[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මූලස්ථානය බලපිටිය මහා කප්පින වලව්ව මහා විහාරය

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් පාර්ශ්ව විසි දෙක අතුරින් වැඩිම විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් අයත් වන නිකාය සේ ම මිගෙට්ටුවත්තේ ගුණානන්ද මාහිමි, වස්කඩුවේ සුභුති නාහිමි, කොස්ගොඩ ධම්මවංස මහ නාහිමි වැනි සම්භාවනීය මහා යතීන්ද්‍රයන් වහන්සේ අයත් වූ සිරි සද්ධම්මවංස මහා නිකයේ මූලස්ථානය වන මහා කප්පින වලව්ව විහාරය ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවෙහි පිහිටා තිබේ. දහනව වැනි සියවස මුල් භාගයේ දී උපසම්පදාව ලබා ගැනීම පිණිස බුරුමයට ගිය භික්ෂූන් වහන්සේ කණ්ඩායම් පහ අතුරෙන් දඩල්ලේ රාජපක්ෂ වලව්වේ විසූ අදිරියන් ද ආබ්‍රේව් රාජපක්ෂ මුදලිතුමන්ගේ කැපකරු දායකත්වය ලද කපුගම ධම්මක්ඛන්ධ මහා නාහිමියන් සහ තත් ශිෂ්‍ය බෝපාගොඩ සිරි සුමන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බුරුමයේ දී උපසම්පදාව ලබා ලක්දිව වැඩම කොට උපසම්පදා කටයුතු ඇරඹූහ. බෝපාගොඩ සිරිසුමන මහ නාහිමියන්ගේ ශිෂ්‍ය වූ පාණ්ඩිත්‍යයෙන් සහ කීර්තියෙන් ඉහළ ස්ථානයක වැඩ සිටි ලංකාගොඩ ධීරානන්ද මාහිමිපාණන් වහන්සේ අමරපුර නිකායික උපසම්පදා කටයුතු සිදු වූ බලපිටිමෝදර උදකුක්ඛේප සීමාව සංකර යැයි පැවසීම නිසා සීමාසංකරවාදය නමින් ධර්ම ශාස්ත්‍රීය වාදයක් ඇති විය. එහි ප්‍රතිඵල වශයෙන් අමරපුර සමාගම නමින් මුල් පිරිස්වලින් වෙන් වූ නව නිකායක් ආරම්භ විය. සුධර්මා නමින් දස වර්ගික කාරක සංඝසභාවක් පිහිටුවා එහි සභාපති පදවියට ලංකාගොඩ හිමියෝ පත් වූහ. වර්ෂ 1871 දී ලංකාගොඩ ධීරානන්ද හිමියන් අපවත් වූ පසු අමරපුර සද්ධම්මවංස නිකාය වශයෙන් නම් ලද නව නිකායෙහි ප්‍රථම මහා නායක පදවිය කරපුටුගල ධම්මදින්න මාහිමියන් වෙත පුද දුනි. රන්දොඹේ ධම්මාලංකාර මහ නාහිමියන් දවස වර්ෂ 1878 දී බලපිටිය මහා කප්පින වලව්වේ විසූ කළුහත් සැම්සන් ද ආබ්‍රෙව් විජයගුණරත්න රාජපක්ෂ වාසලමුදලිතුමා සිරි සද්ධම්මවංස නිකායේ ප්‍රධාන කප්පියකාරක ධුරයට පත්ව වලව්වට යාබදව ගලාබසින මාදු නදිය ආශ්‍රිතව ශ්වේජින් නමින් උදකුක්ඛේප සීමාවක් තනවා බුරුමයේ ශ්වේජින් නිකායික ජාගර මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා පුණ්‍යෙීත්සවයක් පවත්වා සාමණේර හිමිවරුන් විසි අට නමක් උපසම්පදා කරවීය.


බක් පුර පසළොස්වක

අප්‍රේල් 16 සෙනසුරාදා පූර්වභාග 02.25 පුර පසළොස්වක ලබා 17 ඉරිදා පූර්වභාග 00.24 ගෙවේ.
16 සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අපේ‍්‍රල් 16

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 23

Full Moonඅමාවක

අපේ‍්‍රල් 30

First Quarterපුර අටවක

මැයි 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]