[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

පිටවල චන්දරතන හිමි

නවගමුව තලපිටිකන්ද අරලිය උයන ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති, රණාල ශ්‍රී මහින්ද මූලික පිරිවෙනේ පරිවේණාචාර්ය, සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පිටවල චන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගිහි පැවිදි කා අතරත් බෙහෙවින් ගෞරවාදරයට පත් ගුණ නැණ බෙලෙන් පිරිපුන් ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ “පිටවල” ගම් පියසෙහි විසූ එළුවගේ මුදියන්සේලාගේ සෝමාවතී මහෝපාසිකා මාතාව ගේ සහ උළුපැන්විදානලාගේ මොහොට්ටි අප්පුහාමි මහෝපාසක මහතාණන් ගේ පුත්‍ර රත්නයක් ලෙස 1971 ජනවාරි මස 18 වැනි දින පිටවල චන්දරතන හිමියෝ ජන්මලාභය ලැබූහ. කුඩා කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ නුවරඑළිය කළුගල මහා විද්‍යාලයෙනි.

1984 ඔක්තෝබර් මස 06 වැනි දා රණාල ශ්‍රී මහින්ද පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් උන් වහන්සේගේ ආචාර්යපාදෝත්තමයාණන් වහන්සේ වූයේ මහෝපාධ්‍යාය හපුගහගම සුමනරංසි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

රණාල ශ්‍රී මහින්ද මූලික පිරිවෙන, දෙල්ගොඩ කල්‍යාණප්‍රදීප විද්‍යායතන පිරිවෙන සහ අවිස්සාවේල්ල සීතාවකපුර සුධර්මාරාම විද්‍යායතන පිරිවෙනින් චන්දරතන හිමියෝ මූලික හා උසස් පිරිවෙන් අධ්‍යාපනය ලැබූ හ. වර්ෂ 1991 මැයි මස 15 වැනි දින කළුතර බාලනදී උදකුක්ඛේප සීමා මාලකයේ දී එවකට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක පදවිය හෙබ වූ කීර්තිශේෂභාවෝපගත පොත්තේවෙල ශ්‍රී පඤ්ඤාසාරාභිධාන මහානායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ මහා සංඝ සභාව වෙතින් අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබූ හ. අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත් ලබා ගත් හ. ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික වශයෙන් සුවිශේෂී සේවාවන් රැසකට නිසි නායකත්වය දෙන පිටවල චන්දරතන හිමි රණාල ශ්‍රී මහින්ද මූලික පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙස ද සේවය කරයි. ඉකුත් 2020 වසරේ දී දකුණු ආසියානු යහපාලන විද්‍යාපීඨය නමැති ආයතනයෙන් විශේෂ උපහාරයක් ද පිරිනැමිණි. ජනවාරි 18 වැනිදාට යෙදුන පිටවල චන්දරතන හිමි 50 වැනි ජන්ම දිනය නිමිත්තෙන් “සාර සංග්‍රහ චන්දරතන ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය” එළිදැක්වීම කොරතොට රාජමහා විහාරස්ථ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]