබඳත් විශේෂයෙන් පොහොය දිනයෙහි විහාරස්ථානයට ගොස් සිදුකළ යුතු ආගමික වතාවත් ගැන ද මූලික අවධානය යොමු කරන්න.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]