[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බෞද්ධ සාහිත්‍යය ධර්මාවබෝධයට හා ජීවිතාවබෝධයටයි

අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා මුළුමණින් ම බෞද්ධ අනන්‍යතාවකින් යුතුව සම්පාදිත ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් විද්‍යාමන වන හෙයින් පැරණි සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍ය යනුවෙන් හැඳීන්වීම යුක්තියුක්ත වේ. මෙම ග්‍රන්ථවල මුඛ්‍යතම අරමුණ වී ඇත්තේ පොදු ජනයා මෙන්ම විද්වත් ජනයා ධර්මයෙන් ඤාණනය කිරීම ය" බුදු රදුන් විසින් දේශිත ධර්මය හා විනය තේමා කරගත් සාහිත්‍ය බෞද්ධ සාහිත්‍යය යන පොදු නාමයකින් හඳුන්වනු ලැබේ. මෙම සාහිත්‍යය සාතිශය පුළුල් වූවකි. එය පාලි සංස්කෘත ආදි මූල භාෂාවන්ගෙන් මෙන්ම, බුදුසමය ව්‍යාප්ත වූ ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය, තිබ්බතය, ජපානය, චීනය හා කොරියාව ආදි ථෙරවාද සහ මහායාන බෞද්ධයන් වෙසෙන රටවල ඔවුනොවුන්ගේ මව් බසින් සම්පාදිත බෞද්ධ සාහිත්‍ය ද එයට අයත් වේ. මෙයට අමතරව බුදුසමය ව්‍යාප්ත වූ යුරෝපයේ ඉංග්‍රිසි, ප්‍රංශ, ජර්මන් ආදි භාෂාවලින් සම්පාදිත නූතන බෞද්ධ සාහිත්‍යයක් ද හඳුනාගත හැකිය. මේ සියලුම බෞද්ධ සාහිත්‍ය කෘතිවල මුඛ්‍යතම අරමුණ වන්නේ බුදුරදුන් විසින් දේශිත ධර්මය හා විනය තවදුරටත් සාකච්ඡා කිරීම හා ව්‍යාප්ත කිරීම ය. ඒ අනුව බෞද්ධ සාහිත්‍ය අතිශය පුළුල් වූවක් ය යන්න පැහැදිලි ය. ඇතැම් බෞද්ධ ග්‍රන්ථ බුද්ධ දේශනාවෙහි අන්තර්ගත දාර්ශනික කරුණු තවදුරටත් විවරණය කරනු ලබන අතර, ඇතැම් ග්‍රන්ථ සම්පාදනය කිරීමේ අරමුණ වී තිබෙන්නේ බෞද්ධ සදාචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ය. පාලි ජාතක කථා හා පාලි බණ කථා මේ සඳහා නිදසුන් වේ. බෞද්ධ සාහිත්‍යයේ ප්‍රධානම අංගය බුද්ධ වචනය ඇතුළත් ත්‍රිපිටකයයි. ථෙරවාද බෞද්ධ සම්ප්‍රදාය අනුව පාලි ත්‍රිපිටකය ඔවුන්ගේ ප්‍රධානතම බෞද්ධ සාහිත්‍ය වන අතර, සංස්කෘත භාෂාවෙන් සම්පාදිත සූත්‍ර හා ආගම ග්‍රන්ථ මහායානිකයන්ගේ ප්‍රධානතම බෞද්ධ සාහිත්‍ය වේ. මෙයට අමතරව වජ්‍රයානික බෞද්ධයන්ගේ පිටක ග්‍රන්ථ ලියැවී තිබෙන්නේ තිබ්බත භාෂාවෙන් ය. අතීතයේ චීනයට රැගෙන ගිය පාලි පිටක ග්‍රන්ථ චින භාෂාවට පරිවර්තනය කළ අතර, ඒවා දැනට පැරණි චීන භාෂාවෙන් ශේෂ ව තිබේ.


  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]