ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ උඳුවප් පුර අටවක පෝදා 2021 දෙසැම්බර් 11 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ධර්මායතන විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සේයාරුව - සුදත් මලවීර
දෙසැම්බර් 10 සිකුරාදා අපරභාග 19.09 අමාවක ලබා 11 සෙනසුරාදා අපරභාග 19.13 ගෙවේ. සෙනසුරාදා සිල්.
පුර අටවක
දෙසැම්බර් 11
පසළොස්වක
දෙසැම්බර් 18
අව අටවක
දෙසැම්බර් 27
අමාවක
ජනවාරි 02
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දොළොස් දෙනෙකුගෙන් යුත් විධායක සභාවට මොනරාගල තැරෑල පුරාණ රජ මහා විහාරාධිපති ශ්‍රී විජයවර්ධන පිරිවෙනේ පරිවේණාධිපති කන්දඋඩපංගුවේ සුගතානන්ද හිමි පත්වී ඇත. මොනරාගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය හොබවන සුගතානන්ද ස්වාමීන් වහන්සේ බිබිල සහ මොනරාගල අධ්‍යාපන කලාපයන්හි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක (පිරිවෙන්)ලෙස සේවය කරති.
අනුපුබ්බේන මේධාවි ථොක ථොකං ඛණෙ ඛණෙ - කම්මාරො රජතස්සේව- නිද්ධමේ මලමත්තනො, ධම්මපද පාලියේ මල වග්ගයේ එන මෙම ගාථාවෙන් අනුක්‍රමයෙන් අපගේ සිත පිරිසුදු කර ගන්නා අකාරය පැහැදිලි කරනවා. බුද්ධ දේශනාවේ මූලික අරමුණ චිත්ත පරිශුද්ධත්වය ඇති කර ගෙන චිත්ත විමුක්තිය සාක්ෂාත් කිරීමයි. අපගේ සිත අනාදිමත් කාලයක සිට විවිධ හේතු කාරණා අනුව අපිරිසුදු බවට පත්වෙලා තිබෙනවා. නිතර නිතර ඉන්ද්‍රියයන්ට ගෝචර වන විවිධ අරමුණු නුවණින් තොරව මෙනෙහි කිරීම නිසා කෙලෙස් සිතිවිලි වර්ධනය වෙනවා. ඒවා අපගේ සන්තානයෙන් ඉවත් කිරීම අප හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒ සඳහා දීර්ඝ කාලීන පුහුණුවක් අවශ්‍ය කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කර තිබෙනවා. ඒ අනුව කෙනකු තමන්ගේ සන්තානයේ පවතින කෙලෙස් ධර්ම ක්‍රමයෙන් ඉවත් කළ යුතු වෙනවා. රන් කරුවකු රන්වල තිබෙන විවිධ අපිරිසුදු දෑ රත් කිරීමෙන් හෝ සෝදා ඉවත් කිරීමෙන් හෝ බැහැර කරනවා මෙන් අපත් අපගේ සිත තුළ එක් රැස් වී තිබෙන කෙලෙස් මළ ක්‍රමයෙන් ඉවත් කළ යුතු වෙනවා. අනාදිමත් කාලයක සිට කිළිටි වී තිබෙන සිතෙහි පිරිසුදුකම ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පළමු පියවර ඉන්ද්‍රිය සංවරය යි. අපගේ ඉන්ද්‍රියයන් හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යන අරමුණු ගෝචර වෙනවා. ඒවා පිළිබඳ අප ගොඩනඟන ආකල්ප හා අදහස් අනුව ඒවායේ බලපෑම තීරණය වෙනවා. යම් රූපයක් ඇසට ගෝචර වූ සැණින් අපගේ සිතත් එයට සම්බන්ධ වෙනවා. අප ඒ පිළිබඳ නුවණින් තොරව කටයුතු කළ හොත් කෙලෙස් සිතිවිලි පරම්පරාව ක්‍රමයෙන් වර්ධනය වෙනවා. අපට නොදැනීම වර්ධනය වන මෙම විවිධ කෙලෙස් සිතිවිලි අපගේ සන්තානය තුළ තදින් බැසගෙන ස්ථාවර වෙනවා. මේ නිසා සිතේ පවතින ප්‍රභාස්වර ගතිය, පිරිසුදු ස්වභාවය ක්‍රමයෙන් කිළිටි වී එම කිලිටි සිතිවිලිවල බලපෑම නිසා අප කයින්, වචනයෙන් අයහපත් දෑ සිදු කරනවා.
බෞද්ධ ආගමික සංස්කෘතියක් ඇති පරිසරයක හැදී වැඩෙන අපේ රටේ සෑම අයකුම කුඩා කල සිට සංයමයට පුරුදු වූ ජාතියකි. ආදරය, සෙනෙහස, දයාව, අනුකම්පාව, අන් අයට ගරු කිරීම වැඩිහිටි අයට ගරු කිරීම ආගමික චාරිත්‍ර ආදී ආගමික ගුණ ධර්ම හා සාමාජික ගුණ ධර්ම අපේ සංස්කෘතිය විසින් කුඩා කාලයේ ම ලබා දීම සිදු වන්නේ නිරායාසයෙනි. දරුවන් වැඩිහිටියන් යටතේ සිටින යෞවනයන් බවට පත්වන්නේ නිසි කල වයස එළඹීමටත් පෙර ය. නූතන තාක්‍ෂණික ලෝකයට ළමයින් විවෘත වීමත් සමඟ ඔවුන් මව්පියන්ට වඩා ලෝකය පිළිබඳ සියල්ල දන්නා බව සිතමින් කටයුතු ආරම්භ කිරීම එයට හේතුව බව සමාජය දෙස විමසීමෙන් පැහැදිලි වේ. ඒ සිතිවිල්ල අනුව කටයුතු කිරීමත් සමඟ යෞවන වියට පත්වන්නාහට අමතක වන කාරණය නම් අපේ හෙළ සංස්කෘතිය යි. මුල්ම සමාජගත වීමේ දී අනෙක් අයගේ අවධානය පිණිස සෑම විටම කටයුතු කිරීමට උත්සාහ කරයි. කාන්තාවන් පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරෝත්තු වන හෙයින් ඔවුන්ගේ සංවර භාවය කෙතරම් ප්‍රයෝජන ද යන්න විමසා බලමු. කාන්තාවකගේ ලස්සන රූපයෙන් පමණක් ලැබෙන දෙයක් නොව එය හදවතේ ඇති ගුණ ධර්ම සමඟ බැඳී පවතින්නකි. සැබෑම සුන්දරත්වය කාන්තාවගේ සංවරශීලී බව සමඟ මතුවී පෙනෙන්නකි. ජීවිතයේ කුමන වයසක සිටියත් ඔබට හිමි සමාජ භූමිකාවක් ඇත. සිසු, යෞවන, බිරිඳ, මව, අත්තම්මා යන කුමන හෝ භූමිකාවක ඔබ මේ වන විට පසුවනවා ඇත. මෙම භූමිකාවලදී ඔබ හැසිරිය යුතු ආකාරයක් අපේ සංසකෘතිය තුළ පෙන්වා දී ඇත. මේ උඳුවප් මාසය යි. මෙම මාසය මෙරටට බෞද්ධ සංස්කෘතික දායාදයන් ලැබුණු හෙළයේ ශ්‍රේෂ්ඨතම කාලය යි. අප අපේ සුන්දර බව මෙන් ම අපේ අභිමානය රැක ගනිමින් නූතන ලෝකය සමග ගනු දෙනු කිරීමට සාවධානය යොමු කළ යුතු ය. අවවාදයට වඩා ආදර්ශය උතුම් යන ආප්තෝපදේශයට අනුව අප සෑම විටම අපේ භූමිකාවට අදාළව කටයුතු කිරීමට දක්ෂ විය යුතු ය.
කේන්තිය හෙවත් තරහව නම් මනෝභාවය පාලනය කර ගැනීම සඳහා බුදු දහමේ එන ඉගැන්වීම් අතර වැගත් සංකල්පයකි අනාත්මවාදය. මම ය, මාගේ ය, මට අයිතිය යන හැඟීම සරලව ආත්මවාදය ලෙස විග්‍රහ කළ හැකි ය. අනාත්මවාදය යනු එහි අනෙක් පැත්තයි. එනම් තමාට තමාගේ ශරීරයවත් අවශ්‍ය ලෙස සැමදා පවත්වා ගත හැකි නොවන බැවින් අනෙක් සියල්ල ද එසේම බව සිහියට නඟා ගැනීමයි. එකී අනාත්මවාදය වටහා ගැනීම දුෂ්කර වුව ද එය සරලව වුව ද වටහා ගැනීමෙන් කේන්තිය මැනවින් කළමණාකරණය කරගත හැකි ය. විවිධ පුද්ගලයන් සමඟ විවිධ අවස්ථාවන්හි දී ඔබට අන්තර් ක්‍රියා කිරීමට සිදුවේ. ඉවසීම අතිශයින් වැදගත් වේ. ක්ෂාන්ති නමින් හඳුන්වන ඉවසීම බුදුවීම සඳහා බෝසතාණන් වහන්සේ පිරූ පාරමිතාවකි. බැණ වැදීම්, ගැරහීම්, කෝපවීම් ඔබට ඉවසීම පුහුණු කිරීම සඳහා ලැබූ අවස්ථා සේ සැලකිය යුතු ය. ඒ අනුව කෙසේ ඉවසීම ප්‍රගුණ කළ යුතු ද යන්න මජ්ක්‍ධිම නිකායාගත කකචූපම සූත්‍රයෙහි කියතක් උපමාවට ගනිමින් මනාව පැහැදිලි කරයි. ඒ අනුව “මෙත්තචිත්ත වා භික්ඛවෙ පරෙ වදමානා, වදෙය්‍යුං දොසන්තරාවා. තත්‍රාපි වො භික්ඛවෙ එවං සික්ඛිතබ්බං න චෙව නොචිත්තං විපරිණතං භවිස්සති. නච පාපිකං වාචං තිච්ඡාරෙස්සාම. හිතානුකම්පීච විහරිස්සාම ...” යනුවෙන් කියතකින් තම ශරීරාවයව සිඳින අයකුට වුව ද තම ඉවසීම තිබිය යුතු බැව් එහිදී විස්තර කරයි. සියලු සත්ත්වයනට මෛත්‍රී කළ යුතු ය. ලාමක වචන නිකුත් නොකළ යුතු ය. හිතානුකම්පීව මෙත් සිත් ඇතිව විසිය යුතු ය. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතු ය. අප්‍රමාණ වූ වෛර නැති, ද්වේෂ නැති සිතින් විසිය යුතු ය. මෙය කේන්තිය පාලනය සඳහා ක්‍රමෝපායක් ලෙස දැක්විය හැකි ය.
දෙල්මෑල්ලේ සුමනරතන හිමියන්ගේ ජන්ම දිනයට පින්කම්
මනුසත් පදනමෙන් ප්‍රදානයක්
පොත් විත්ති: පින සහ කුසලය දෙකක් ද? එකක් ද?
පැවිදි බිමට
ලේ දන් දීමේ පින්කමක්
ඉතිරිය»
පින් සිතිවිලි ක්‍රියාවට නැඟීම පමා කරන තරමට විපාක ද හීන වෙනවා
ඔබ සොයන ප්‍රේමය
කෝපය දැනෙන මොහොතේ ම සිත වෙනත් අරමුණකට යොමු කරන්න
ජීවිතයේ ලස්සන අවලස්සන කරන මලකඩ ගැන දන්නවා ද?
සුළු මොහොතක් වුව ද සිල් රැකීමේ අනුසස් දෙව්ලොව ඉපදෙන්න තරම් බලවත්
ප්‍රාචීන අධ්‍යාපනයට යොමුවන පිරිස අඩුයි
86 වැනි වියට පා තබන වේරහැර අරියවංශ නාහිමියෝ
කටුකෙන්දේ විජිත හිමි
වෙහෙර බිමක පින් මහිමය
දුටුගැමුණු මහ රජතුමා: 53 කොටස: දුටුගැමුණු රජතුමා නැවතත් සටනට එන බව සැල වේ
සදහම් අරණ
පහන් සිතක කවි
වාද්දුව සඟ පරපුරේ මූලස්ථානය පානදුර ගොරකාන කන්දේ විහාරය
© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]