[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඇස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථ සියවස් සමරු පුණ්‍ය මහෝත්සවය

අදට සිය වසකට එපිට කුලියාපිටිය හා අවට ප්‍රදේශයට බුදු දහමේ ආලෝකය දැඩි ලෙස අවශ්‍ය විය. සදහම් සුවඳ විඳ ගන්නට වුවමනා විය. බුදුබණ අසන්නට, දැන කියා ගන්නට අවශ්‍යතාවක් පැවතිණි. ඊට වැඩිමනක් හේතු වූයේ සැදැහැවත් බෞද්ධ පිරිසක් ප්‍රදේශයේ සිටිය ද විහාරස්ථානයක් හෝ සංඝයා වහන්සේ නමක් ඒ සඳහා ප්‍රදේශයේ නො සිටීම ය. මේ විහාරස්ථානය ආරම්භ කිරීමට පෙර එනම් ක්‍රි.ව. 1919 ට පෙර ප්‍රදේශයේ සැදැහැවත් බෞද්ධ පිරිසක් එක්ව දුර බැහැර වැඩසිටි භික්ෂූන් වහන්සේලා වරින්වර වැඩම කරවා කුලියාපිටිය නගර ප්‍රදේශයේ ධර්ම දේශනා කරවූ අතර, එයට පැවති ඉංගී‍්‍රසි ආණ්ඩුවේ විරෝධය ඍජුව ම එල්ල විය. ධර්ම ශ්‍රවණය කිරීමට එන පිරිසට අතරමඟ රැක සිට පහර දෙන්නට ද ඔවුහු කටයුතු කළහ. පොලීසියේ පහර දීම්වලට ද මුහුණ දීමට ඔවුනට සිදුවිය. මේ තාඩන පීඩන බාධා කිරීම්වල ප්‍රතිඵලය වූයේ ඒ පිරිස් සංවිධානගතවී තමන්ගේ ම තැනක් ගැන සිතීම ය. ඒ අනුව ක්‍රියා කර ඔවුනොවුන්ගේ ම ඉඩම් කැබලි පරිත්‍යාගයෙන් පන්සල සඳහා බිමක් තෝරා ගැනීමට ඔවුහු කටයුතු කළහ. අනතුරුව එහි පොල් අතු සෙවිලි කළ කුඩා බණ මඩුවක් තනා ගත්හ. මේ සඳහා අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කළේ නුගවෙල මහාදිකාරම් තුමා ගේ අනුශාසනා පරිදි ඇස්සැද්දුම වලව්වේ අප්පුහාමි කෝරලේ මහතා, පිදුම වලව්වේ හල්පෙ බණ්ඩා යන අයයි. 1921 අපේ‍්‍රල් 26 දින ශාසනාලංකාර සමිතිය නමින් සමිතියක් ආරම්භ කරන ලද අතර 1921 මැයි 10 වැනි දින එකී බණමඩුව ඉදිකළ බව ශාසනාලංකාර වංශ කතාවේ සඳහන් වේ.


  මැදින් පුර අටවක 

 මාර්තු 21 ඉරිදා පූර්වභාග 07.10 පුර අටවක ලබා 22 සඳුදා පූර්වභාග 09.00 ගෙවේ.
ඉරිදා සිල්
 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

Second Quarterඅව අටවක

අප්‍රේල් 04  

Full Moonඅමාවක

අප්‍රේල් 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]