ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ වප් අව අටවක පෝදා, 2020 නොවැම්බර් 08 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බෝධිරාජ කුමරුට හා දේවියට ධර්මය දේශනා කිරීම සිතුවම - හර්ෂ ගුණවර්ධන
නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ. ඉරිදා සිල්.
අව අටවක
නොවැම්බර් 08
අමාවක
නොවැම්බර් 14
පුර අටවක
නොවැම්බර් 22
පසළොස්වක
නොවැම්බර් 29
සම්බුද්ධ ශාසනයෙහි පවත්නා අටමහා කුසල් අතර අග්‍රතම කුසලය වන්නේ කඨින චීවර මහා පුණ්‍ය කර්මයෙන් ලැබෙන කුසලයයි. භික්ෂූන් වහන්සේට මෙන්ම දායක පින්වතුන්ට මෙම පුණ්‍ය කර්මය තුළින් උපනූපන් සෑම ආත්මයක දී ම උපභෝග පරිභෝග සැප සම්පත්තියත් අවසානයේ දී නිර්වාණ සම්පත්තියටත් හේතු වන්නකි. කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස සාදා පූජා කිරීම, බුද්ධ ප්‍රමුඛ සංඝගත දානය, ධර්මය ලිවීම, කුඹුරු පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා සෑදවීම, වැසිකිළි කැසිකිළි සෑදවීම යන කුසල් අතරින් ප්‍රධාන වන්නේ කඨින චීවර දානමය මහා පින්කමයි. මෙම වර්ෂයේ කඨින චීවර මහා පුණ්‍යොත්සවයේ රාජ්‍ය උත්සවය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ ආශිර්වාදාත්මක අනුග්‍රහයෙන් 2020 නොවැම්බර් 7 සහ 8 දිනයන්හි පෞරාණික චාරිත්‍රානුකූල ව විනයානුගතව පැවැත්වීමට කටයුතු කෙරේ.රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයක් අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරු වන සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පොළොන්නරුවේ මහ දිසාපති ඩබ්.ඒ. ධර්මසිරි, ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න, සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන යන මහත්වරු ඇතුළු සියලු රාජ්‍ය ආයතන නිලධාරීන් හා මෙවර කඨින පින්කමේ ප්‍රධාන දායකත්වය උසුලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා හා නීතිඥ නිලනොලත් මහෙස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව මහත්මිය ඇතුළු සෑම දෙනාගේම සහ සම්බන්ධතාවයෙන් 2020 නොවැම්බර් 07 දින වන විට වියා නිමකරන ලද චීවර වස්ත්‍රය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මත රතනසූත්‍ර දේශනාව මධ්‍යයේ සෝමවති රජමහ විහාරය සමීප පොලිස් නිල නිවාසයේ තැන්පත් කිරීමට නියමිතව තිබිණි.
ධර්ම දේශනාව:
"රාගය සිතට බැස ගත් කල්හි එය ජීවිතය ඇතුළතින් හා පිටතින් ගිනි ගෙන දවාලීමට සමත් වෙයි. ඒ නිසා ම රාගය බලවත් වූ සත්වයෝ ඒ රාගය සංසිඳුවා ගැනීමට නොහැකි ව උමතු වෙති." පුහුදුන් සියලු මනුෂ්‍යයෝ සැපය, ප්‍රීතිය හා සතුට ම කැමැති වෙති. ඔවුහු දුක පිළිකුල් කරති. ඒ පුහුදුන් බවේ ස්වභාවය යි. එසේ සැපය, ප්‍රීතිය හා සතුට ම ප්‍රාර්ථනා කළත් පුහුදුන් මනුෂ්‍යයෝ තුළ “කිඤ්චන” හෙවත් රාග, ද්වේෂ, මෝහ කෙලෙස් පවතින තාක් සැප සේ ජීවත් විය නොහැකි ය. ප්‍රීතියෙන් ජීවත් විය නොහැකි ය. සතුටින් ජීවත් විය නොහැකිය. එසේ වුවත් යම් කෙනෙක් තුළ රාග, ද්වේෂ, මෝහ කෙලෙස් නැත්තේ ද ඔහු ඒකාන්තයෙන් ම සුවසේ, සතුටෙන්, ප්‍රීතියෙන් ජීවත් වෙයි. කයට කිසිදු ආහාරපානයක් නොලැබුව ද ආභස්සර දෙවියන් සේ ප්‍රීතිය ම ආහාර කොට සතුටින් සිටීමට ඔවුනට පුළුවන. මේ බව සර්වඥයන් වහන්සේ ම ඛුද්දක නිකායේ ධම්මපද පාලියේ සුඛ වග්ගයේ දී දේශනා කර තිබෙන්නේ “සුසුඛං වත ජීවාම යෙසං නො නත්‍ථි කිඤ්චනං - පීතිභක්‍ඛා භවිස්සාම දෙවා ආභස්සරා යථාති” යනුවෙනි. අපට පළිබෝධ හෙවත් රාග, ද්වේෂ, මෝහ කිඤ්චන නැත්තේ ද එබඳු වූ අපි ඒකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු. ආභස්සර දෙවියන් මෙන් ප්‍රීතිය ආහාර කොට ඇත්තෝ වන්නෙමු. මේ ඉහත ගාථාවේ අර්ථය යි. සර්වඥයන් වහන්සේ මෙම ගාථාව දේශනා කළේ පංචසාල නම් බමුණු ගමේ වැඩ වාසය කරන කල්හි සිදු වූ සිද්ධියක් මුල් කර ගනිමිනි. සර්වඥයන් වහන්සේ පෙරවරු කාලයේ හැඳපොරවා පාසිවුරු ගෙන පිණ්ඩපාතය පිණිස පංචසාල ගම මැදට වැඩම කළ සේක. මාරයා විසින් කල්තියාම “අද දින ශ්‍රමණ ගෞතමයන්ට කිසිදු ආහාරයක් ලබා නොදෙමි” යි “අද දවස පුරාම ශ්‍රමණ ගෞතමයෝ කුස ගින්නේ ම තබමි” යි දුෂ්ඨ චේතනා ඇතිව සියලු ගම්වැසියන්ගේ ශරීරයට ආවේශ විය.
මිනිසාගේ ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය මානසික සැනසීම ලබා දෙන්නට බුදු රජාණන් වහන්සේ විසින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ වසර 2600කට පෙර දී ය. අද ලෝකයේ බොහෝ ගැටලුවලට විසඳුම් උන් වහන්සේ එදා පෙන්වා දුන්හ. ඒ උපදෙස් අනුව ශ්‍රී ලාංකේයයන් ලෙස, බෞද්ධයන් ලෙස අප කටයුතු කරන්නේදැයි මඳක් සිතා බැලිය යුතු ය. මේ දිනවල ලෝකය පුරාම පැතිර යන මහා වසංගතය හමුවේ අප කටයුතු කරන ආකාරය නිවැරැදි ද? ශ්‍රී ලංකාවේ මේ වසංගතය මැඬ පැවැත්වීමට රජය විසින් මනා ක්‍රමවේදයක් ආරම්භ කර තිබේ. එහෙත් ජනතාව ඒ සඳහා සහාය දුන්නේ ද යන්න මෙහිදී අප විමර්ශනය කළ යුතු ය. පසුගිය පුන් පොහොය සහිත සති අන්තයේ බස්නාහිර පළාතේ ජනතාවට නිවසින් බැහැර නොයන ලෙස දන්වා තිබිය දී ඇතැම් පිරිස් එය නොසලකා බැහැර ගොස් තිබුණි. එපමණක් නොව එසේ නීති ගරුක නොවූ, සමාජයට හිතකර නොවන ලෙස කටයුතු කළ අය තමන් කළ ඒ ක්‍රියාව වීර ක්‍රියාවක් සේ සමාජ මාධ්‍ය මඟින් ද පළ කර තිබුණි. ඇතැම් විට වසංගත රෝගය ඒ පුද්ගලයන්ට වැළඳී තිබුණේ නම් ඒ හරහා තවත් විශාල පිරිසකට රෝගය වැළඳෙන්නට බොහෝ ඉඩකඩ තිබේ. ආත්මාර්ථකාමීත්වය බුදු දහමින් ප්‍රතික්ෂේප කර තිබේ. අප සැම විටම කටයුතු කළ යුත්තේ තමන් ද ආරක්ෂාකාරී වී රටත්, සමාජයත් ආරක්ෂා කර ගැනීමට ය.විශේෂයෙන් ම කාම්භෝජය, ලාඕසය වැනි රටවල් මේ වසංගතය පැතිර නොයෑමටත් තායිලන්තය වැනි රටවල රෝගය ව්‍යාප්තියක් සිදු නොවූ හේතු මොනවාදැයි විමර්ශනය කළ විට මේ බව ඉතා පැහැදිලි ය. එම රටවල ජනතාව සැම විමට ක්‍රියා කර ඇත්තේ නීතියට ගරු කරමින්, විනය හික්මීම ඇති, ශික්ෂණයක් ඇති අය ලෙසිනි. මේ වසංගත රෝග තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය ඉහළ මට්ටමක තිබේ. වෙනත් රටවල අදාළ රෝගියාට පමණක් ප්‍රතිකාර කරනු ලබන නමුත් ශ්‍රී ලංකාවේ අදාළ රෝගියාගේ ආශ්‍රිතයන් සොයා යෑමේ ක්‍රමවේදය නිසා රට බොහෝ දුරට ආරක්ෂාකාරී වී ඇත. එහෙත් ඒ ක්‍රියාදාමය සාර්ථක කර ගැන්මට ජනතා සහාය අවශ්‍ය වේ.
දහම් සරසවි - දහම් ගුරු උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2020/21
සිරි සදහම් පැන විසඳුම්
පිරිවෙන
ඉතිරිය»
කඨිනානිශංස 03: කඨින පූජාවේ සාංසාරික සැප විපාක
ආර්ය ශ්‍රාවක ප්‍රතිපදා 12: විජ්ජාචරණසම්පන්න - බුදුගුණ භාවනාව
ප්රත්යවේක්ෂා: අත්දැකීම් ඇසුරෙන් නිවැරදි වෙමු
දළදා වහන්සේ වන්දනා කරමු
යහපත් වචන ඇති භික්ෂූන් වහන්සේ අතරින් අග්‍ර වූ කුට්ටිකණ්ණ සෝණ මහ රහතන් වහන්සේ
උදාර දිවියක පිය සටහන්: ආදර්ශවත් වූ උතුම් පැවිදි දිවිය
මඟ හැර නොගත යුතු මඟ
වස්සාන සමයක අනාගාමී වූ මාතිකමාතා උපාසිකාව
සංවර ජාතකය ඇසුරිනි: සංවර රජු දෙව්ලොව උපදියි
තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව - 22 කොටස: ජේ. ආර්. - රජීව් සාම ගිවිසුමෙන් දකුණේ ජනතාව යළි නාගදීපයට
සදහම් අරණ
පහන් සිතක කවි
සැමට පිදේ බුහුමන්
සිතුල්පවු මහ වෙහෙරට පුනර්ජීවය ලබා දුන් යටගල රාජමහා විහාරය
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]