කෝපය දැනෙන මොහොතේ ම සිත වෙනත් අරමුණකට යොමු කරන්න
පැල්මඩුල්ල
ඓතිහාසික ශ්‍රී සුදර්ශන ධර්මශාලා පුරාණ විහාර භාරකාර
අධ්‍යාපනවේදී
ගලගම කුසලධම්ම
කේන්තිය හෙවත් තරහව නම් මනෝභාවය පාලනය කර ගැනීම සඳහා බුදු දහමේ එන ඉගැන්වීම් අතර
වැගත් සංකල්පයකි අනාත්මවාදය. මම ය, මාගේ ය, මට අයිතිය යන හැඟීම සරලව ආත්මවාදය ලෙස
විග්‍රහ කළ හැකි ය.
අනාත්මවාදය යනු එහි අනෙක් පැත්තයි. එනම් තමාට තමාගේ ශරීරයවත් අවශ්‍ය ලෙස සැමදා
පවත්වා ගත හැකි නොවන බැවින් අනෙක් සියල්ල ද එසේම බව සිහියට නඟා ගැනීමයි. එකී
අනාත්මවාදය වටහා ගැනීම දුෂ්කර වුව ද එය සරලව වුව ද වටහා ගැනීමෙන් කේන්තිය මැනවින්
කළමණාකරණය කරගත හැකි ය.
විවිධ පුද්ගලයන් සමඟ විවිධ අවස්ථාවන්හි දී ඔබට අන්තර් ක්‍රියා කිරීමට සිදුවේ. ඉවසීම
අතිශයින් වැදගත් වේ. ක්ෂාන්ති නමින් හඳුන්වන ඉවසීම බුදුවීම සඳහා බෝසතාණන් වහන්සේ
පිරූ පාරමිතාවකි. බැණ වැදීම්, ගැරහීම්, කෝපවීම් ඔබට ඉවසීම පුහුණු කිරීම සඳහා ලැබූ
අවස්ථා සේ සැලකිය යුතු ය.
ඒ අනුව කෙසේ ඉවසීම ප්‍රගුණ කළ යුතු ද යන්න මජ්ක්‍ධිම නිකායාගත කකචූපම සූත්‍රයෙහි
කියතක් උපමාවට ගනිමින් මනාව පැහැදිලි කරයි. ඒ අනුව “මෙත්තචිත්ත වා භික්ඛවෙ පරෙ
වදමානා, වදෙය්‍යුං දොසන්තරාවා. තත්‍රාපි වො භික්ඛවෙ එවං සික්ඛිතබ්බං න චෙව නොචිත්තං
විපරිණතං භවිස්සති. නච පාපිකං වාචං තිච්ඡාරෙස්සාම. හිතානුකම්පීච විහරිස්සාම ...”
යනුවෙන් කියතකින් තම ශරීරාවයව සිඳින අයකුට වුව ද තම ඉවසීම තිබිය යුතු බැව් එහිදී
විස්තර කරයි.
සියලු සත්ත්වයනට මෛත්‍රී කළ යුතු ය. ලාමක වචන නිකුත් නොකළ යුතු ය. හිතානුකම්පීව
මෙත් සිත් ඇතිව විසිය යුතු ය. ඒ පුද්ගලයා කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතු ය.
අප්‍රමාණ වූ වෛර නැති, ද්වේෂ නැති සිතින් විසිය යුතු ය. මෙය කේන්තිය පාලනය සඳහා
ක්‍රමෝපායක් ලෙස දැක්විය හැකි ය.
මෙම සුත්‍ර දේශනාව ලෞකික ජීවිතයේ කුමන ගැටලුකාරී තත්ත්වයක දී වුව ද තරහව පාලනය සඳහා
අතිශය වැදගත් උපදේශනයකි.
බුදුන් වහන්සේ කේන්තිය පාලනය කර ගැනීම සඳහා දේශිත ක්‍රමවේදයක් මජ්ක්‍ධිම නිකායාගත
විතක්ක සණ්ඨාන සූත්‍රයෙහි දැක්වේ. එහි සෘණාත්මක චිත්තවේග කළමනාකරණය කිරීමේ පියවර
පහක් දැක්වේ. එනම්,
යම් අකුසල චිත්තවේගයක් පහළවන විට ඒ බව දැනගෙන හිතාමතා ම වෙනත් අකුසල සහගත
චිත්තවේගයක් අරමුණු කරගත යුතු ය. (අඤ්ඤ නිමිත්ත)
තවදුරටත් බාධාකාරී අකුසල චිත්තවේග පහළ වේ නම් එවිට එම අකුසල චිත්තවේගයෙහි ආදීනව
මෙනෙහි කළ යුතු ය.
ආදිනව මෙනෙහි කළත් තවදුරටත් එම අකුසල චිත්තවේගය පහළ වේ නම් ඒ පිළිබඳ සිහිකිරීමෙන්
වැළකී සිටිය යුතුය. අවධානය යොමු නොකර සිටිය යුතු ය. (අසති අමනසිකාර නිමිත්ත)
එසේ සිහි නොකර සිටින විටත් නැවත නැවත දැඩි සේ ඉස්මතු වේ නම් එම චිත්තවේගය හටගත්තේ
කෙසේදැයි සිතා සොයා එහි මූලය විශ්ලේෂණය කොට හඳුනාගත යුතු ය. (විතක්ක මූලභේද
නිමිත්ත)
එසේ පහළ වූ ආකාරය විශ්ලේෂණය කරන විටත් අකුසල චිත්තවේගය දුරුව නොයා නම්, තව තවත් පහළ
වේ නම් එවිට දතින් දත තද කොට, දිවෙන් තල්ල පෙලා තද කරමින් දැඩි වීර්යයෙන් යුතුව
දුරු කළ යුතුය. (අභිනිග්ගහණ නිමිත්ත)
මේ අනුව සරල ක්‍රෝධ සිතිවිල්ලක සිට ඉතා දැඩි සිතිවිල්ලක් දක්වා ක්‍රමයෙන් තරහව
පාලනය කිරීම සඳහා ක්‍රමවේද රාශියක් එම සූත්‍ර දේශනාව තුළ පෙන්වා දෙයි. සාමාන්‍ය
ක්‍රෝධ සිතිවිල්ලක් නම්, අඤ්ඤ නිමිත්ත හෙවත් හිත වෙන අරමුණකට යොමු කිරීමේ සිට
ශරීරයට වේදනාවක් ලබා දී දැඩි ක්‍රෝධ සිතුවිලි යටපත් කිරීම හෙවත් අභිනිග්ගහණ නිමිත්ත
දක්වා විවිධ මට්ටම්වල තරහ චිත්තවේගයන්ට පිළිතුරු දීමේ දී අනුගමනය කළ යුතු
ප්‍රතිවිරුද්ධ චිත්තවේගය හෝ ක්‍රියාමාර්ගය හඳුනාගත හැකි ය. එකී ක්‍රියා මාර්ග
අනුගමනය කිරීම මඟින් දූෂ්‍ය වචන හුවමාරුවක සිට මනුෂ්‍ය ඝාතන දක්වා හේතු වන තරහ
සිතුවිලි යටපත් කර ගැනීමට හැකියාව ලැබේ. |