[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුන්දරී පරිබ්‍රාජිකාවගේ උපාය
සිතුවම - සමන් ශ්‍රීකාන්ත

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

සෙයියු කිරියාමා මහා නා හිමියන්ගේ ජන්ම ශත සංවත්සරයට පින්කම් රැසක්

තම ස්වාමි දියණියගේ අඩම්තේට්ටම් ඉවසා ගත නොහැකි වූ මාලා නම් තරුණියක් ‘රජ්ජුවකින්‘ දිවි නසා ගැනීමට ගොස් අවසානයේ බුද්ධ ශාසනයේ උතුම් වූ රහත් ඵල ලාභී බවට පත් වූ බව රජ්ජුමාලා කතා වස්තුවෙන් අපට දැන ගන්නට හැකි වනවා. මීට දශක කිහිපයකට පෙර ජපානයෙන් ද අපට ඒ ලෙසින් දිවි නසා ගන්නට ගොස් අවසානයේ ලෝකයේ බෞද්ධ පුනරුදයට දායකත්වයක් දැක්වූ අයකුගේ පුවතක් අසන්නට ලැබුණා. ඔහු උපන්නේ 1921 වසරේ ජනවාරි 05 වැනිදායි. ත්සුත්සුමි නමින් හැඳීන් වූ මේ තැනැත්තාගේ කුඩා කල දිවිය ඉතාම වේදනාකාරී වුණා. කොහොම වුණත් අවසානයේ ඔහු දෙවන ලෝක යුද සමයේ ජපන් යුද හමුදාවට එක්වීමට තීරණය කළත් වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වීම නිසා එයද ව්‍යර්ථ වුණා. එම වෛද්‍ය පරීක්ෂණයෙන් කියැවුණේ ත්සුත්සුමිට වැඩිකල් ජීවත්විය නොහැකි බවයි. එයින් දැඩි කළකිරීමට පත් වූ ඔහු තමන්ගේ දිවි නසා ගැනීම එකම විසඳුම යැයි සිතා ඒ සඳහා සූදානම් වුණා. එහෙත් බුදුරජාණන් වහන්සේ වදාළ සූත‍‍්‍ර ධර්මයක් කියැවීමට ලැබීමෙන් පසුව අට ලෝ දහම මෙන්ම රෝග බිය ලොව සියලු දෙනාටම එක සේ බලපාන බව වටහා ගත් ඔහු ත්සුත්සුමි ‘සෙයියු කිරියාමා‘ නමින් පැවිදි වුණා. ඒ 1955 වසරේදීයි.පැවිදි වීමෙන් පසුව ඒ හිමියන් සිදු කෙළේ දරුවන්ගේ අධ්‍යාපනයට උපරිම ලෙසින් දායකත්වය ලබා දීමට කටයුතු කිරීමයි. ජපානය වැනි දියුණු රටක සිට සංවර්ධනය වෙමින් පවතින රටක අධ්‍යාපනය ලබන දරුවන්ගේ දැනුම වැඩි කළ යුතු යැයි ඒ හිමියන් කල්පනා කළා.

දියුණුවේ දොරටු විවර කර ගනිමු

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවෙක කක්කරපත්ත නමැති කෝලිය ගමට වැඩම කළහ. එහිදී ව්‍යග්ඝපජ්ජ වංශික දීඝජානු නමැති කෝලිය පුත්‍රයා බුදුරදුන් හමුවීමට ගොස් එකත්පස්ව හිඳ මෙසේ පැවසී ය. “ස්වාමීනි, අපි පස්කම් සුව අනුභව කරමින් අඹුදරුවන් නිසා වන කරදර සහිතව ගිහි ගෙදර වාසය කරමු. කසී රට සුවඳ සඳුන් පරිභෝග කරමු. මල් ගඳ, විලවුන් භාවිත කරමු. රන් රිදී මසු කහවණු ඉවසමු. ස්වාමීනි, මෙසේ ජීවත්වන අපට මෙලොව හිත සුව පිණිස, පරලොව හිතසුව පිණිස උපකාරවන්නා වූ ධර්මයක් දේශනා කරන සේක්වා!” මෙහි දී බුදුරජාණන් වහන්සේ මිනිසාගේ මෙලොව හිත සුව පිණිස පවත්නා කරුණු සතරක් ද, පරලොව හිතසුව පිණිස පවත්නා කරුණු සතරක් ද දේශනා කළහ. එයින් මෙලොව හිතසුව පිණිස හේතුවන කරුණු සතර නම් උත්සාහ සම්පත්තිය (උට්ඨාන සම්පදා) ආරක්ෂා සම්පත්තිය (ආරක්ඛ සම්පදා) ආරක්ෂා සම්පත්තිය, කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය (කල්‍යාණ මිත්තතා) හා පමණ දැන සමව ජීවත්වීම යි. (සමජීවිකතා) මෙයින් “උට්ඨාන සම්පදා” යනු කුමක්දැයි, පහදවමින් බුදුරදුන් දේශනා කළේය.

 

ධර්ම දේශනාව:

සිතන පතන දේ ඉටු වන්නටපෙර පින් ඕනෑ

“පින් ඇත්තෝ යමක් සිතත් ද එයම සමෘද්ධ වේ. එහෙත්, පින් මඳ අයට තමන් පතන දේ සිද්ධ නොවේ.” පින්වතුනි, ලොව්තුරු තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ ජීවමාන සමයේ දඹදිව විශාලා මහනුවර රෝග භය, අමනුෂ්‍ය භය, දුර්භික්ෂ භය නමින් යුත් තුන්බියක් ඇති විය. මෙහි ස්වරූපය වන්නේ රෝගයක් සෑදී මිනිසුන් දහස් ගණනින් මිය යාමයි. එය වසංගත රෝගයකි. ඉන්පසු වන්නේ, ගෙයක් ගෙයක් පාසා මළමිණී ගොඩ ගැසීමයි. අනතුරුව අමනුෂ්‍යයෝ ඒවාට අරක් ගනී. එවිට භීතිය හටගනී. පසුව මිනිසුන්ට ආහාරපාන හිඟවී මිය ඇදේ. මේ තුන්බිය බුදු ඇසින් දුටු බුදුපියාණෝ ආනන්ද තෙරුන්ලවා රතන සූත්‍රය දෙසා වදාළා, පිරිතේ අනුහසින් එය වූපසමනය කළහ. එයින් උපන් සුතුර රතන සූත්‍රයයි. තුණුරුවන්ගේ ගුණ කියැවෙන මහා බලගතු රුවන් සූත්‍රයයි. විශාලා මහනුවර ඇති වූ තුන්බිය සේ ම ශ්‍රී ලංකාවේ ඇති වූ වසංගත රෝග, සාගත රෝග පිළිබඳව තොරතුරු ඉතිහාසයෙන් පැනෙයි. වළගම්බා රජු දවස ඇති වූ බැමිණිතියා මහාසාය හා සිරිසඟබෝ රජු දවස ඇති වූ රක්තාක්ෂි නම් වසංගතය ඊට කදිම සාධකයෝ වෙති. මේ ලිපියේ අවධානය යොමුවන්නේ එහි සමස්තය කීමට නොව, බැමිණිතියා මහා සාය හෙවත් සාගතය හමුවේ දිවි බේරාගෙන, සිය ශරීර මාංශ දන්දීමට සැරසුණු ඉතාමත් ශ්‍රද්ධාවන්ත උපාසක යුවළක් පිළිබඳව ය.

 

බෞද්ධ සාහිත්‍යය ධර්මාවබෝධයට හා ජීවිතාවබෝධයටයි

අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා මුළුමණින් ම බෞද්ධ අනන්‍යතාවකින් යුතුව සම්පාදිත ගද්‍ය පද්‍ය සාහිත්‍යයක් විද්‍යාමන වන හෙයින් පැරණි සිංහල සාහිත්‍යය බෞද්ධ සාහිත්‍ය යනුවෙන් හැඳීන්වීම යුක්තියුක්ත වේ. මෙම ග්‍රන්ථවල මුඛ්‍යතම අරමුණ වී ඇත්තේ පොදු ජනයා මෙන්ම විද්වත් ජනයා ධර්මයෙන් ඤාණනය කිරීම ය" බුදු රදුන් විසින් දේශිත ධර්මය හා විනය තේමා කරගත් සාහිත්‍ය බෞද්ධ සාහිත්‍යය යන පොදු නාමයකින් හඳුන්වනු ලැබේ. මෙම සාහිත්‍යය සාතිශය පුළුල් වූවකි. එය පාලි සංස්කෘත ආදි මූල භාෂාවන්ගෙන් මෙන්ම, බුදුසමය ව්‍යාප්ත වූ ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය, තිබ්බතය, ජපානය, චීනය හා කොරියාව ආදි ථෙරවාද සහ මහායාන බෞද්ධයන් වෙසෙන රටවල ඔවුනොවුන්ගේ මව් බසින් සම්පාදිත බෞද්ධ සාහිත්‍ය ද එයට අයත් වේ. මෙයට අමතරව බුදුසමය ව්‍යාප්ත වූ යුරෝපයේ ඉංග්‍රිසි, ප්‍රංශ, ජර්මන් ආදි භාෂාවලින් සම්පාදිත නූතන බෞද්ධ සාහිත්‍යයක් ද හඳුනාගත හැකිය. මේ සියලුම බෞද්ධ සාහිත්‍ය කෘතිවල මුඛ්‍යතම අරමුණ වන්නේ බුදුරදුන් විසින් දේශිත ධර්මය හා විනය තවදුරටත් සාකච්ඡා කිරීම හා ව්‍යාප්ත කිරීම ය. ඒ අනුව බෞද්ධ සාහිත්‍ය අතිශය පුළුල් වූවක් ය යන්න පැහැදිලි ය. ඇතැම් බෞද්ධ ග්‍රන්ථ බුද්ධ දේශනාවෙහි අන්තර්ගත දාර්ශනික කරුණු තවදුරටත් විවරණය කරනු ලබන අතර, ඇතැම් ග්‍රන්ථ සම්පාදනය කිරීමේ අරමුණ වී තිබෙන්නේ බෞද්ධ සදාචාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]