[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සිල් රැකීම හා සිල් බිඳීම

සිල් රැකීම හා සිල් බිඳීම

බෝධිපාක්ෂික ධර්ම පුරන්නට පටන් ගන්නා වූ තැනැත්තා විසින් පළමුව කළ යුත්තේ ශීලයෙහි පිහිටීම ය. මෙහි ශීලය යි කියන ලදුයේ නිත්‍යම ශීලයට ය. ගිහි පින්වතුන් විසින් නිත්‍යශීලය වශයෙන් පඤ්ච ශීලය රක්ෂා කළ යුතු ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංගත්‍රය සම්පූර්ණ කිරිම් වශයෙන් ආජීවාෂ්ටමක ශීලය නිත්‍ය, ශීලය වශයෙන් රක්ෂා කරන්නට පුරුදු කර ගැනීම වඩාත් හොඳ ය. උත්සාහය ඇති නම් අෂ්ටාංග ශීලය හා දස ශීලය ද නිත්‍ය ශීල වශයෙන් රක්ෂා කිරීම සුදුසු ය.

පෘථග්ජන පුද්ගලයා ගේ ශීලය ස්ථීර නැත. ඔහු අතින් සමහර අවස්ථාවල දී ඇතැම් සිල්පද බිඳීය හැකි ය. එසේ බි¼දීමක් වුවහොත් නැවත සිල් ඉටා ගත යුතු ය. නො බිඳෙන ලෙස නො රැකිය හැකිය කියා ශීලය නො හළ යුතු ය. නො බිඳෙන ලෙස සිල් නො රැකිය හැකිය කියා භාවනාවන් ද නො හළ යුතු ය. ශීලයෙහි පිහිටා භාවනා කළ යුතුයැ යි කියනුයේ එය වඩා හොඳ නිසා ය. එසේ කියනුයේ සිල් නැති ව සිට භාවනා කිරීමෙන් පවක් වන නිසා හෝ එය නිෂ්ඵල වන නිසා හෝ නොවේ. සිල් නැතිව කරන භාවනා වෙන් ද සාමාන්‍ය ඵල ලැබෙන්නේ ය.

බෝධිපාක්ෂික ධර්ම නො වැඩූ තැනැත්තන්ගේ සන්තානවල කෙලෙස් බහුල ය. එබැවින් ඔවුනට සිල් රැකීම මහ බරක් හැටියට වැටහේ. සමාදන් වූ ශීලයෙහි පිහිටා සිටීමට ද ඔවුනට දුෂ්කර වන්නේ ය. ඔවුන්ගේ ශීලය නිතර ම කිලිටි වන්නේ ය. බිඳෙන්නේ ය. බෝධිපාක්ෂික ධර්මයන් වැඩීමෙන් ක්‍රමයෙන් කෙලෙස් තුනී වන්නේ ය. කෙලෙස් තුනී වූ තරමට සිල් රැකීම පහසු වන්නේ ය. කෙලෙස් තුනී කර ගත් තැනැත්තාට බරක් වන්නේ සිල් රැකීම නො ව සිල් බි¼දීම ය. බෝධිපාක්ෂික ධර්ම නොවැඩූ තැනැත්තාට සික පදයක් රක්ෂා කිරීම බරක් සැටියට, අමාරුවක් සැටියට වැටහෙන තරමට ම බෝධිපාක්ෂික ධර්ම ස්ව සන්තානයෙහි ඇති කරගත්, දියුණු කර ගත් තැනැත්තාට යම් කිසි සික පදයක් තමා අතින් කැඩෙන්නට යනවා නම් එය අමාරුවක්, බරක් සැටියට වැටහෙන්නේ ය. එ බැවින් බෝධි පාක්ෂික ධර්ම වැඩෙත් ම සිල් රැකීම පහසු වන බව ද දත යුතු ය.

  පුර අටවක
පෝදා 

ජනවාරි 20 බදාදා අපර භාග 13.15 න් පුර අටවක ලබා 21 බ්‍රහස්පතින්දා අපර භාග
15.50 න් ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

Full Moonඅමාවක

පෙබරවාරි 11

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]