එකපිට එක දුක් කරදර
පෙර කළ කර්ම
විපාක ම ද?
ඌවේ සියම් මහා නිකායේ මහා ලේඛකාධිකාරි,
වැලිමඩ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති,
කැප්පෙටිපොල, පාලුගම, ශී‍්‍ර සුභද්‍රාරාම මහා විහාරාධිපති,
ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
විල්ඔය පඤ්ඤාතිලක හිමි
දැඩි ආර්ථික දුෂ්කරතා, ජීවන ගැටලු පෙර කළ කර්ම නිසාම ඇතිවන බව මිනිස්සු හිතති. මා
නම් හිතන්නේ මේක අපේ කරුමය කෙනෙක් ප්‍රකාශ කරති. අනේ මේ කර්මයෙන් නිදහස් වෙනනේ කවදා
ද? තවත් කෙනෙක් සුසුම්ලති.
මෙය කර්ම සංකල්පය වරදවා යොදා ගැනීමකි. උග්‍ර කර්ම සංකල්පය දැක් වූ නිගණ්ඨ නාථ
පුත්තයන්ට අනුව නම් මෙය කර්මයකි. එනමුත් බුදු දහම සියල්ල කර්මයෙන් සිදු වේ යැයි
කිසි විට නොකියයි.
පුද්ගලයා සම්බන්ධ ව, යම් යම් සිද්ධි, දේවල් සම්බන්ධ ව පවතින බලවේග අතර එක් බල
වේගයක් පමණයි කර්මය. එවැනි ශක්ති පහක් වෙයි. ඒ නියාම ධර්ම වෙයි. ඍතු, බීජ,
කර්ම,ධර්ම, චිත්ත යනු මෙම නියාම ධර්මයි. මෙම නියාම ධර්ම අතර එක් ශක්තියක් පමණක්
කර්මය වෙයි.
ඍතු නියාමය යනු කාලගුණය, දේශගුණය ආදී ඍතුවල බලපෑමයි. සමකාසන්න රටවල මිනිසුන් කාල
වර්ණ වූයේත්, සමකයෙන් දුරස් මිනිසුන් ධවල වර්ණ වූයේත් කර්මය නිසා නොව සූර්යයාගේ
බලපෑම හේතුවෙනි. වැපුරූ බීජයට අනුව එහි ඵල හට ගැනීම කර්මය නොව බීජ නියාමයයි. හිරු
උදාවීම, බැස යෑම, වර්ෂාව වැසීම, සුළං හැමී ම, ජලය පහළට ගලා යාම කර්ම නොවෙයි. එය
ධර්මතාවයි. තරහක් වූ විට මුහුණ රෞද්‍රවීම, සතුටක දී මුහුණ පි‍්‍රය මනාප වීම කර්මය
නොවෙයි. එය චිත්ත නියාමය යි. මේ අනුව ගත් විට කර්මය යනු පුද්ගලයාට බලපාන සාධක
පහකින් එකකි. ඒ අනුව කිව හැක්කේ සියල්ල සිදු වන්නේ කර්මයෙන් නොවන බවයි.
කර්මය වෙනස් වෙයි. කර්මය වෙනස් කර ගත හැකි ය. ඒ ගති, කාල, උපධි, හා පයෝග යන සාධක
පදනම් කර ගෙනයි.
ගති යනු අප ප්‍රතිසන්ධිය ලබන තැනයි. සුගති, දුගති වශයෙන් එය හඳුන්වයි. මේ උපන්
ස්ථානයෙහි පවතින සම්පත්ති, විපත්ති අනුව කර්මය වෙනස් වෙයි. තිරිසන් ලොව යනු
දුගතියකි. එවන් දුගතියක උපත ලබන සුනඛයකු ධනවතකුගේ නිවසෙහි වෙසෙන විට ප්‍රණීත ආහාර
මෙන් ම තවත් සැප පහසුකම් ලැබෙයි.එය ගති සම්පත්තියක් වන අතර, මිනිස් ලොව සුගතියකි.
එහි දුප්පත් ව ඉපදී දුක් විඳියි. එය ගති විපත්තියකි. දුගී බවින් උපදින්නේ පව් කළ
බැවිනි. දන් නුදුන් බැවිනි. එසේවුවත් ආහාර පාන ඇති සශී‍්‍රක කාල වකවානුවක සශී‍්‍රක
රටක උපත ලබා ඇත්නම් ඔහුට ආහාරපාන,ඇඳුම් පැළඳුම්වල අඩුවක් ඇති නොවෙයි. ඒ කාල
සම්පත්තියයි.
ධනවත්ව උපදින්නේ දන් දුන් පිනෙනි. එවන් අයකු දුර්භික්ෂ කාලවකවානුවක ඉපිද සිටී නම්,
ඔහුට ද ආහාර සොයා පෝලිම්වල සිටින්නට සිදු වෙයි. එසේ වන්නේ කාල විපත්තිය පදනම් කර
ගෙනයි.
උපධි යනු රූප සෝබාව හෙවත් පෞරුෂයයි. දුප්පත් පවුලක උපදින්නේ කර්මය පදනම් කොට ගෙනයි.
එහෙත් එම උපත රූමත් වෙයි.
ගැහැනියක නම් ඇගේ රූමත් බව නිසා ධනවතකු හා විවාහ දිවියට යා හැකි ය. පිරිමියකු නම් ඒ
රූමත් බවින් යම් යම් නායකත්වයනට පත් විය හැක. මෙය කර්මය නොවෙයි. රූමත් බව නිසා
වූවකි. මෙය උපධි සම්පත්තියකි.
උපධි විපත්ති ද වෙයි. ධනවත් පවුලක උපදින්නේ පින් කළ බැවිනි. එහෙත් රූමත් බවින් තොරව
උපදියි. පෞරුෂයකින් තොරව උපදියි. ඒ කරණ කොට ගෙන ඔහුට ඒ ධනයෙන් සැප විඳිය නොහැක.
කර්මය වෙනස් වන අනෙක් සාධකය නම්, පයෝගය යි. පයෝග යනු විශේෂ උපක්‍රමශීලි බවයි.
නැතහොත් බුද්ධිමත් භාවයයි. බුද්ධිමත් ව කටයුතු කළොත් කර්මය වෙනස් කර ගත හැකි ය.
චුල්ලන්තේවාසික දුප්පතෙකි. ඔහු මඟ යන විට සිටුවරයකු මී කුණක් පෙන්වා හැදෙන අයකුට මේ
මී කුණත් ප්‍රමාණවත් බව දක්වයි.
මෙය අසන චුල්ලන්තේවාසික එය අතට ගෙන රැගෙන යයි. එදින පොහෝ දවසකි. මස් කඩ වසා ඇති
බැවින් මස් නැත. සිටුවරයකුගේ නිවසෙහි වූ බළලකු සඳහා ඒ මිකුණ විකුණයි. එයින් මුදලක්
ලබයි. එයින් වනයෙහි මල් නෙළන අයට ජලය සපයයි. ඔවුන් ඊට සරිලන මල් මිට මිට දෙයි. එය
විකුණා මුදල් ලබයි. කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩා කරන දරුවන්ට හකුරු හා ජලය ලබා දෙයි.
දිනක් සුළඟක් සමඟ වැස්සක් පැමිණ රාජ උද්‍යානයෙහි ගස්කොළන් කැඩිණි. මුදල් ගෙවන බවත්,
රාජ උද්‍යානය පිරිසුදු කර දෙන ලෙසත් රජු දැන් වූ විට එය බාරගෙන කී‍්‍රඩාංගණයෙහි වූ
දරුවන් කැඳවා රාජ උද්‍යානය පිරිසුදු කොට දැව දඬු හා දර උද්‍යානය ඉදිරිපිටදී ම
විකුණා රජු ගෙවන මුදලත්,දර විකුණා ලබන මුදලත්, කුඹල්කරුවකුට දර විකුණු නිසා වළං
ටිකකුත් ලැබී ය.
අනතුරුව එය ද මිල කර තණ කොළ කපන්නන්ට හකුරු හා ජලය ලබා දෙන ලදී. ඔවුන් ඊට
හිලව්වන්නට තණ කොළ මිටිය බැගින් දෙයි. එය විකුණා මුදල් ලබයි. නැව් තොටට අශ්වයින්
පන්සියයකගේ නැවක් එන බව ආරංචිය ලැබ තණ කොළ විකුණන යහලුවන්ට එදින තණ කොළ නොවිකුණන
ලෙස ඉල්ලීමක් කොට භාණ්ඩ හිඟයක් ඇති කර තමන්ගේ තණ කොළ වැඩි මිලට අස්ව වෙළෙඳුන්ට
විකුණයි. එයින් ලාභ ලබයි.
භාණ්ඩ නැවැක් එන බව ආරංචි වෙයි. මොහු අත්තිකාරම් මුදලක් ගෙවා භාණ්ඩ නැවම මිලට
ගනියි. එහි දී ම භාණ්ඩ සොයා එන වෙළෙඳුන්ට ලාභයක් ගෙන භාණ්ඩ විකුණයි.
මේ ක්‍රමයෙන් ඔහු සිටුවරයකු වූයේ බුද්ධිමත් ව කටයුතු කිරීම නිසයි. මෙය පයෝග
සම්පත්තිය විනා කර්මය නොවෙයි.
බිල් ග්‍රේස්ට් නම් ධන කුවේරයකු කියන්නේ කුමක් හෝ වරදක් නිසා අප මේ ලොව දුප්පත්ව
ඉපදිය හැක.
එහෙත් අපට දුප්පත්ව මරණයට පත් විය නොහැකි බවයි. ඔහු විභාග අසමත් වූ බවත්, යහලුවා
විභාග සමත් වූ බවත් ඔහු ඉංජිනේරුවකු වූ අතර ඔහු අද තමන් යටතේ තමන්ගේ කර්මාන්ත
ශාලාවෙහි ප්‍රධාන ඉංජිනේරුවරයා වශයෙන් කටයුතු කරන බවත් ඔහු දක්වයි.
මෙය කර්මය නොවෙයි. පයෝග සම්පත්තියයි. පයෝග විපත්තියත් එලෙසම වෙයි. මහා ධන සිටුවරයා
මවිපිය උරුමයෙන් අසූ කෝටියක ධනය උරුම කොට ගෙන සිටියි. තවත් අසූ කෝටියක ධනය හිමි
සිටු දියණියක් හා විවාහ විය. ඔවුන්ට තම ධනය වැඩි කර ගන්නට බුද්ධියක් නොවීය.
තිබුණ ධනය පරිහරණය කරන්නට විය. එය නිසි කළමණාකරණයකින් නොවෙයි. සිටු නිවස තුළ සෑම
දිනකම මත්පැන් සාද පවත්වමින්, සංගීත සාද පවත්වමින් විශාල පිරිසකට ආහාර පාන සපයමින්
විනෝද විය.
ඔහු නොදැනුවත්ව ම ඔහු ගේ අසූ කෝටියක් ධනය හිස් විය. බිරිඳගේ අසූ කෝටියක් ධනය වියදම්
විය. කිසි ධනයකට අයිති නැති ඔවුහු මහමඟට වැටුණහ. මෙම පයෝග විපත්තිය, බුද්ධිමත්
නොවීම, නිසි කළමනාකරණයක් නොවීම නිසා සිදු වූවක් මිස කර්මය නොවෙයි. |