[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව අරුත් දැන සජ්ඣායනය කරමු

මෙතැන්හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද, අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිත් ඇත්තෝ වෙත්වා තව ද මාගේ වචනය මැනවින් අසත්වා. භූතයිනි, එබැවින් නුඹලා සියල්ලෝ ම මේ වචනය අසන්න. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරන්න. යම් කෙනෙක් දිවා රෑ පුද පඬුරු පූජා කෙරෙත් ද එබැවින් නොපමාවම ඔවුන් ව ආරක්ෂා කරන්න. මෙම මනුෂ්‍ය ලෝකය හෝ නාග ලෝකය ආදී වෙනත් ලෝකයක හෝ යම්කිසි ධනයක් වේ ද, ස්වර්ගයෙහි හෝ යම්කිසි උතුම් රත්නයක් වේ ද ඒ කිසිවක් තථාගතයන් වහන්සේ හා සමාන නොවේ. බුදුරදුන් කෙරෙහි මෙම රත්න භාවය උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා. එකඟ වූ සිත් ඇති තථාගතයන් වහන්සේ කෙලෙසුන් දුරු කරන හෙයින් ක්ෂය නම් වූ රාගයෙන් වෙන්වීමට නිමිති වූ, විරාග නම් වූ මරණයක් නැති හෙයින් අමත නම් වූ යම් නිවනක් අවබෝධ කළේ ද ඒ ධර්මය හා සම වූ කිසිවක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා. ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ පිරිසුදු වූ යම් ආර්ය මාර්ගයක් වර්ණනා කළ සේක් ද යම් මාර්ගයක් පිරිසුදු වූ හෙයින් එකී ආනන්තරික සමාධිය බුද්ධාදී ආර්යයන් වහන්සේලා දේශනා කරත් ද එම සමාධිය හා සම වූ සමාධියක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා. සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද ප්‍රශස්ත වූ එකසිය අටක් ආර්ය පුද්ගලයෝ වෙත් ද මේ සැමදෙනම සතර යුග කෙනෙක් වෙති. සුගත නම් වූ බුදුරදුන් ගේ ශ්‍රාවක වූ එම ආර්යයන් වහන්සේලා සැදැහැවතුන් විසින් දෙන ලද දක්ෂිණාවට සුදුස්සෝ වෙති. මෙම බුද්ධශ්‍රාවකයන් කෙරෙහි දෙන ලද දානය මහත්ඵල ඇත්තේ වෙයි. සංඝරත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.


   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]