ආදරය හා කාමය පිළිබඳ මිථ්‍යාවෙන් මිදෙන්න
අතුරුගිරිය ආර්ය නිකේතන
ද්වීභාෂා මූලික පිරිවනේ නියෝජ්‍ය පරිවේණාධිපති
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
මැදගම පඤ්ඤාරතන හිමි
සංකීර්ණ සමාජ සම්බන්ධතා හමුවෙහි ‘ආදරය’ ‘ප්‍රේමය’ අතර ඔවුනොවුන් කෙරෙහි ඇතිවන
පිළිබඳ සිත, හැඟීම, බැඳීම විකෘති කාමස්වාදයක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි.
‘ප්‍රේමය’ යන වචනය මඟින් ආශාව, පී‍්‍රතිය, ආදරය යන මානසික තත්ත්වයන් අදහස් කෙරේ.
යමෙක් යමකුට ආදරය කරන්නේ ය යන ප්‍රකාශයත් සමඟම හැඟෙන අදහස් සමූහයක් පවතී. එනම්
රාගය, ආලය, ආශාව, රුචිය, කැමැත්ත, වින්දනය, ඇලීම, කාමය යනාදී වශයෙන් එකිනෙකට
සියුම්ව අර්ථය වෙනස්වන හඳුනා ගැනීම් සමූහයක් දැක්විය හැක. මනෝ විශ්ලේෂණය අනුව සලකා
බැලුවහොත් ප්‍රේමය ආදරය යන හැඟීම සුඛ වේදනා මූලධර්මය මත ඇතිවන පෙළඹීමකි.
බුදු දහම සත්ත්වයාගේ කායික, මානසික, තෘප්තියේ මූලික ලක්ෂණයක් ලෙස සැපය කැමති බව
දක්වවයි. ඒ අනුව ආදරය කිරීම යනු සැප කැමති සත්ත්වයා සැපය සොයා ක්‍රියාකාරී වීමකි.
සැපයට ආශා කරන, ඒ හා ඇලෙන ‘කමුපදාන’ කාම ලෝකයක් සංසාරිකව තනනු ලබන ‘කමභවො’ තෘෂ්ණාව
නැමති මල පුඩුවෙහි බැඳීමකි. සංසාරික ලෝකයේ පැවැත්ම ක්‍රියාකාරී කරවන, භවගාමී සංසාර
චක්‍රය දිගු කරන්නා වූ බලවත් පෙළඹවීමකි. ‘ප්‍රේමය’ ‘ආදරය’ යන සමාජීය ව්‍යවහාරය බුදු
දහමේ ඉගැන්වෙන ‘කාමය’ ‘පඤ්චකාම’ යන විග්‍රහයට අදාළව පඤ්ච ඉන්ද්‍රිය සංතෘප්තියෙන්
බැහැර නොවන්නක් වන අතරම එහි ඒකාර්ථය නිශේධාත්මක වූවකි. එනම් බුදු දහමේ පඤ්ච
සීලයෙහි’ ‘කාමෙසුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි’ යන ශික්ෂා පදය මඟින් කාම
මිත්‍යාචාරය හෙවත් පර පුරුෂ, පර ස්ත්‍රී සබඳතාවය ප්‍රමුඛව කාමාස්වාදය විරමණ, හෙවත්
වැළකීම් අර්ථයෙන් ගත යුතු ය.
මෙම හැඳින්වීම අවබෝධාත්මකව අර්ථවත්ව තේරුම් ගත යුතුව පවතී. බුදුදහමේ ඉගැන්වෙන ‘කාම’
යන අර්ථ විග්‍රහයන් නිරවුල්ව තේරුම් ගත යුතු වේ. මතුපිට අදහස ගෙන ව්‍යවහාර ලෝකයේ
පැවැත්ම සමඟ පටලවා නොගත යුතු ය.
ලෝකයේ පවතින ලස්සන දේ කාමය නොවේ. බුදුදහම එබඳු අගතිගාමී විඤ්ඤාණවාදයක් නොවේ.
විචිත්‍රවත් වූ ලොවෙහි පවත්නා වූ කාම ගුණ, කාම වස්තූන් කාමය නොවේ.
‘නතෙ කාමායානි චිත්‍රාණි ලෝකෙ
සංකප්පරාගො පුරිසස්ස කාමො
තිථඨන්ති චිත්‍රාණි තථෙව ලොකෙ
අථෙත්ථ ධීරා විනයන්හි ඡන්දං
මේ ලෝකයේ පවතින යම් සුන්දරත්වයක් වේ ද, එය ලොව එසේ ම පවතී. ලෝකයේ ඇති එම ලස්සන
සුන්දරත්වය ‘කාම’ නොවේ. ඇල දොළ, වැඩෙන තුරුලතා, පිපෙන මල් ගොමු, නැගෙන කුරුලු හඬ
මෙන්ම වනසතුන් නෙක සොබාදහම් නිමවුම් හි සුන්දරත්වය කාමය නොවේ.
ලෝකයේ වෙසෙන මිනිසුන්ගේ සිත්හි උපදින ඇලීම බැඳීම හෙවත් සංකල්ප රාගය, මානසික
සිතිවිල්ල කාමයයි. මෙම දේශනාව නුවණින් වටහා ගන්නේ නම් මුළු ලොවෙහි ම අන් කවර
ජාතිකයකුට, ආගමිකයකුට වඩා අර්ථසම්පන්න, නිදහස්, සුන්දර නිවහල්, තෘප්තිමත් ජීවිතයක්
ගත කිරීමට බෞද්ධයනට හැකියාව පවතී.
බුද්ධ දේශනාවේ මූලික ඉගැන්වීම්වලට අනුව ප්‍රබල මානසික වේදනයක් වන ‘කාමය’ ඉතා සියුම්
උපමාවන් ඇසුරෙන් අවබෝධය පහසු කරයි.
කාමය ඇටසැකිල්ලකටත්, මහත් වේදනාවකටත්, වියළි තණපත් දවාලන ගිනි හුලටත්, දැවෙන අඟුරු
වලකටත්, ගවයන් මරනු ලබන ගව මඩුවකටත්, සර්ප විෂකටත් නිදර්ශනය කිරීම මඟින්
අධ්‍යාත්මික සැනසිල්ලට කෙතරම් බාධාවක් ද යන්න තේරුම් ගත හැකි ය.
ස්ත්‍රී රූපය පුරුෂ රූපයටත්, පුරුෂ රූපය ස්ත්‍රී රූපයටත් අන්‍යොන්‍යව බැඳේ.
ඔවුනොවන් තුළ ඇලීම, හැඳිනීම, බැඳීම ගොඩ නැෙඟ්. මෙම ඇලීම, බැඳීම ‘කාම රාගය’ ලෙස බුදු
දහම අර්ථ දක්වයි.
පඤ්ච ඉන්ද්‍රියයන් කාම වස්තුන්ගෙන් තෘප්තිමත් කිරීම ආදරය කිරීමේ, ප්‍රේම කිරීමේ
ඉදිරියෙන් ම ඇතිවන සම්බන්ධතාවමැයි, එසේනම් ආදරය, ප්‍රේමය, කාමරාගය යනු ඉන්ද්‍රියයන්
විෂය ගෝචර වූ ආශාවන්ගෙන් ලබන මානසික සතුටයි. විරුද්ධ ලිංගිකයන් තුළ මෙසේ ඇතිවන ආදරය
ප්‍රේමය නිසා අයත් කර ගැනීමේ, තමා සතුකර ගැනීමේ පිළිබඳ සිත් ඇතිකර ගැනීමේ
අවශ්‍යතාවයෙන් පෙළේ. ආදරවන්ත ව ඔවුනොවුන් හට වෙන් වී සිටිය නොහැකි තෘෂ්ණා යදමින්
වෙළී සිටී. තමාගෙන් අනෙකා වෙන්කොට සිතිය නොහැකි මානසික කාමයෙහි ඇලීමෙන් වන තෘප්තිය
‘කාමරාග‘ යයි.
මහනිදාන සූත්‍රයෙහි සත්වයා තුළ තෘෂ්ණාව ක්‍රියාකාරීවන ආකාරය හඳුන්වයි. පුද්ගලයාගේ
සංවේදනයන් හේතුවෙන් තෘෂ්ණාව, ආශාව උපදී. පුද්ගල සිතෙහි කාමය, රාගය උපදිනුයේ
කාමවස්තූන් සහ ඉන්ද්‍රියන් ක්‍රියාකාරී වීමෙනි. තමා බලාපොරොත්තුවන වස්තූන්,
අවස්ථාවන් හැඟීම් ඉටු කර ගැනීමෙහිලා වෙහෙස වේ. ඒවා අයත්කර ගැනීම, තමා සතු කර ගැනීම
සඳහා අරගල කරනවා සේ ම අපේක්ෂා භංගත්වයක් සිදු වුවහොත් දැඩි චිත්ත පීඩාවකින් අසහනයට
පත් වෙයි. ආදරණීය හමුවීමෙහි සබඳතාවයෙහි අරමුණ නිරතුරුව ම ආශ්වාදය වින්දනය ලැබීමෙන්
පරිබාහිර වූවක් නොවේ.
මිනිසාගේ ජීවි පැවැත්මේ ප්‍රධාන ක්‍රියාවලින් අතර රාගය, ආශා, ප්‍රබල ලෙස බලපායි.
ස්ත්‍රී පුරුෂ ආදරය තුළ ක්‍රියාත්මක වන්නේ රාගික සිතිවිල්ලයි. සමාජයක් ලෙස
දිගුකාලීන මානව සංහතියේ පැවැත්මට එය ප්‍රධාන හේතු සාධකයක් බැවින් ලෝක ව්‍යවහාර තුළ
බුදුදහම එය ප්‍රතික්ෂේප නොකරයි.
එහෙත් පුද්ගලයාගේ චිත්ත සන්තානයෙහි පවත්නා සරාගී සිතුවිලි විරාගී සිතිවිලි ම ය
ස්වභාවයක් දක්වා උසස් මානසික පෙරළියකට යොමු කිරීමෙන් ලබන සැනසීම අත්විඳිය හැකි
බැවින් ආදරය, ප්‍රේමය, සම්බන්ධයෙන් යම් ශික්ෂණයක්, ප්‍රතිපත්තියක් තිබිය යුතු බව
බෞද්ධයනට නිර්දේශිත ය.
“අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි” උපෝසථ සීලය ලෙස අනුදත් අෂ්ටාංග
සීලයෙහි කුමර බඹසර කුමරි බඹසර රැකීම සේ ම ස්ත්‍රී පුරුෂ සංවාසයෙන් උපෝසථ සීලයෙහි
පිහිටියවුන් වැළකීම උසස් කාර්යය ලෙසින් දේශනා කළේ එබැවිනි.
“ඌණො ලොකො අතින්තො, තණ්හා දාසො” යන මජ්ක්‍ධිම නිකායේ රට්ඨාපාල සූත්‍රයේ දේශිත ය.
සෑම මිනිසෙක්ම කායික මානසික පීඩනයන්ට එරෙහි වෙමින් විඳින්න සිදුවන පීඩාවේ කෙළවර
මරණය නම් එය ද පිළිකෙව් කරමින් ජීවත්වීමට කැමති නැත.
පුද්ගල මනසෙහි නිරන්තර ස්වභාවය නම් සුව පහසු වේදනා විඳීම සහිත අරමුණු පසුපස ලුහු
බැඳීමයි. ප්‍රේමය, ආදරය මඟින් උත්තේජනය ලබන විට සතුට සැපය සෙවීම මූලික මිනිස්
ස්වභාවයකි.
පුද්ගලයා තුළ ජනිත වන කාමුකත්වය පිනවීම, දැඩි අවශ්‍යතාවයක් වන අතර එම ආශාව නිසාම
දැඩි දැවීමක්, අසහනයක් ඔහු අත්විඳිනු ඇත.
නොසංසිඳෙන නොතිත් කාමරාගයෙන් පෙළෙන සිත කායික නොසන්සුන්තාව ඇති කරන බව බුද්ධ
දේශනයයි. ආදරය මූලික අංශයක් වන බැවින් ඒ හා බැඳෙන මානසිකමය ක්‍රියාවලියෙහි දී යම්
යම් විෂය ප්‍රවේශයන්ට අනුව සාධාරණ පැවැත්මක් වුව ද බුදුදහම අවධාරණය කරනුයේ අසංතෘප්ත
වූ නොසංසිඳෙන ආශාවේ මානසිකත්වයේ ප්‍රතිවිපාකයයි. පසු ඵලයයි.
බුද්ධ දේශනාව, සමාජ පැවැත්ම සුඛිත මුදිත විය යුතු ය යන මඟ පෙන්වීම කරනවා සේ ම,
ස්ත්‍රී පුරුෂ සබඳතාවය ඊට අනුබලයක් සපයන ප්‍රතිපත්තිගත රාමුවක් තුළ සංවිධානය කරනු
ලබයි.
දහමේ සිරකරුවන්, වහලුන් බවට පත් කර ජීවී පැවැත්මට, මූලික අවශ්‍යතා මුලිනුපුටා
දැමීමට කරන ලද අනුශාසනයක් බෞද්ධ චින්තනයේ හමු නොවේ. භික්ෂූන් වහන්සේට පවා ධර්ම
ගැටලු විමසා දුන් චිත්ත ගෘහපතියා, සෝවාන් ඵල ලාභී අනේපිඬු සිටුතුමා, බිම්බිසාර මහ
රජතුමා දරු මුණුබුරන් සියයක් ලද සෝවාන් වූ විශාඛා මහ උපාසිකාව, අනාගාමීව මරණාසන්න
අවස්ථාවෙහි රහත් වූ සුද්ධෝදන රජතුමා වැනි චරිත මඟින් බුදු දහමේ පරමාර්ථය සහ සමාජීය
පැවැත්ම අතර ගැටුමක් නොවන බව පැහැදිලි ය.
ආදරය කිරීම, සෙනෙහස මිනිස් සිතෙහි ඇතිවන මනෝභාවයකි. යමෙක් යමකුට ආදරය කිරීම වරදක්
නොවේ. ආදරයේ උපරිමය මව්පිය දූ දරුවන් අතර ද දැකිය හැකි ය. ගුරු ශිෂ්‍ය ඔවුනොවුන්ගේ
ආදරය ද එබඳු ය. ආදරය ඇතිවනුයේ මිනිස් හදවත් තුළ ය. යමකුට ආදරය ලැබීම මෙන්ම ආදරය
කිරීම කළ හැකි නම් එය ප්‍රශස්ත පෞරුෂ ගුණාංගයකි. |