ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ බක් පුර පසළොස්වක පෝදා 2022 අප්‍රේල් 16 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බක් මහේ උදාවන බක් පොහොය ලංකා ශාසන ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා වැදගත් තැනක් ගනියි. චූළෝදර, මහෝදර නා රජුන් අතර මැණික් පලඟක් අරභයා ලක්දිව ඇති වී තිබූ මහා සංග්‍රාමය දුරැලීම සඳහා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩමවීම සිදුවූයේ බක් පොහොය දිනෙක දී ය. මෙය බුදුරදුන් ගේ දෙවැනි ලංකාගමනය යි. මෙහි ප්‍රතිඵලය වූයේ සංග්‍රාමය නතර කොට දෙපිරිස සමඟි කරවා විශාල මිනිස් සංහාරයක් වළක්වා සාමය උදාකරවීම යි. සුද්ධෝදන මහරජු ගේ ආරාධනය පරිදි බුදුරජාණන් වහන්සේ විසි දහසකට අධික වූ භික්ෂූන් වහන්සේ ද පිරිවරාගෙන ආරම්භ කළ කිඹුල්වත්පුර චාරිකාවෙන් අඩක් නිම කළේ ද බක් පොහොය දිනෙක ය. බුදුරදුන්ගේ දෙවැනි ලංකාගමනය හෙවත් “නාගදීපාගමනය” පිළිබඳ පුවත මහාවංසය ආදී ඉතිහාස ග්‍රන්ථවල දීර්ඝ වශයෙන් විස්තර වෙයි.
අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ. 16 සෙනසුරාදා සිල්.
පසළොස්වක
අපේ‍්‍රල් 16
අව අටවක
අපේ‍්‍රල් 23
අමාවක
අපේ‍්‍රල් 30
පුර අටවක
මැයි 08
© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]