ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ වප් අව අටවක පෝදා, 2020 නොවැම්බර් 08 ඉරිදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඒකාබද්ධ ව පවත්වනු ලබන උක්ත උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය පවතින කොවිඩ් 19 රෝග වසංගත තත්ත්වය හමුවේ 2020.11.15 දින දක්වා දීර්ඝ කර ඇත.
දහම් පාසල් ගුරු භවතුන්ට උසස් අධ්‍යාපන වරම් හිමිකර දෙමින්, ඔවුන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කෙරෙහි පවත්වනු ලබන මෙම පාඨමාලාවට දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ගුරු භවතුන්ට ඉදිරිපත් වීමේ හැකියාව ඇත.
මේ සම්බන්ධයෙන් සියලු දහම් පාසල් වෙත අයදුම්පතේ ආදර්ශයක් හා තොරතුරු ලබා දී ඇත.
වැඩිදුර තොරතුරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් අනුයුක්ත කොට ඇති නිලධාරීන් වෙතින් ද ලබාගත හැකි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා දන්වා සිටියි.
නොවැම්බර් 08 ඉරිදා පූර්ව භාග 7.29 න් අව අටවක ලබා 09 සඳුදා පූර්වභාග 6.51 න් ගෙවේ. ඉරිදා සිල්.
අව අටවක
නොවැම්බර් 08
අමාවක
නොවැම්බර් 14
පුර අටවක
නොවැම්බර් 22
පසළොස්වක
නොවැම්බර් 29
| PRINTABLE VIEW |
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]