[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුව ඓතිහාසික සෝමවති පුදබිම

කඨින පින්කම් රාජ්‍ය මහෝත්සවය සෝමවති පුදබිමේ දී

මෙරට බෞද්ධ ජනතාව විසින් වසරකට වරක් සියලු විහාරස්ථානයන්හි පවත්වන ප්‍රධාන බෞද්ධ උත්සවයක් ලෙස සැලකෙන කඨින පින්කම් මංගල්‍යයේ තවත් විශේෂ පිටුවක් පෙරළමින් රාජ්‍ය කඨින පුණ්‍ය මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වැනිදා ඉරිදා පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමවති පුදබිමේ දී පැවැත්විණි. දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ. පෙර රජ දවස පැවැති චාරිත්‍රයක් වූයේ කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීමයි. රජ දවසේ බෞද්ධ පුනරුදය සිහිගැන්වූ මෙවර රාජ්‍ය කඨින පින්කම් මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුකූලතාව ඇතිව සංවිධානය විය. කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිතුමන් සෝමවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය. බුද්ධ පූජා පෙරහරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවත් සඳහා ද සහභාගි වූ ජනාධිපතිතුමා කඨින චීවරය පඬු පෙවීමේ මංගල්‍යයට ද එක් විය. දවල් දානමය පුණ්‍ය කර්මයෙන් අනතුරුව පඬු පෙවූ කඨින චීවරය රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පෙරහරින් වැඩම කරවන ලදී. ජනාධිපතිතුමන් විසින් එය සඟ සතු කොට පූජා කරන ලදී.


  වප් අමාවක 

නොවැම්බර් 14 සෙනසුරාදා අපරභාග 02.18 න් අමාවක ලබා 15 ඉරිදා පූර්වභාග 10.36 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
 

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 14

First Quarterපුර අටවක

නොවැම්බර් 22

Full Moonපසළොස්වක

නොවැම්බර් 29

Second Quarterඅව අටවක

දෙසැම්බර් 08


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]