ජනාධිපතිතුමා
බෞද්ධ උරුමය
නැවත සුරක්ෂිත කළා
මොරටුව එගොඩ උයන
විශ්වාලෝක විද්‍යාලයේ හිටපු විදුහල්පති
අග්‍රාමාත්‍ය ආගමික කටයුතු සම්බන්ධීකාරක
ශාස්ත්‍රපති
එගොඩඋයනේ ඥානවිමල හිමි
අතීත රජදරුවන්ගේ රාජ්‍ය පාලනය සිහිගන්වමින් හා සංඝරත්නයේ ආශිර්වාදයෙන් රාජ්‍ය පාලනය
කිරීමේ කටයුතු පසුගිය වසරේ අග භාගයේ සිට අපේ රටේ යළිත් ආරම්භ වුණා. ඒ රුවන්වැලි සෑය
අභියස දී තමන් මෙරට ආගමික,ශාසනික මෙහෙයට කටයුතු කරන බවට ජනාධිපතිතුමා ලෙස ගෝඨාභය
රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දීමත් සමඟින්.
සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරමින් සියලු ජාතීන්ගේ අයිතීන් රැකෙන ලෙසින් සිදුකළ මේ යුග
පරිවර්තනය නිසා සියලු ජාතින් අතර එකමුතුභාවය රැක දීමට හැකිව තිබෙනවා. ජනාධිපති
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් වසරක කාලයක් රාජ්‍ය පාලනය කරන ලද්දේ ආගමට දහමට මුල්
තැන ලබාදෙමින්.
එහි තවත් පියවරක් පෙන්නුම් කරමින් අතීත රජදවසින් පසුව මෙරට රාජ්‍යානුග්‍රහයෙන් සිදු
කරන ලද පළමු කඨින පින්කම පසුගිය 8 වැනිදා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෝමවතී
රජමහා විහාරස්ථානයේ දී පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා චීවරය පඬු පෙවීමට සහභාගි වීම
ද අප ඉහළින්ම අගය කළ යුතුවෙනවා.
රජ කල සිදුවූ ඇතැම් විදේශ ආක්‍රමණ හමුවේ භික්ෂූන් වහන්සේ දැඩි අපහසුතාවට පත් වුණා.
වෙහෙර විහාර බිමට සමතලා කළ යුග පවා අපේ ඉතිහාසයේ දැක්වෙනවා. එවන් ආකාරයේ
කළකිරීමකින් පසුගිය කාලයේ මෙරට භික්ෂූන් වහන්සේට දිවි ගෙවීමට සිදුව තිබුණා.
භික්ෂූන් වහන්සේට සමාජයේ තිබුණු පිළිගැනීම වෙනුවට භික්ෂූන් වහන්සේට පරිභව කරන
සමාජයක් බිහිකරන තත්ත්වයක් අපට දක්නට ලැබුණා. මෙරට බෞද්ධ රාජ්‍යයක් බවට අන්‍යාගමික
ආගමික නායකයන් පවා ප්‍රකාශ කරද්දී, ඇතැම් වගකිව යුතු පිරිස් ශ්‍රී ලංකාව බෞද්ධ
රාජ්‍යයක් නොවන බවට පුන පුනා ප්‍රකාශ කරද්දී බෞද්ධ භික්ෂූන් වහන්සේ මෙන්ම ගිහි
පිරිස් ද පත් වුණේ සුළුපටු අපහසුතාවකට නොවේ.
එසේම බුදු දහමින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති මත් උවදුර රටම ආක්‍රමණය කරමින්
තිබුණා. අපරාධකරුවන්ගෙන් සමන්විත පාතාලය හිස ඔසවමින් තිබුණු නිසා ද ජනතාව දැඩි
අපහසුතාවකට පත්ව සිටියා.
මෙවන් සමාජයක ජීවත් වූ භික්ෂූන් වහන්සේ මෙන්ම ජනතාව එම පීඩනයෙන් මිදීමේ නිවැරැදි
මාර්ගය ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා ලෙස තෝරා පත් කර ගත්තේ ජනතාවට
ආගම දහමට අනුව දිවි ගෙවීමට අවශ්‍ය නිසයි.
මෙවන් සමාජයකට කොරෝනා වසංගතය පැමිණීමත් සමඟ මෙරට විශාලා මහනුවරක් වන්නට ඉඩ තිබුණා.
නමුත් එවැන්නක් සිදුවූයේ නැහැ. එයට ප්‍රධානම හේතුව වූයේ රටේ පාලනය දැහැමින් සිදුවූ
නිසයි. පසුගිය කාලයේ පළමු කොරෝනා රැල්ල මතු වූ අවස්ථාවේ දී ජනතාවට අවශ්‍ය ආහාර
මෙන්ම ඖෂධ නිවසට ම ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට හැකිවුණේ
ජනාධිපතිතුමාගේ සහනශීලී ආගමට ලැදි ප්‍රතිපත්තිය නිසයි.
එතුමා රාජ්‍ය පාලනය බාර ගැනීමෙන් පසුව තෛ‍්‍රනිකායික මහ නායක හිමිවරුන්ගේ නියෝජනයන්
මෙන්ම මෙරට ජාතික මට්ටමේ භික්ෂූන් වහන්සේ 40 නමකගෙන් සමන්විත බෞද්ධ උපදේශක සභාවක්
ස්ථාපනය කළා. ඒ බෞද්ධ උපදේශක සභාව ඔස්සේ ආගමික ශාසනික කටයුතු පමණක් නොව රාජ්‍ය
පාලනය සම්බන්ධව ද භික්ෂූන් වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගත්තා. මෙරට රාජ්‍ය
පාලකයකු, භික්ෂූන් වහන්සේගෙන් සමන්විත උපදේශක සභාවක් එසේ පත් කරන ලද්දේ ද රාජ්‍ය
සමයෙන් පසුවයි.
කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත් රාජ්‍ය වෙසක් උත්සවය පවා හොරණ ඔලබොඩුව රජමහා
විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන පවත්වන්නට මෙවර කටයුතු කෙරුණා. එසේම මිහිඳු මාහිමියන්ගේ
මෙරටට වැඩම කිරීම සිහි ගන්වන පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය ජාතික උත්සවයක් බවට පත්
කරන්නට පසුගිය පොසොන් පොහෝ දින කටයුතු යෙදීම ද අප මෙහිදී විශේෂයෙන්ම අගය කළ යුතු
වෙනවා. එහිදී තෛ‍්‍රනිකායික නාහිමිවරුන් මිහින්තලාවට වැඩමවා මිහින්තලේ පුදබිම ලෝක
උරුමයක් බවට පත් කරන්නට කටයුතු කිරීම මේ වසරේ අප ලද විශේෂ භාග්‍යයක් ලෙස පෙන්වා දිය
හැකියි.
ඊට අමතරව පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ඒ හා සමාන තවත් වැදගත් ශාසනික උත්සවයක්
පැවැත්වූවා. මිහිඳු මාහිමියන්ගේ පරිනිර්වාණය සිහි ගන්වමින් වප් පුර අටවක පොහෝ දින
අතීතයේ මෙන් ‘මිහිඳු වප් පුර පෝය‘ ලෙසින් යළිත් නම් කිරීමත් මෙහිදී අගය කළ යුතුයි.
එය ජාතික උත්සවයක් ලෙසින් පැවැත්වීමට කටයුතු යෙදීම මහත් සේ අගය කළ යුතුමයි.
අතීතයේ සිට බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පත්, එහෙත් මෑත යුගයේ අන්තවාදීන්ගේ ග්‍රහණයට
ලක්ව තිබුණු මුහුදු මහා විහාරය වැනි පුරාණ වෙහෙර විහාර රැසක්ම පසුගිය වසරක කාලයේදී
යළිත් බෞද්ධ උරුමයන් බවට පත් කිරීමට පියවර ගැනුණා. මුතූර් ප්‍රදේශයේ රාවගල ද
එවැන්නක්. එවැනි තවත් විශේෂිත බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස කුරගල පුදබිම හඳුන්වා දෙන්න
පුළුවන්.
මීට කලකට පෙර නැඟෙනහිර බෞද්ධ උරුමයන් ඩෝසර් කර දැමූ යුගයක් අපට දක්නට තිබුණා.
විශේෂයෙන්ම සූදකුඩා චෛත්‍යයක් මෙන්ම මඩකලපුවේ ඉපැරැණි චෛත්‍යයක් ඩෝසර් කර තිබුණා.
වැළලී යමින් තිබුණු ඒ බෞද්ධ උරුමය මේ වන විට යළිත් පිබිදීමට ලක් කර තිබෙනවා.
විශේෂයෙන්ම දැඩි අන්තවාදී තර්ජනවලට ලක්ව තිබුණු උතුරු හා නැඟෙනහිර පළාත්වල වෙහෙර
විහාර රැසක්ම මේ වන විට සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබෙනවා. විවිධ අන්තවාදී
තර්ජනයන්ට ලක්ව තිබුණු එම ආගමික ස්ථාන මේ වන විට නිරවුල් කර දීමට අවශ්‍ය පියවර ගෙන
තිබෙනවා. ඒ අතීතයේ මෙන්ම එම සිද්ධස්ථානවලට අවශ්‍ය ආරක්ෂාව ද සලසා දෙමින්.
එමෙන්ම පසුගිය 11 වැනිදා සොළොස්මස්ථානයන්ගෙන් එක් සිද්ධස්ථානයක් වන අම්පාර
දිස්ත්‍රික්කයේ දීඝවාපියේ සංරක්ෂණ කටයුතු ද ආරම්භ කෙරුණා.
මේ කාලය තුළ ශාසනික සේවාවට සිදු කරන ලද තවත් වැදගත්ම කටයුත්තක් වන්නේ පුරාණ
විහාරස්ථාන සම්බන්ධව තිබූ ඉඩම් ගැටලු නිරාකරණය කිරීමයි. දිවයින පුරාම ඉඩම් ගැටලු
පැවැති පුරාණ විහාර රැසකම එම ගැටලු නිරාකරණය කර ගැන්මට හැකියාව ලැබුණේ නිද්‍රාශීලීව
සිටි රාජ්‍ය නිලධාරීන් පවා අවදි කරවමින් වීම විශේෂිත ලෙසින් පෙන්වා දිය හැකියි.
පිරිවෙන් භික්ෂු අධ්‍යාපනය නංවාලීම පිණිස අවශ්‍ය සියලු කටයුතු ද මේ වන විට ගෙන
තිබෙන අතර පිරිවෙන් අධ්‍යාපනයට වෙනම අරමුදලක් වෙන් කිරීම ද මෙහිලා අගය කළයුතු වනවා.
රජ දවසින් පසුව ආරම්භ කළ මහා සෑයක් වන සඳගිරි සෑයේ ඉදිකිරීම් මේ වන විට අවසන්
අදියරට පැමිණ තිබෙනවා. එය මෙරට ආගමික සන්ධිස්ථානයේ තවත් වැදගත් ශාසනික උරුමයක්
ලෙසින් පෙන්වා දිය හැකියි.
මේ සියලු බෞද්ධ උරුමයන් අපට වසරක් තුළ හිමිව ඇත්තේ අන්‍යාගමික ජනතාව සමඟ ද සහනශීලීව
කටයුතු කළ හැකි ලෙසින් වීමද විශේෂත්වයක් ලෙස පෙන්වා දිය හැකියි. එමෙන්ම ලොවම ආර්ථික
අගාධයට පත් කරන වසංගත රෝගයක් ද මැඬ පවත්වා ගනිමින් බවද සිහි තබා ගත යුතු වනවා.
- තාරක වික්‍රමසේකර |