යළි පිබිදෙන කූරගල පුදබිමට එන්න
බෞද්ධාගමික ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති පුදබිම් වලට අන්තවාදීන්ගේ
දැඩි බලපෑම් එල්ලවීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලය පුරා වාර්ථා වුණි. දෙවනගල ,
මුහුදුමහා විහරය , විජිතපුර ආදී එවැනි පුදබිම් අතරට කූරගල පුරාවිද්‍යා භූමියද
ඇතුළත් ය. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ව පැවැති
කූරගල පුදබිම පිහිටා තිබෙන්නේ බළන්ගොඩ - කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කනුව පසු
කරනවාත් සමඟ තන්ජන්තැන්න ග්‍රාමයේ ආරම්භයත් සමඟ ම දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 03
පමණ දුරකිනි .
කූරගල කඳු මුදුනේ ඇති චෛත්‍යය |
අතීතයේ තණ්ඩු ලෙය්‍යක පබ්බත , දත්ත ශෛල පබ්බත , යන නම්වලින් ව්‍යවහාර වූ මේ පුදබිම
පසුකාලීන ව කූරගල නම් විය .වර්තමානයේ කූරගල නමින් වන මේ පුණ්‍ය භූමීයේ බෞද්ධ උරුමය
අන්තවාදී පිරිස්වල ක්‍රියා කාරකම් නිසා බෞද්ධයන්ට අහිමි වෙමින් පැවතුණි .
ඉපැරණි
බෞද්ධ ස්තූප ආදිය විනාශ කර තිබෙන අතර, ඈත අතීතයේ මහරහතන් වහන්සේ ගේ පාදශ්පර්ශයෙන්
පූජනීයත්වයට පත් වූ බිම , උන්වහන්සේ බවුන් වැඩු බිම , අන්තවාදී ග්‍රහණයට හසුව
සත්ත්ව බිලි පුජා පවත්වන තැනක් බවට පත් කර ඇත . මෙසේ අන්තවාදී පිරිස්වල ග්‍රහණයට
හසුව ඇති කූරගල පුරාවිදු බිම මුදා ගෙන එය සමස්ත ශ්‍රී ලාංකේයයන්ගේම උරුමයක් බවට
උරුම කර දීමේ අභියෝගය බාර ගන්නට නෙල්ලිගල නායක හාමුදුරුවන් වහන්සේ , වතුරකුඹුරේ
ධම්මරතන හිමිපාණන් වහන්සේ ඉදිරිපත් ව සිටිති.
'යළි පිබිදෙන කූරගල ' නමින් කූරගල සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ බව
උන්වහන්සේ පවසති . ඒ පුරාවිද්‍යා භූමීයට කිසිදු හානියන් නොවන ලෙසිනි .
ඒ අනුව කූරගල පුරාවිද්‍යා භූමිය ආරක්ෂා වන ලෙසින් අඩි 100 ක් උස මහ සෑයක් ' අස දිසි
ශාක්‍ය සුගත මහා සෑය ' නමින් ඉදි කොට බෞද්ධ පින්වතුන්ගේ වන්දනා මානයට දායාද කරදෙන
බව උන්වහන්සේ පවසති . එම සෑ රදුන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය හෙවත් චෛත්‍යය
රාජයාණන් වහන්සේට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය මේ මස 28 වැනිදාට යෙදෙන මැදින්
පසළොස්වක පුන් පොහෝ දින පස්වරු 4 ට සිදුකිරීමට නියමිත ය .
කඳු මුදුනට ඉදිකර ඇති පියගැට පෙළක් |
වතුරකුඹුරේ ධම්මරතන හිමි
(නෙල්ලිගල නායක හාමුදුරුවෝ) |
එදින උදෑසන දහස් ගණනක් වූ උපාසක උපාසිකාවන් පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව
කූරගල පුදබිමේ සීල සමාදානයට සහභාගි වන අතර , සිල් සමාදන්වන උපාසක උපාසිකාවන්ට
අවශ්‍ය දානමාන ද පිරිනැමීමට නියමිත ය .පෝදා රාත්‍රි 7 සිට රාත්‍රි 9 දක්වා බළන්ගොඩ
රාධ ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනාවක් ද පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර
ඇත .
කූරගල පින්බිමේ සිදු කෙරෙන මේ මහා පින්කම සඳහා මුද්‍රිත මාධ්‍ය දායකත්වය දරනු
ලබන්නේ බුදුසරණ , සිළුමිණ , දිනමිණ ඇතුළු පුවත්පත් අනුග්‍රහයෙන් ලේක්හවුස් ආයතනය
විසිනි .
කූරගල අසදිසි ශක්‍ය සුගත මහා සෑය 2022 වසරේ පෙබරවාරි මස 4 වැනිදාට යෙදෙන නිදහස්
දිනයේ දී බොදු ජනයාගේ වන්දනාමානය වෙනුවෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවද
වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසති .
කූරගල පුදබිම සම්බන්ධයෙන් කළ හැකි සියලු උපකාර හෝ ශ්‍රම දායකත්වය ගැන සියලු විස්තර
දුරකතන අංක 0117373731 / 0117373730 හෝ 0761737373 ( අමිල ) මඟින් විමසීම් කළ හැකි
ය .
ඉදීකිරීම් සඳහා අවශ්‍ය ගල් , වැලි , සිමෙන්ති ඇතුළු ඕනෑම භාණ්ඩයක් ඒ සඳහා පරිත්‍යාග
කළ හැකි අතර , මූල්‍ය ආධාර ද ලබා දිය හැකි ය . මූල්‍ය ආධාර කූරගල රජමහා විහාරය
නමින් බළන්ගොඩ සම්පත් බැංකු ශාඛාවේ අරඹා ඇති ගිණුම් අංක 009760006000 වෙත යොමු කළ
හැකි ය.
|
|
|
අන්තවාදීන් විසින්
තීන්ත ආලේප කර වසා දමා ඇති සෙල්ලිපිය |
-
රමණි සුබසිංහ
සේයාරූ - චේනක වික්‍රමාරච්චි |