බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය
මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය විද්‍යාපති,
ඉංජිනේරු
දිමුතු පුන්සර කොළඹගේ
බුදුරජාණන් වහන්සේ තමා උත්තරීතර මනුෂ්‍යයකු ලෙසින් හඳුන්වා දී ඇත. අංගුත්තර
නිකායෙහි ද්‍රෝණ ලෝක සූත‍්‍රයට අනුව කෙලෙස් සහිත වූ ලෝකයෙහි ඉපිද, එහි හැදී වැඩී,
එනමුදු කෙලෙස් සහිත වූ එම ස්ථරය අභිබවා සිටිනුයේ, මඩෙහි ඉපදී එහි නො ගෑවී ඉහළට එස
වී සිටින පියුමක් මෙනි. එසේ හෙයින් තමන් වහන්සේ ‘‘බුද්ධ’’ නමින් හැඳීන්වීම සුදුසු
යැයි බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ බමුණාට දේශනා කළහ.
බුදුරජාණන් වහන්සේ සියලු අකුසල් මඩනා ලද කෙනකු බවත්, සියලු දෙය ම මැනවින් අවබෝධ
කරගන්නා ලද කෙනකු බවත් මජ්ක්‍ධිම නිකායෙහි බෝධිරාජ කුමාර සූත‍්‍රයෙහි කියැවේ.
බුදුරජාණන් වහන්සේ සෑම දෙයකට ම නො ඇලුණු සේක. සෑම ක්ලේශයක්ම අත් හළ, තණ්හාව
ක්‍ෂයවීමෙන් ලත් විමුක්තියට පත් වූ සේක. තමන් වහන්සේ තුළම ඇති වූ අවබෝධ ඥානයෙන්
සියල්ල දැනගත් සේක. එසේ තමන් වහන්සේට ගුරුවරයකු නොමැති බැව් බුදුරජාණන් වහන්සේ
වදාළහ.උන්වහන්සේ ධර්ම විනයම ගුරු කොට ගත්හ. දෙවියන් සහිත වූ ලෝකයේ තථාගතයන් වහන්සේ
හා සම වූකෙනකු නොමැත.
‘මම වනාහි ලොවෙහි රහතන් වහන්සේ වෙමි. මම වනාහි අනුත්තර වූ ශාස්තෘවරයාණන් වෙමි.
හුදෙකලාවේ ම, තනිව ම සම්මා සම්බුද්ධත්වයට පත් වූ මම තෘෂ්ණාව ක්‍ෂයවීම හේතුවෙන්
සිහිල්ව නිවී ගිය කෙනෙක් වෙමි’’ යි බුදුරජාණන් වහන්සේ බෝධිරාජ කුමාර සූත්‍රයෙහි
දේශනා කොට ඇත. ආශ‍්‍රයන් ක්‍ෂීණ කරන ලද (කෙලෙස් නැති කළ) හෙයින්,පාපී අකුසලයන්
දිනන ලද බැවින් තමන් වහන්සේ බඳු පුද්ගලයන් ‘‘ජින’’ නම් වන බැව් දේශනා කොට ඇත.
‘‘විශිෂ්ට වූ ඥානයෙන් යුතුව, දත යුතු දෙය මවිසින් විශිෂ්ට ඥානයෙන් දන්නා ලද්දේ ය.
ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් වැඩිය යුතු දෙය මවිසින් වඩනා ලද්දේ ය. ප‍්‍රහීන කළ
යුතු ති‍්‍රවිධ තෘෂ්ණාව මවිසින් ප‍්‍රහාණය කරන ලද්දේ ය. එසේ හෙයින් මම බුද්ධ නම්
වන්නෙමි’’ යැයි බුදුරජාණන් වහන්සේ මජ්ම නිකායෙහි බ‍්‍රාහ්මණ වර්ගයෙහි දේශනා කොට
ඇත.
එමෙන් ම යම් කෙනෙක් පෙර විසූ කඳ පිළිවෙළ දකී. ස්වර්ගය, අපාය පිළිබඳවත් දකී. එලෙසින්
ම විශිෂ්ට ඥානාවබෝධයේ කෙළවර වූ මුනිභාවයට පැමිණ සිටී. ඉපිද මැරෙන සසරේ ක්‍ෂය බවට
පත් වූයෙ ්ද වේ. සර්වප‍්‍රකාරයෙන් ම රාගයෙන් නිදහස් ව විමුක්තියට පත් පිරිසිදු සිත
ගැන දන්නේ වේ. ඉපිද මැරෙන සසර ප‍්‍රහාණය වූයේ වේ. පරිපූර්ණ වූ බ‍්‍රහ්ම චර්යාවෙන්
යුක්ත වූයේ වේ. සියලු ධර්මයන් හි එතෙරට ගියේ ද වේ. එවන් තැනැත්තා අටලෝ දහමෙන්
අකම්පිත වන ‘‘බුද්ධ’’ ලෙස හඳුන්වා දී තිබේ.
තවද, තමන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වය ලබාගත් අසහාය කෙනෙක් බවද, මාර සේනාව පරාජය කරන ලද
වද, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ.
එබැවින් විමුක්තිය පිණිස ඇති සියලු සතුරු බලවේග නැති කොට තම වසඟයේ පවත්වාගෙන කිසිදු
භයකින් තොරව සතුටින් සිටින කෙනෙක් ලෙස ද උන්වහන්සේ මජ්ක්‍ධිම නිකායෙහි සේල
සූත්‍රයෙහි දේශනා කොට ඇත. මේ ලෝකයේ හෝ අන් තැනක බුදුරජාණන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ හෝ
සමාන වන අයකු නැත. පින් කැමති වන්නා වූ, මහත්ඵලය සොයා ගන්නා වූ තැනැත්තන් විසින්
යමක් පිදීමට සුදුස්සන් අතුරෙන් අගතැන්පත් වන්නේ තථාගතයාණන් වහන්සේ ම ය.
බාහිර ලෝකයේ දී ද බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය පුද්ගලයන්ගෙන් වෙන් කරගත හැකි ලක්‍ෂණ
බුද්ධ ශරීරයේ පැවතුණි.
දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ, අසූ අනූ ව්‍යංජන ආදිය ඊට නිදසුන් ය. මජ්ක්‍ධිම නිකායෙහි
බ‍්‍රහ්මායු සූත‍්‍රයෙහි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ විස්තර කෙරෙයි. එමඟින් පැහැදිලි
වන්නේ ද සාමාන්‍ය පුද්ගලයින්ට වඩා සුවිශේෂී වූ, දුටුවන් පහදවන අන්දමේ ශරීර ශෝභාවක්
බුදුරදුන් සතු වූ බවයි. එනමුදු සාමාන්‍ය මනුෂ්‍යයකු මෙන් බුදුරජාණන් වහන්සේ ජරාවට
හා ව්‍යාධියට පත් වූහ. බුදුරජාණන් වහන්සේ රෝගාතුර වූ අවස්ථා මෙන් ම, ජීවක
වෛද්‍යවරයා ඊට පිළියම් යොදන ලද අවස්ථා පිළිබඳව ධර්මයේ කරුණු හමුවේ. කරන ලද අකුසල
කර්ම විපාක දීම් වශයෙන් බුදුරජාණන් වහන්සේට වැළඳුණු රෝගාබාධ 11 ක් පිළිබඳ පෙළෙහි
තොරතුරු අන්තර්ගත වේ.
‘‘තුම්හේහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා’’ යන බුදු වදනට අනුව තමා විසින් තමාගේ
විමුක්තිය සලසා ගත යුතු ය. තථාගතයන් වහන්සේ ශාස්තෘවරයකු පමණි. එනම් මඟ පෙන්වන
ගුරුවරයකු පමණි. නිසි මග අවබෝධයෙන් යුතුව හඳුනා ගෙන එහි ගමන් කිරීම ශ‍්‍රාවකයාගේ
කාර්යයකි. |