විමුක්තිය සොයා වැඩි
ආධ්‍යාත්මික චාරිකාව
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
මානව ඉතිහාසයේ මිනිසුන් හට ප්‍රඥාවත්, චින්තන නිදහසත්, සැනසිලිදායක ජීවිතයත් සැබෑවට
ම ප්‍රදානය කළ උතුම් ශාස්තෘවරයෙක් වේ නම් ඒ අප සරණ ගිය භාග්‍යවත් අරහත් සම්මා
සම්බුදුරජාණන් වහන්සේ ම පමණි.
මිනිස් වර්ගයා තුළ කරුණා මෛත්‍රිය සැබෑවට ම පතුරුවා හැරියේ බුදුරජාණන් වහන්සේ
විසින් ම ය. මනුෂ්‍යත්වයට උපරිම ගෞරවය ලබාදුන් ආධ්‍යාත්මික ගුරුවරයාණන් වහන්සේ ම ය.
සමස්ත ආගමික ඉතිහාසයේත්, මානව වර්ගයාගේ වාර්තාගත ඉතිහාසයේත් ආදර්ශයෙන්, උපදේශයෙන්
පරම පවිත්‍ර ජීවිතයක් ගත කළ, අමිල නිමල ගුණයෙන් පිරිපුන් මුනිරජාණන් වහන්සේ දෙවි
මිනිසුන්ගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ම ය.
මේ අසහාය මනුෂ්‍ය රත්නය උපත ලැබුවේ හිමකඳු අසල පිහිටි සුන්දර කපිලවස්තු නගරයේ
ශාක්‍යවංශයට අයත් රාජකීය පවුලක ය. රාජකීය පවුලේ ඔටුන්න හිමි කුමාරයා වූ මෙතුමන්ගේ
ගිහි නම‘සිද්ධාර්ථ’ ය. ‘ලොවට යහපත උදාකරන තැනැත්තා’ යනු ඒ නමෙහි අරුතයි.
රජ පවුලේ සිරිතටඅනුව නව යොවුන් වියේ දී හෙවත් වයස දහසයේ දී සුරූපී යසෝධරා කුමරිය හා
සිද්ධාර්ථ කුමරුවිවාහ විය. එනමුදු වයස විසිනවය වනවිට සිද්ධාර්ථයන්ගේ සියලු සිතුම්
පැතුම් මුළුමනින් ම වෙනස් වී ගියේ ය.
මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක්, පැවිදිරුවක් යන සතර පෙරනිමිති දැකීමෙන් පසු එතුමාගේ
සිහිනය වූයේ සියල්ලෙන් වෙන් වී වනගත අසපුවක හුදෙකලාවේ බවුන් වැඩීම ය. සැබෑම වූ
මානසික විමුක්තියක් මේ ජීවිතයේ දී උදාකර ගත හැකි බව එතුමා තරයේ ම සිතාගෙන සිටියේ ය.
සිද්ධාර්ථයන් රජමැඳුර හැරදා මහ රෑ විමුක්තිය සොයා අභිනික්මන් කළේය. තමන්ට දාව
රාහුලයන් උපන් ඒ දිනය සාමාන්‍යයෙන් පියකුට බලවත් බන්ධනයක් ම ය. එහෙත් ඒ හැඟීමට ඉඩ
නොදී එදිනම අභිනික්මන් කිරීමට එතුමා තුළ මොනතරම් මානසික ශක්තියක් තිබෙන්නට ඇද්ද?
ලොව වෙනත් කිසිකෙනකුට නොතිබුණ ප්‍රහේලිකාවකි සිද්ධාර්ථයන්ට තිබුණේ. මනුෂ්‍ය
වර්ගයාගේ ජීවිත මහලුවීම ඉදිරියේ අසරණ වීම, රෝග පීඩා ඉදිරියේ අසරණ වීම, මරණය ඉදිරියේ
අසරණ වීම, නොයෙකුත් කායික මානසික පීඩා ඉදිරියේ හඬමින්, වැළපෙමින් සෝකවීම, සදහටම
නවාතාලිය හැකි දෙයක් සොයා යාමයි උන්වහන්සේගේ ඒකායන අභිප්‍රාය වූයේ.
සියලු මිනිස් ප්‍රජාවට එසේ පිළිසරණ විය හැකි විසඳුමක් හෙවත් ආධ්‍යාත්මික ක්ෂේම
භූමියක් සොයා සිද්ධාර්ථයන් ශ්‍රමණ දිවිය වැළඳගත්තේ ය.
ඉතිරි කොටස වෙසක් අව අටවක
ජූනි 2 බදාදා පුවත්පතේ පළවේ.
|