[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව - බොරැල්ලේ කෝවිද හිමි, 10.00 - 11.00 ධම්ම පදයෙන් බිඳක් කොළඹ අශෝක විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී මාවුස්සාගොල්ලේ මුදිත හිමි, පස්වරු 2.00 - 3.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති වෙන්නවත්තේ රතනජෝති හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති නාලන්දේ විමලසිරි හිමි, 5.00 - 6.00 භාවනාව කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව - ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 භාවනාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව - පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සහකාර විදුහල්පති කොළඹ නවකෝරලයේ සහ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති තුම්බෝවිල ධම්මරතන නා හිමි, 10.00 - 11.00 සූත්‍ර දේශනාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුර පසන්න හිමි, 11.00 - 11.15 බුද්ධ පූජාව - තලවතුගොඩ විමලධම්ම හිමි, පස්වරු 12.20 - 1.00 පිරිත් හා තෙරුවන් ගුණ තලවතුගොඩ විමලධම්ම හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත ත්‍රිපිටකාචාර්ය වේරදූවේ මහින්ද හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව - පණ්ඩිත වල්ගම සුමන හිමි, 3.00 - 3.45 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති පණ්ඩිත වතුරවිලගමේ ධම්මජීව හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව - අළුයටවල විමලධම්ම හිමි, 5.00 - 6.00 ධම්ම පදය මීගොඩ මධුභානී හිමි, 6.00 - 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

සීදූව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ බක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන් පින්කම් මාලාවක් විහාරාධිපති, කටාන - මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නාහිමියන්ගේ මෙහෙයවීමෙන් හා අනුශාසනා පරිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත.

පෝ දින අලුයම 5.00 ට සම්බුදුරජාණන් වහන්සේ්, ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රනීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, උදෑසන 6.00 ට සිල් සමාදන් කිරීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංශ නාහිමි, උදෑසන 6.45 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 8.00 සිට 9.00 දක්වා ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී මීවැල්ලාවේ පඤ්ඤාරංසි තිස්ස හිමි, 9.00 සිට 10.45 දක්වා ධර්ම සාකච්ඡාව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක පි‍්‍රයදර්ශන මහතා, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර මහතා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ.ඒ.එස්. ආර්. දයානන්ද මහතා, 10.45 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල්තැන් බුද්ධ පූජා පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 2.00 - 3.00 දක්වා ජාතක ධර්ම දේශනාව, 3.15 සිට 4.15 දක්වා ධර්ම දේශනාව, ආඬිඅම්බලමේ සුගුණ හිමි, 4.30 සිට 5.30 දක්වා ධර්ම දේශනාව මාදූවේ කෝලිත හිමි - 6.00 ට නව වර්ෂයේ සැමට ආශිර්වාද කිරීම සඳහා විශේෂ ආශිර්වාද අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා බෝධි පූජා පින්කම.

****

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00 සිල් සමාදන්වීම, 7.00 - 7.30 තෙරුවන් වන්දනාව, 8.15 - 10.00 භාවනාව, 10.00 - 11.00 ධර්ම දේශනය, 11.00 - 11.30 තෙරුවන් වන්දනාව උදෑසන වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමියන්. පස්වරු 12.30 - 1.00 සූත්‍ර සජ්ඣායනය, 1.00 - 2.00 ධර්ම දේශනය - මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 2.00 - 3.00 ධර්ම සාකච්ඡාව - ගංගොඩවිල මුදිතමනෝ හිමි, 4.00 - 5.00 ධර්ම දේශනය ගල්කිස්සේ සෝමානන්ද හිමි.

****

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරය

ගොතටුව පාරමිතා ශ්‍රී මහා බෝධිමළු විහාරයේ වාර්ෂික පවත්වාගෙන එනු ලබන හිස තෙල් ගෑමේ උත්සවය මෙවරත් පැවැත්වීමට අරම ශ්‍රී ධම්මතිලක නා හිමි ඇතුළු දායක පිරිස විධි විධාන යොදා ඇත. අප්‍රේල් මස 17 වන ඉරිදා උදේ 07.04 ට වසර ගණනාවක් පුරා දෛනිකව පිරිත් කරන ලද තෙල් වර්ග යොදා සකස් කළ ඖෂධ වර්ග 14 ක් යොදා සකසන ලද කසාය හා නානු හිසතෙල් ගෑම සඳහා යොදා ගැනේ. මහා සංඝරත්නයේ පිරිත් දේශනා මධ්‍යයේ හිසතෙල් ගෑම සිදු කෙරේ.

****

තලවතුගොඩ සංඝමිත්තාරාමය

අලුයම 5.30 විශේෂයෙන් සැකසූ ක්ෂිරපායාස අටවිසි බුද්ධ පූජාව, බෝධි පූජාව සහ ශ්‍රාවිකා පූජාව පෙරවරු 6.00 - 7.00 සීල සමාදානය සහ සම්බුද්ධ පූජාව, 8.00 - 9.00 ධර්ම දේශනාව කළුබෝවිල චිත්ත විවේකාශ්‍රාමාධිපති මහරගම පදුම හිමි, 9.30 - 10.30 ධර්ම දේශනාව ගංගොඩවිල පඤ්ඤෝධාරාමාධිපති මඬිහේ සුගතසිරි හිමි, 10.45 සම්බුද්ධ පූජාව, පස්වරු 12.30 - 01.30 දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව 1.30 - 2.30 භාවනාව 2.30 - 3.30 ධර්ම දේශනාව කුඹුක සිරි වජිරඥාන ධර්ම නිකේතනාධිපති ගල්කිස්සේ සෝමානන්ද හිමි, 4.00 - 5.00 ධර්ම දේශනාව - ගොතටුව චන්දන විහාරාධිපති හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 6.00 මල්, ගිලන්පස සහිත අටවිසි බුද්ධ පූජාව සහ අසූමහා ශ්‍රාවිකා පූජාව. පොහෝ දින බුදුසරණ පුවත්පත සිල් පිරිසට බෙදා දීමට දායකත්වය දරනුයේ සුනීතා පීරිස් මහත්මිය විසිනි.

****

හම්බන්තොට සිංහගිරි විහාරය

උදේ 7.00 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව - විතාරන්දෙණියේ වජිර හිමි, 8.00 ධර්ම දේශනාව ගලිගමුවේ සුමන හිමි, 9.00 භාවනාව - මාමඩලේ මුදිත හිමි, 10.00 බුදු ගුණ කවි - ගායනා හම්බන්තොට සමාධි හිමි, 11.00 බුද්ධ පූජාව - හීන්බුන්නේ නාගිත හිමි, දහවල් 1.00 ධර්ම සාකච්ඡාව, විජේදාස මයා, 2.00 දහම් හමුව - ප්‍රේම් කොඩිතුවක්කු මයා, 3.00 ජාතක කතාව - සූරියවැවේ රතන සිරි හිමි - 5.00 කවි බණ - ඕපනායක සුජාත හිමි, 6.00 බෝධි පූජාව - නුගේකන්දේ මංගල හිමි, 7.00 සෙත් පිරිත් දේශනාව - විතාරන්දෙණියේ වජිර හිමි.

බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]