[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන

පිරිවෙනටත බුදුසරණ

අප රටේ පුරාතන සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය වූ පිරිවෙන මුල්කරගෙන එහි සුවිශේෂී අනන්‍යතාව මේ යැයි විදහා දක්වමින් දිගහැරෙන “පිරිවෙන” පිටුව සතිපතා බුදුසරණ පුවත්පත තුළින් ඉදිරිපත් කෙරෙයි. ඒ අනුව ලංකාවේ 829 ක් වූ පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන පිළිබඳ තොරතුරු පුවත් හා පිරිවෙන් අධ්‍යාපනය හා අදාළ සුවිශේෂී ලිපි සඳහා මෙම පිටුව වෙන් කෙරෙන අතර සියලු ලිපි, තොරතුරු හා ඡායාරූප සඳහා මෙම පිටුව වෙන් කෙරේ.

පිරිවෙන්වලට අදාළ පුවත්, ඡායාරූප සහ ලිපි අප වෙත යොමු කරන්න.
[email protected]
බුදුසරණ කර්තෘ මණ්ඩලය , ලේක්හවුස්, කොළඹ


පිරිවෙන් අධ්‍යාපනයේ ආරම්භය හා විකාශය

ගාල්ල උණවටුන හෙට්ඨාචල මහ පිරිවෙන් විදු පියස

වර්තමාන බෞද්ධ පුනරුදයේ නිර්මාතෘවරයාණෝ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ බව ඔබ මනාව දන්නා කරුණකි.

උන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්ත්වයෙන් 1756 වර්ෂයේදී මහනුවර මල්වතු මහා විහාර රාජකීය උපෝෂිතාගාරයේදී ස්වකීය ශිෂ්‍යවරයන් දහ අට (18) දෙනෙකු සමග කැටගොඩ රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබන ලදි.

උන් වහන්සේ මීට වසර 250කට පමණ පෙර යටගල රාජමහා විහාරස්ථානයේ අධිපතිවරයාණන් වහන්සේ ලෙස ශාසනික වශයෙන් අමිල සේවාවක් සිදුකළහ. මෙසේ කරුණු දක්වන විට පාඨක ඔබ අප ඓතිහාසික විහාරස්ථානයේ ඉතිහාසය අවුරුදු 250 කට ලඝුකොට සිතීමට කලබල නොවිය යුතුය. මන්ද අනුරාධපුර (බෝධීන් වහන්සේ රෝපණය) , දඹදෙනිය (ගල්ලෙන තුළ සැතපෙන පිළිමය නිර්මාණය), මහනුවර (ලෝකඩ බුද්ධ ප්‍රතිමා වහන්සේට උපහාර පූජා පැවැත්වීම) යන රාජ්‍ය යුගයන්හී රාජපූජිත ස්ථානයක් බවට සාධක අදටත් එම ස්ථානයේ දැකිය හැකි බැවිනි.

දකුණු ලක කීර්තිමත් භික්ෂු පරම්පරාවක් වන කැටගොඩ සඟ පරපුර ආරම්භ වන්නේ කැටගොඩ රතනජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෙනි. එම සඟ පරපුරෙහිම කීර්තිමත් සංඝනේතෘවරයාණන් කෙනෙකු වූ කවිකුලතිලක කලහේ ශ්‍රී ගුණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනෙහි වැඩසිටි බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වෙතින් පෙරපර භාෂා හා ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය නිමකොට සිය අරමට පැමිණ පැරණි විහාර නාමය පාලියෙන් ගෙන ක්‍රි.ව. 1891 දී “හෙට්ඨාචල” නමින් පිරිවෙනක් ආරම්භ කරන ලදි. එසේම පල්ලිය මූලිකව බොදුනුවන් අන්‍යාගමීකරණයට ශුක්ෂම ලෙස නතුකරගත් මිෂනාරී අධ්‍යාපනයට පිළිතුරක් ලෙස උන් වහන්සේ

* යටගල මැල්කම් විද්‍යාලය (1914)

* කලහේ ශ්‍රී සුමංගල විද්‍යාලය (1916)

* මීපේ අමතායන විද්‍යාලය (1918)

* පිලානේ විද්‍යාර්තෝදය විද්‍යාලය (1920)

* හම්මෑලිය සල්ගමු විද්‍යාලය (1929)

* දොරපේ පරමානන්ද විද්‍යාලය (1933)

යනාදී බෞද්ධ පාඨශාලා හයක් (06) ක් ද ආරම්භ කළහ. ආරම්භයේ සිටම හෙට්ඨාචල පිරිවෙන ශාස්ත්‍රීය අංශයට පමණක් සීමා නොවී වෘත්තීය අංශයට ද අවස්ථා ඇති කොට තිබීම විශේෂයෙන් සටහන් තැබිය යුතු කාරණකි. කොහු කර්මාන්තය, පේෂ කර්මාන්තය, වඩු කර්මාන්තය, ලෝහ කර්මාන්තය ආදිය මෙම කර්මාන්ත 1960 දසකයේ මැද භාගය දක්වා පැවති අතර යතුරු ලියන හා ලඝු ලේඛනය නව්‍ය විෂයන් ලෙස විෂය ධාරාවට එකතු වන්නේ පිරිවෙනට පුනරුදයක් එක්කල අභිනව පරිවේණාධීපතිවරයා වූ රාජකීය පණ්ඩිත වත්තෙහේනේ ශ්‍රී පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආගමනයත් සමග ය. මෙකල කලා විෂය ධාරාවට අතිරේකව විද්‍යා හා වාණිජ අංශ ඔස්සේ ඉගෙනුම් අවස්ථා ලබන්නට ශිෂ්‍යයන්ට අවස්ථාව හිමිවන්නේ හෙට්ඨාචල පිරිවෙන ජ්‍යෙෂ්ඨ (මහ) පිරිවෙනක් ලෙස උසස් තත්වයට පත්කර ගැනීම නිසාවෙනි. එම ගෞරවය ශ්‍රී පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේට හිමි කළ යුතුය.

1976 මැයි මස 06 වන දින පිරිවෙන් විහාරස්ථානය දැඩි සංවේගාත්මක සිදුවීමකට මුහුණදුන් දිනයකි. එදින පරිවේණාධිපති වත්තේහේනේ ශ්‍රී පියරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ හදිසි රිය අනතුරකින් අපවත්වීම පිරිවෙනෙහි මහා බිදවැටීමක ලකුණු පළකළ ද වත්මන් කෘත්‍යාධිකාරී, විහාරාධීපති නාහිමිපාණන් වහන්සේ තරුණ භික්ෂුවක් ලෙස එදා එම අභියෝගයට ඉතා සාර්ථකව මුහුණ දෙමින් හෙට්ඨාචල මහ පිරිවෙන හොඳීන් පවත්වාගෙන යන්නට මහත් වෙහෙසක් දැරී ය.

මෙම ලිපියේ තවත් කොටසක් ඉල් පුර අටවක පෝදා (22 ) පත්‍රයේ පළවේ.

  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]