ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ වප් අමාවක පෝදා, 2020 නොවැම්බර් 14 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පුණ්ණ ගෘහපති පැවිදිබව ලැබීම සිතුවම - හර්ෂ ගුණවර්ධන
නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
අමාවක
නොවැම්බර් 14
පුර අටවක
නොවැම්බර් 22
පසළොස්වක
නොවැම්බර් 29
අව අටවක
දෙසැම්බර් 08
මෙරට බෞද්ධ ජනතාව විසින් වසරකට වරක් සියලු විහාරස්ථානයන්හි පවත්වන ප්‍රධාන බෞද්ධ උත්සවයක් ලෙස සැලකෙන කඨින පින්කම් මංගල්‍යයේ තවත් විශේෂ පිටුවක් පෙරළමින් රාජ්‍ය කඨින පුණ්‍ය මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වැනිදා ඉරිදා පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමවති පුදබිමේ දී පැවැත්විණි. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. පෙර රජ දවස පැවැති චාරිත්‍රයක් වූයේ කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීමයි. රජ දවසේ බෞද්ධ පුනරුදය සිහිගැන්වූ මෙවර රාජ්‍ය කඨින පින්කම් මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුකූලතාව ඇතිව සංවිධානය විය. කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිතුමන් සෝමවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. බුද්ධ පූජා පෙරහරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවත් සඳහා ද සහභාගි වූ ජනාධිපතිතුමා කඨින චීවරය පඬු පෙවීමේ මංගල්‍යයට ද එක් විය. දවල් දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව පඬු පෙවූ කඨින චීවරය රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පෙරහරින් වැඩම කරවන ලදී. ජනාධිපතිතුමන් විසින් එය සඟ සතු කොට පූජා කරන ලදී.
ධර්ම දේශනාව:
ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨි පරමං ධනං - විස්සාස පරමා ඤාතී - නිබ්බානං පරමං සුඛං, නිරෝගිකම උතුම් ලාභය වේ. සතුට පරම ධනය වේ. විශ්වාසයට වඩා නෑයෙක් නැත. නිවන උතුම්ම සැපයයි. පසේනදී කොසොල් මහ රජතුමා දිනක් අධික ලෙස සිය කුස පුරා ආහාර ගෙන ටික වේලාවක්වත් විවේක නොගෙන විහාරයට ගොස් බුදුන්වහන්සේ වැඳ එකත් පසෙක හිඳ පිළිසඳර කථාවෙහි නියැළුණේ ය. අධික වූ ආහාර මදයෙන් මත්ව හටගත් නිදිමත ඉවසිය නොහැකිව, ඈනුම් අරිමින් මඳ සිහියෙන්, නොසන්සුන් ගති ලක්ෂණ ඇතිව සිටි මොහොතේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ සේක. කිමෙක්ද? මහරජ මදක්වත් විවේක නොගෙන නොනිදා මෙහි ආවෙහිද? එසේ ය. භාග්‍යවතුන් වහන්ස, ආහාර ගත් වෙලාවේ සිටම කයට, ශරීරයට අපහසුව පීඩාව, මහන්සිය අධිකයි. මහරජතුමා කීවේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මානුකූල හා සෞඛ්‍ය සම්පන්න පිළිතුර වූයේ ප්‍රමාණය දැනගෙන ආහාර ගැනීම ශරීරයට සුව පහසුවන බවයි. ආහාර ගැනීමේ ක්‍රමයක් සීමාවක්, ප්‍රමාණයක්, පිළිවෙළක් ඇති බව උන්වහන්සේ මැනවින් පෙන්වා දුන් සේක. කොසොල් මහ රජතුමා එම අවවාදයෙහි සාර්ථකව පිහිටා පමණ දැනගෙන ආහාර ගැනීමෙන් ශරීර සුවතාවයක් මනා ලෙස ලැබී ය. මිනිසා දිනකට ප්‍රධාන ආහාර වේල් තුනක් ගැනීම සිරිතකි. අතිරේක ආහාර ගැනීම ද සිදු කරති. නමුත් එම ආහාරවල, ඇතිවීමක් ප්‍රමාණයක්, සීමාවක්, ප්‍රමිතියක් ගැළපෙන නොගැළපෙන බවක්, ගුණාත්මක බවක් බොහෝ විට කල්පනා නොකරති. වැරැදි ආහාර ක්‍රම රටාව නිසා ශරීරයේ සීනි මට්ටම ඉහළයාම හේතුවෙන් දියවැඩියාව ආදී විවිධ වූ ශාරීරික, මානසික රෝග පීඩා ඇති කරයි. මුළු මිනිස් ජීවිතයම අඳුරු කරන, අසරණ කරන රෝග වලට ද වැරදි ආහාර රටාවේ ගැටලු බොහෝවිට හේතු වන්නට ඉඩ තිබේ. ව්‍යායාමවලින් බැහැරව සිටින ලොකු කුඩා වැඩිහිටි බහුතරයක් පිරිස එවන් රෝග ලක්ෂණවලට ගොදුරු වෙති. සෞඛ්‍ය සම්පන්න දාන වේලක් නොලැබීම තුළ බොහෝ භික්ෂූන් වහන්සේලා ද විවිධ වූ ලෙඩ රෝගවලට මුහුණදෙන බව පෙනේ. භික්ෂූන් වහන්සේලාට දානය (ආහාර) සකස් කිරීමේ දී වස විස නැති ගමේ දෙයක් සැකසීම ඉතාමත් වැදගත් ය. එමඟින් දානය පිළිගන්වන දායක පිරිසට ද නිරෝගීකමේ ආනිසංශ මෙලොවදීම හිමිවේ.
අතීත රජදරුවන්ගේ රාජ්‍ය පාලනය සිහිගන්වමින් හා සංඝරත්නයේ ආශිර්වාදයෙන් රාජ්‍ය පාලනය කිරීමේ කටයුතු පසුගිය වසරේ අග භාගයේ සිට අපේ රටේ යළිත් ආරම්භ වුණා. ඒ රුවන්වැලි සෑය අභියස දී තමන් මෙරට ආගමික,ශාසනික මෙහෙයට කටයුතු කරන බවට ජනාධිපතිතුමා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමත් සමඟින්. සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් සියලු ජාතීන්ගේ අයිතීන් රැකෙන ලෙසින් සිදුකළ මේ යුග පරිවර්තනය නිසා සියලු ජාතින් අතර එකමුතුභාවය රැක දීමට හැකිව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් වසරක කාලයක් රාජ්‍ය පාලනය කරන ලද්දේ ආගමට දහමට මුල් තැන ලබාදෙමින්. එහි තවත් පියවරක් පෙන්නුම් කරමින් අතීත රජදවසින් පසුව මෙරට රාජ්‍යානුග්‍රහයෙන් සිදු කරන ලද පළමු කඨින පින්කම පසුගිය 8 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෝමවතී රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා චීවරය පඬු පෙවීමට සහභාගි වීම ද අප ඉහළින්ම අගය කළ යුතුවෙනවා.රජ කල සිදුවූ ඇතැම් විදේශ ආක්‍රමණ හමුවේ භික්ෂූන් වහන්සේ දැඩි අපහසුතාවට පත් වුණා. වෙහෙර විහාර බිමට සමතලා කළ යුග පවා අපේ ඉතිහාසයේ දැක්වෙනවා. එවන් ආකාරයේ කළකිරීමකින් පසුගිය කාලයේ මෙරට භික්ෂූන් වහන්සේට දිවි ගෙවීමට සිදුව තිබුණා. භික්ෂූන් වහන්සේට සමාජයේ තිබුණු පිළිගැනීම වෙනුවට භික්ෂූන් වහන්සේට පරිභව කරන සමාජයක් බිහිකරන තත්ත්වයක් අපට දක්නට ලැබුණා. මෙරට බෞද්ධ රාජ්‍යයක් බවට අන්‍යාගමික ආගමික නායකයන් පවා ප්‍රකාශ කරද්දී, ඇතැම් වගකිව යුතු පිරිස් ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවන බවට පුන පුනා ප්‍රකාශ කරද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙන්ම ගිහි පිරිස් ද පත් වුණේ සුළුපටු අපහසුතාවකට නොවේ.
බොදු මහා සමුළුවේ කඨින පුණ්‍ය මහෝත්සවය
පිරිවෙන
සිරි සදහම් පැන විසඳුම්
ඉතිරිය»
ආලවක සූත්‍රය: රතන සූත්‍රය සජ්ඣායනා කර ලෝකයට ම සෙත් පතමු
නිවන් දැකීම භික්ෂුන් වහන්සේට පමණක් අදාළ ද ?
ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා-13: සුගත බුදුගුණ භාවනාව
ආහාර පිදීමේ අනුසස්
තරුණ මනස නිවැරැදි කරවීමට උපාය උපක්‍රම
ලංකාවේ බෞද්ධ ස්තූප - 18: ජයකොන්තය මත ඉදි වූ මිරිසවැටිය ස්තූපය.
අටවිසි බෝධි පුරාණය - 14: අෂ්ට ඵලරුහ හා දෙතිස් ඵලරුහ බෝධීන් වහන්සේ
සුළඟේ වේගය පැරද වූ මුවාගේ කතාව
ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේ
තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 23 කොටස: පදුමකිත්ති හිමිගේ හඬට ඕමන්ත මුරපොළ හෙල්ලෙයි!
පරාක්‍රමබාහු රජු උපත ලද දැදිගම කොටවෙහෙර රාජ මහා විහාරය
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]