[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

තෙමඟුල සමරමින් බුදු පුදට එක් වන අසිරිමත් වෙසක් පෝදා

වෙසක් පුර පසළොස්වක පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනය යි. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අසිරිමත් තෙමඟුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත් පුරයට වැඩමවීම, තෙවැනි වරටත් බුදුරදුන් ලක්දිවට වැඩමවීම, සමනොළ සිරිපා සටහන පිහිටුවීම, ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවෝ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර හතළිහකට පසු උපතින් එකසිය විසි වැනි වියේ දී පිරිනිවන් පෑම, විජය කුමරු ප්‍රමුඛ පිරිවර ලක්දිවට සැපත්වීම, ධර්මාශෝක අධිරාජයා ගේ ඇරයුමෙන් දේවානම්පියතිස්ස රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ඇරඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධ ව අනුස්මරණය කෙරෙන ඓතිහාසික සිදුවීම් ය. මෙසේ බුද්ධ චරිතය, ශාසන ඉතිහාසය සේ ම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේ දී ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි. දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණ ලැබූ තැන් පටන් අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ දස පාරමිතා පුරමින් වෙස්සන්තර ආත්ම භාවයේ දී දෙව්ලොව උපන්හ. එයින් පසු තුසිත දෙව්ලොව සන්තුසිත නම් දෙව්රජව උපන්හ. එහි සිටි සියලු දිව්‍ය බ්‍රහ්මයෝ එකතුව බුදුවීම සඳහා මිනිස් ලොව පහළ වන මෙන් මෙසේ ආරාධනා කළහ.

වසර 2328ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 268ක් සපිරුණු
මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ උපසම්පදාව හා ශාසනික සංවර්ධනය

වර්තමාන සම්බුද්ධ ශාසනයෙහි මූලස්ථානය වන මහනුවර මල්වතු මහා විහාරයේ හා අස්ගිරි මහා විහාරයෙහි වාර්ෂිකව පවත්වනු ලබන සම්බුද්ධ ශාසනයේ පවත්නා ශ්‍රේෂ්ඨතම මහා විනය කර්මය වන උපසම්පදා මහා පුණ්‍යෝත්සවය 268 වන වරටත් මහනුවර මල්වතු මහා විහාරයේ දී හා අස්ගිරි මහා විහාරයේ දී 2021 වෙසක් පුර පසළොස්වක් පොහෝදින පටන් ගෙන ඇසළ පුර පසළොස්වක් පොහෝදින දින තෙක් සිදු කිරීමට මහනුවර මල්වතු අස්ගිරි උභය මහාවිහාරයීය අතිගෞරවාර්හ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභා මඟින් කටයුතු සූදානම් කොට ඇති බව මල්වතු අස්ගිරි උභය මහා විහාර පාර්ශවයන්ට ඇතුළත් මහා සංඝරත්නය ඇතුළු සකල ලෝකවාසී සැදැහැවත් බොදු මහජනතාව වෙත සිහිපත් කරනුයේ අපමණ භක්තිය පෙරදැරිවය. එනමුත් ශ්‍රී ලංකාද්වීපයේ පමණක් නොව මුළුමහත් ලෝකයේම ඇති වූ කොරෝනා නැමති මහා වසංගතය නිසා සකල ලෝක ජනතාවම අපමණ මරණ භියට පත්ව කටයුතු කරණ කාලයක් බවට පත්ව ඇති මොහොතක 2020 හා 2021 වර්ෂවල උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මල්වතු මහා විහාරයේ ද පැවැත්වීමට නොහැකි වන බව ඉමහත් කනගාටුවෙන් සිහිපත් කරන අතර, රටේ රෝග බිය දුරුවීමත් සමග උපසම්පදා පුණ්‍යෝත්සවය පැවැත් වීමට මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අතිගෞරවාර්‍හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව තීරණය කළ බව මෙහිලා සිහිපත් කරමි.

 

උතුම් වෙසක් දිනය පිරිසිදු සිතින් සමරමු

ලෝකයේ බිහි වූ ශාස්තෘවරුන් අතර පුද්ගලයාගේ සිතීමේ නිදහසට මුල් තැන දුන් විශිෂ්ටතමයා වන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ය. සිය දහම පිළිබඳව ඉතාම සංක්ෂිප්තව හා පූර්ණව කරන පැහැදිලි කිරීමේ දී උන්වහන්සේ දේශනා කරන්නේ ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහි‘ යනුවෙනි. එහි තේරුම නම් පරීක්ෂා කර පිළිගන්න යනුවෙනි. එනිසා ම බුදු දහම යනු ප‍‍්‍රඥාවන්තයින් ට වඩාත් ම ගෝචර තමා කළ යුත්ත තමා විසින් ම හඳුනාගෙන යා යුතු ගමන් මාර්ගයකි. බුදුරජාණන් වහන්සේ හැම විටම අගය කළ දෙයකි යහපත් ක‍ි‍්‍රයාව. සිතා මතා කටයුතු කරන, විමසිලිමත්, යහපත් කි‍්‍රයා සිදු කරන්නවුන් බුදු රජාණන් වහන්සේ ඉතා ඉහළින් අගය කළහ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට සල් ගස් දෙකක් අතර පැනවූ ආසනයක වැඩ හිඳීන විට ධම්මාරාම නම් එක් භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ පිරිනිවන් පාන්නට පෙර රහත් වන්නෙමියි භාවනා කරන්නට පටන් ගත්හ. ඒ ඇසූ අනෙක් හිමිවරු බුදුරජාණන් වහන්සේ ට මේ පුවත සැලකළහ. බුදු රජාණන් වහන්සේ ඒ භික්ෂුව කැඳවා සැබෑ දැයි විමසූහ. එය පිළිගත් ධම්මාරාම හිමියන් ට බුදුරජාණන් වහන්සේ මහත් සේ ප‍‍්‍රශංසා කළහ. බුදුරජාණන් වහන්සේ ට සිදු කරන විශාලතම උතුම්ම පූජාව නම් උන්වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයෙහි ගමන් කිරීම බව උන්වහන්සේ සාධුකාර දෙමින් දේශනා කළහ.

 

ධර්ම දේශනාව:

අටලෝදහම් හි නොසැලී සිටින්නට උපේක්ෂා සහගත සිතක් ඇති කර ගන්න

ලාභො අලාභො අයසො යසොච - නින්දා පසංසා ච සුඛං ච දුක්ඛං - එතෙ අනිච්චා මනුජෙසු ධම්මා - අසස්සතා විපරිනාමධම්මා, අද උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය ලංකාවාසී සිංහල බෞද්ධ ජනතාවගේ ජාතික දිනය ලෙස ද සිහිපත් කිරීම වැදගත් ය. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ ලෝකධම්ම සූත්‍රයේ සඳහන් වන මෙම ගාථා පාඨයට අනුව ලාභය, අලාභය, යසස, අයස, නින්දාව, ප්‍රශංසාව, සුඛය, දුක්ඛය යනාදී අනිත්‍ය වූ අශාස්වත වූ මෙම අෂ්ට ලෝක ධර්මයෝ මනුෂ්‍යයන් කෙරෙහි පෙරළෙන ස්වභාව ඇත්තාහ. අෂ්ට ලෝක ධර්ම ලෝකය අනුව පෙරළෙයි. ලෝකය ද අෂ්ට ලෝක ධර්මයන් අනුව පෙරළෙයි. පෘතග්ජනයාට මෙන්ම ආර්ය ශ්‍රාවකයාට ද එක සේ උපදී. එහෙත් පෘතග්ජනයාට වඩා ආර්ය ශ්‍රාවකයා කෙරෙහි වෙනස්ව පවතී. අශ්‍රැතවත් පුහුදුන් මිනිසා කෙරෙහි ලාභයක් උපන් විට ඔහු එය නුවණින් නොදකී. මට ලාභයක් උපන්නේ ය, එය අනිත්‍යය, දුකය, පෙරළෙන ස්වභාව ඇත්තේ යැයි ඇති සැටියෙන් නොදකී. ඔහු දුකක් උපන්නත් එය අනිත්‍යය, දුකය, පෙරළෙන ස්වභාය ඇත්තේය යනුවෙන් ඇති සැටියෙන් නොදකී. ලාභයක් උපන් විට සිත සතුටින් පිරී යයි. අලාභයක් උපන් විට සිත මැඩගෙන සිටියි. යසස, අයස කෙරෙහි ද එසේ ම ය. නින්දාව, ප්‍රශංසාව කෙරෙහි ද සිත මැඩ ගනී. සුඛ දුක්ඛයන් කෙරෙහි ද එසේ ම ය. ලාභයක් උපන් විට ඇලෙයි. අලාභයක් උපන් විට විරෝධයට පත් වෙයි. අටලෝ දහම කෙරෙහි ම එසේ පවතී. එසේ ඇලීම හා විරෝධයට පත් වූ ඔහු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසාදියෙන් ද නොමිදෙයි. දුකෙන් නොමිදෙයි.

 

සුන්දර පිළිවෙතක මධ්‍යම ප්‍රතිපදාව

අවබෝධය අනුක්‍රමයෙන් ප්‍රත්‍යක්ෂයෙන් ම ලැබිය යුත්තකි.  අවබෝධය පිණිස වෑයම් නොකොට විවිධ ක්‍රියාවන් ඔස්සේ දැනුම් සම්භාරයක් සහ තොරතුරු රැස්කරමින් සහ රැස් කරගෙන සිටිති. මෙසේ සඳහන් කරන මම ද මාගේ ආධ්‍යාත්මයෙන් නිවැරදි නිවන් මඟ බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව විමසා බලමින් ඔබට ද එසේ කරන්නට කල්‍යාණ මිත්‍ර සම්පත්තියෙන් යුතුව ආරාධනා කරමි. කායික සහ මානසික ලෙස බොහෝ දුක් දෙමින් විමුක්තිය සොයන අත්තකිලමථානු යෝගය ද, බොහෝ ලෙස ඉන්ද්‍රියයන් පිනවමින් විමුක්තිය සොයන කාම සුඛල්ලිකානු යෝගය ද භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලදහ. “හීන, ග්‍රාම්‍ය, පෘථග්ජනයන් විසින් සොයන්නා වූ අනර්ථය පිණිස හේතුවන” මඟක් ලෙස පෙන්වා දුන්හ. එම මඟ අනාර්ය වූ මඟම බව වදාළහ. මෙම අන්ත දෙකටම නොපැමිණ නුවණැස පිරිසුදු කරන්නා වූ නුවණැස ඇතිකරන්නා වූ කෙලෙසුන් සංසිඳවීම පිණිසත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත්, මනාව අවබෝධය පිණිසත් නිවන් ප්‍රත්‍යක්ෂ කරනු පිණිසත් පවත්නා වූ මධ්‍යම ප්‍රතිපදාව භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට අවබෝධ කරන ලදහ. එම මධ්‍යම ප්‍රතිපදාව අංග අටකින් සමන්නාගත ය. එනම් යහපත් දැකීම, යහපත් කල්පනාව, යහපත් වචනය, යහපත් කර්මාන්තය, යහපත් දිවි පැවැත්ම, යහපත් උත්සාහය, යහපත් සිහිය සහ යහපත් සමාධිය යනුවෙනි.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]