ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ අධි වප් අව අටවක පෝදා, රාජ්‍ය වර්ෂ 2020 ඔක්තෝබර් 09 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහසකට අධික බව අනුමාන කෙරේ. මේවායෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ බෞද්ධ උරුම සන්දර්භ ආශ්‍රිතව ය. ඓතිහාසික අවධියට අයත් පූජනීය, අර්ධ පූජනීය නිර්මාණයන්ට ගැනෙන දාගැබ්, ප්‍රතිමාඝර, බෝධිඝර ආදි වාස්තු විද්‍යාත්මක ඉදිකිරීම් සහ ප්‍රතිමා සඳකඩපහණ ආදි සෙසු කලා කෘති ස්පර්ශනීය උරුමයට අයත් වේ. බෞද්ධ උරුම සන්දර්භ ආශ්‍රිත ව ගොඩනැඟී ඇති සාම්ප්‍රදායික සිරිත් විරිත්, ඇදහිලි, විශ්වාස අයත් වන්නේ අස්පර්ශනීය බෞද්ධ උරුමයට ය. ශ්‍රී ලංකාවේ පැරණි ග්‍රාම සීමා නිශ්චය කිරීම හා සීමා ලකුණු කිරීම පිළිබඳ සලකුණු, සකසන ලද ශිලා පුවරුවල මෙන් ම වැඩි වශයෙන් පිහිටි පර්වතවල දක්නට ලැබේ. “මෙරට මුහුදු තෙර පටන් කඩියාව දක්වා ගල්ටැම් වෙයි. දඹදෙණි කඩඉම දක්වා ඇත් පියවර, රන්දුනු, චන්ද්‍රායුද, සිරිවැස, චාමර, අඹගෙඩි, කොටවන ලද ගල්ටැම් හා ගල් ගිරිකුළු ඇතියේ ය.” කඩයිම් සීමා පිළිබඳ ව සටහන් වී ඇති ලේඛනය අත්‍යවශ්‍ය රාජකීය ලේඛනයක් ලෙස ද සලකා තිබේ. පසුකාලීන ව ශ්‍රී ලංකාවේ ඒ ඒ පළාත්වල වෙන් වෙන්ව පැවති කඩයිම් සීමා පිළිබඳව රචිත ලේඛනය වාර්තා වේ. මාතලේ කඩයිම් පොත හා ශ්‍රී ලංකා ද්වීපයේ කඩයිම් පොත ඒ සඳහා නිදර්ශන වේ. කඩයිම් පොත්වල සඳහන් ස්ථාන නාම සහ වෙනත් සීමා සහ ස්ථාන යොදා ගෙන රචනා කරන ලද අව්‍යක්තලේඛන ඇතැමෙක් 'නිධන්වදුල' වශයෙන් හඳුන්වයි. එම ස්ථානවල වටිනා වස්තු තැන්පත් කර ඇතැයි මිථ්‍යා විශ්වාසයක් ජන සමාජය තුළ තදින් මුල් බැස පවතී. මිථ්‍යා විශ්වාස නිසාවෙන් පිහිටි පර්වත, ආගමික නටබුන් හා ශිලා ලේඛන ආශ්‍රිත ව දක්නට ලැබෙන සලකුණු හා සංකේත විනාශ කිරීම සිදු වේ. බුද්ධ ප්‍රතිමා සහ ස්තූපවල වටිනා වස්තු තැන්පත් කර ඇතැයි යන්න තවත් මිථ්‍යා විශ්වාසයකි.
අධි වප් අව අටවක පෝය ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ. සිකුරාදා සිල්
අව අටවක
ඔක්තෝබර් 09
අමාවක
ඔක්තෝබර් 16
පුර අටවක
ඔක්තෝබර් 23
පසළොස්වක
ඔක්තෝබර් 30
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]