ශ්රී බුද්ධ වර්ෂ 2564ක් වූ අධි වප් අව අටවක පෝදා, රාජ්ය වර්ෂ 2020 ඔක්තෝබර් 09 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
පොලොන්නරුව රන්කොත් වෙහෙර
පොළොන්නරුවේ රන්කොත් වෙහෙරට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එක් පැත්තකින් රන්කොත් වෙහෙර පොළොන්නරු රාජධානිය හැඩ කළා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. බොදු දනන් තුළ ශ්‍රද්ධාව වඩවන රන්කොත් වෙහෙර ලංකාද්වීපයේ මහා ස්තූපය වූ රුවන්වැලි මහා සෑය සිහිකැඳවීමක් යැයි සිතේ. පොළොන්නරු රාජධානියේ සාඩම්බරය ඔසවා තැබීමක් ලෙසින් නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද ස්තූපයක් යැයි ඉතිහාසයේ සඳහන් වේ.‘රන්කොතක් සහිත දාගැබ’ රන්කොත් වෙහෙර වශයෙන් හඳුන්වා ඇත. ක්‍රි. ව. 1187 - 1196 අතර ලක්දිව රජ කළ නිශ්ශංකමල්ල රජතුමා ලාංකේය රාජ වංශයේ කීර්තිමත් රජකෙනකු වශයෙන් හඳුනාගැනීමට හැකි සිහිවටන රාශියක් නිමවා තිබේ. ඒවා අතරින් ප්‍රධාන වන්නේ රන්කොත් වෙහෙරයි. මෙය පොළොන්නරු රාජධානියේ ඉදිවී ඇති විශාලතම ස්තූපය ද වේ. රන්කොත් වෙහෙරෙහි උස මීටර් 54.9 ක් පමණ වෙයි. වෙහෙර වටා වාහල්කඩ හා පිළිම ගෙවල් දක්නට ලැබේ. ස්තූපය ඉදිරියෙන් ඇති නිශ්ශංකමල්ල ගල් ආසනය ශිලා ලේඛනයට අනුව පැවසෙන්නේ නිශ්ශංකමල්ල රජතුමා එම ගල් ආසනය මත හිඳගෙන රන්කොත් වෙහෙරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කළ බවයි. ප්‍රාකාර බැම්ම සාදා ඇත්තේ ගඩොල් සහ බදාමයෙනි. මිටි ප්‍රාකාර බැම්මේ ඉහළ කොටස කැටයමින් සහ වතුර මලින් සමන්විත වේ. වේදිකාවට එකතුවන වැසි ජලය පිටතට ගලායෑමට සලස්වා තිබෙයි.
අධි වප් අව අටවක පෝය ඔක්තෝබර් 09 සිකුරාදා අපරභාග 05.49 න් අව අටවක ලබා 10 සෙනසුරාදා අපරභාග 06.16න් ගෙවේ. සිකුරාදා සිල්
අව අටවක
ඔක්තෝබර් 09
අමාවක
ඔක්තෝබර් 16
පුර අටවක
ඔක්තෝබර් 23
පසළොස්වක
ඔක්තෝබර් 30
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]