[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සාකේත බමුණා ප්‍රසාදයට පත්වීම

  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11

යළි පිබිදෙන කූරගල පුදබිමට එන්න

බෞද්ධාගමික ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති පුදබිම් වලට අන්තවාදීන්ගේ දැඩි බලපෑම් එල්ලවීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලය පුරා වාර්ථා වුණි. දෙවනගල , මුහුදුමහා විහරය , විජිතපුර ආදී එවැනි පුදබිම් අතරට කූරගල පුරාවිද්‍යා භූමියද ඇතුළත් ය. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ව පැවැති කූරගල පුදබිම පිහිටා තිබෙන්නේ බළන්ගොඩ - කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කනුව පසු කරනවාත් සමඟ තන්ජන්තැන්න ග්‍රාමයේ ආරම්භයත් සමඟ ම දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 03 පමණ දුරකිනි . අතීතයේ තණ්ඩු ලෙය්‍යක පබ්බත , දත්ත ශෛල පබ්බත , යන නම්වලින් ව්‍යවහාර වූ මේ පුදබිම පසුකාලීන ව කූරගල නම් විය .වර්තමානයේ කූරගල නමින් වන මේ පුණ්‍ය භූමීයේ බෞද්ධ උරුමය අන්තවාදී පිරිස්වල ක්‍රියා කාරකම් නිසා බෞද්ධයන්ට අහිමි වෙමින් පැවතුණි . ඉපැරණි බෞද්ධ ස්තූප ආදිය විනාශ කර තිබෙන අතර, ඈත අතීතයේ මහරහතන් වහන්සේ ගේ පාදශ්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ බිම , උන්වහන්සේ බවුන් වැඩු බිම , අන්තවාදී ග්‍රහණයට හසුව සත්ත්ව බිලි පුජා පවත්වන තැනක් බවට පත් කර ඇත . මෙසේ අන්තවාදී පිරිස්වල ග්‍රහණයට හසුව ඇති කූරගල පුරාවිදු බිම මුදා ගෙන එය සමස්ත ශ්‍රී ලාංකේයයන්ගේම උරුමයක් බවට උරුම කර දීමේ අභියෝගය බාර ගන්නට නෙල්ලිගල නායක හාමුදුරුවන් වහන්සේ , වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් වහන්සේ ඉදිරිපත් ව සිටිති.

ධර්ම දේශනාව:

සිත පිරිසුදු කිරීමට පෙර අපවිත්‍ර පරිසරය වෙනස් කරන්න

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියොදපනං - එතං බුද්ධාන සාසනං,  ඛන්තී පරමං තපො තිතික්ඛා - නිබ්බාණං පරමං වදන්ති බුද්ධා - නහි පබ්බජිතො පරූපඝාති - සමණො හොති පරං විහේඨයන්තෝ, අනූපවාදො අනූපඝාතො  - පාතිමොක්ඛෙච සංවරො - මත්තඤ්ඤුතාච භත්තස්මිං - පන්තංච සයනාසනං - එතං බුද්ධාන සාසනං, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයේ මෙම ගාථා ධර්ම ආනන්ද හිමිගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් දේශනා කොට වදාළ සේක. අතීතයේ ලොව පහළ වූ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝනාගමන, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලාගේ මෙන්ම අප ගෞතම බුදුරදුන්ගේ ද මව්පියන්, ආයුෂ, බෝධි, අගසව් ආදී කරුණු වදාරා එම බුදුවරුන්ගේ පාමොක් දෙසීම්, පෝය කිරීම් පිළිබඳව දේශනා නොකළ බැවින් ආනන්ද හිමියෝ ඒ සම්බන්ධ ව බුදුරදුන්ගෙන් විචාළහ. “ආනන්දය”,, කාලයෙහි වෙනසක් ඇතත් පාමොක් දෙසීමෙහි වෙනසක් නැතැයි වදාරා සෑම බුදුවරුන්ගේ ම අනුශාසනාව මෙසේ යැයි ගාථා තුනකින් ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනාකොට වදාළ සේක. මෙසේ එම උතුම් ගාථා තුනෙන් සමස්ත ත්‍රිපිටක ධර්මයම සම්පිණ්ඩනය කොට දැක්වෙන්නේ ය. සියලු පව් නොකිරීමත්, සියලු කුසල් කිරීමත්, සිත පිරිසුදු කිරීමත් බුදුවරුන්ගේ අනුශාසනාවයි. උතුම් තපස් ගුණය ඉවසීමයි. අනුන් නසන, පෙළන තැනැත්තා මහණෙක් නොවේ. අනුන්ට නින්දා නොකිරීම ද, හිංසා නොකිරීම ද ප්‍රාතිමෝක්ෂ ශීලයෙහි හික්මීම ද, පමණ දැන වැළඳීම ද, ප්‍රාන්ත සේනාසනවල ඇල්මද, ධ්‍යාන, විදර්ශනා, මාර්ගඵල යන උතුරු මිනිස් දහම් හි යෙදීම ද යන මෙය බුදුවරුන්ගේ අනුශාසනයයි.

 

ඇස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථ සියවස් සමරු පුණ්‍ය මහෝත්සවය

අදට සිය වසකට එපිට කුලියාපිටිය හා අවට ප්‍රදේශයට බුදු දහමේ ආලෝකය දැඩි ලෙස අවශ්‍ය විය. සදහම් සුවඳ විඳ ගන්නට වුවමනා විය. බුදුබණ අසන්නට, දැන කියා ගන්නට අවශ්‍යතාවක් පැවතිණි. ඊට වැඩිමනක් හේතු වූයේ සැදැහැවත් බෞද්ධ පිරිසක් ප්‍රදේශයේ සිටිය ද විහාරස්ථානයක් හෝ සංඝයා වහන්සේ නමක් ඒ සඳහා ප්‍රදේශයේ නො සිටීම ය. මේ විහාරස්ථානය ආරම්භ කිරීමට පෙර එනම් ක්‍රි.ව. 1919 ට පෙර ප්‍රදේශයේ සැදැහැවත් බෞද්ධ පිරිසක් එක්ව දුර බැහැර වැඩසිටි භික්ෂූන් වහන්සේලා වරින්වර වැඩම කරවා කුලියාපිටිය නගර ප්‍රදේශයේ ධර්ම දේශනා කරවූ අතර, එයට පැවති ඉංගී‍්‍රසි ආණ්ඩුවේ විරෝධය ඍජුව ම එල්ල විය. ධර්ම ශ්‍රවණය කිරීමට එන පිරිසට අතරමඟ රැක සිට පහර දෙන්නට ද ඔවුහු කටයුතු කළහ. පොලීසියේ පහර දීම්වලට ද මුහුණ දීමට ඔවුනට සිදුවිය. මේ තාඩන පීඩන බාධා කිරීම්වල ප්‍රතිඵලය වූයේ ඒ පිරිස් සංවිධානගතවී තමන්ගේ ම තැනක් ගැන සිතීම ය. ඒ අනුව ක්‍රියා කර ඔවුනොවුන්ගේ ම ඉඩම් කැබලි පරිත්‍යාගයෙන් පන්සල සඳහා බිමක් තෝරා ගැනීමට ඔවුහු කටයුතු කළහ. අනතුරුව එහි පොල් අතු සෙවිලි කළ කුඩා බණ මඩුවක් තනා ගත්හ. මේ සඳහා අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කළේ නුගවෙල මහාදිකාරම් තුමා ගේ අනුශාසනා පරිදි ඇස්සැද්දුම වලව්වේ අප්පුහාමි කෝරලේ මහතා, පිදුම වලව්වේ හල්පෙ බණ්ඩා යන අයයි. 1921 අපේ‍්‍රල් 26 දින ශාසනාලංකාර සමිතිය නමින් සමිතියක් ආරම්භ කරන ලද අතර 1921 මැයි 10 වැනි දින එකී බණමඩුව ඉදිකළ බව ශාසනාලංකාර වංශ කතාවේ සඳහන් වේ. විහාර භූමියේ වස් විසූ කට්ටමුරිච්චානේ සිරි සුභාරතී නම් වූ ඒ භික්ෂූන් වහන්සේ ඒ අනුව ප්‍රථම විහාරාධිපති හිමියන් ලෙස විහාරස්ථානය ගොඩනැඟීමේ කර්තව්‍යය භාර ගත්හ. ඒ අනුව උන්වහන්සේගේ අනුශාසනා පරිදි දිනෙන් දින පියවරෙන් පියවර ඉදිරියට යන සංවර්ධන ගමනක් ආරම්භ විය. විශේෂයෙන් ම අධ්‍යාපන කටයුතු ගැන උනන්දුවක් දැක්වූ උන්වහන්සේ ප්‍රදේශයට අඩුවක්ව පැවති පාසලක් ආරම්භ කර විශේෂයෙන් ම දහම් අධ්‍යාපනය ලබා දීමට ද හැකි මධ්‍යස්ථානයක් ලෙස ඇස්සැද්දුම සිරි සුභාරතී විද්‍යාලය ආරම්භ කිරීමට පියවර ගත්හ. පසුව එය රජයේ පාසලක් ලෙස පවත්වාගෙන යාම සඳහා රජයට පවරන ලදී.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]