[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොතුවිල් මුහුදු මහා විහාරය

විහාර මහා දේවිය ගොඩබට මුහුදු මහා විහාරය

මේ දිනවල බොහෝ මාධ්‍ය ඔස්සේ මෙන් ම බෞද්ධයන් අතරේ කතාබහට ලක්වන බෞද්ධ සිද්ධස්ථානයක් වන්නේ පොතුවිල් මුහුදු මහා විහාරය යි. එහි ඓතිහාසිකත්වය හා වත්මන් තත්ත්වය ගැන බෞද්ධයන් ලෙස අපට වැදගත් වන කරුණු කිහිපයක් ගෙන හැර දැක්වීම වටිනා බව හැඟී යනවා. මුහුදු මහා විහාරය පිහිටා ඇත්තේ පොතුවිල් නගරයේ සිට ආරුගම්බේ දෙසට කිලෝමීටර් 3ක් පමණ ගොස් වමට හැරී මුහුද දෙසට මීටර් 700ක් පමණ ගමන් කළ විටයි. වසර ගණනාවකට පෙර ප්‍රධාන මාර්ගයෙන් මීටර් 500කටත් අඩු දුර ප්‍රමාණයකින් එහි ළඟා වීමට හැකියාව තිබුණ ද, මේ වන විට එම ගමන් මාර්ගය අන්තවාදීන් විසින් ග්‍රහණය කර ගෙන තිබෙනවා. එහි සුවිසල් මැදුරු තනා ඇති නිසා එහි මාර්ගයක් තිබුණාදැයි සොයා ගැන්මට නොහැකියි. කැලණිතිස්ස රජුගේ සමයේ මුහුද ගොඩ ගලන්නට පටන් ගත් බව අපේ ඉතිහාසයේ දැක්වෙනවා. ඒ අවස්ථාවේදී පුරෝහිතයන්ගේ උපදෙස වූයේ රූමත් කුමාරියක් මුහුදට බිලි දීමෙන් මුහුද ගොඩ ගැලීම නවත්වා ගත හැකි බව යි. එහෙත් ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නො වූයෙන් රජතුමාගේ දියණිය වන දේවි කුමරිය රට බේරා ගැනීම උදෙසා ඊට ඉදිරිපත් වුණා. ඇය කුඩා යාත්‍රාවක නංවා යැවුවේ මුහුදට බිලි වීම පිණිස යි. එහෙත් ඇය යාත්‍රාව සමඟ පාවී ගොස් කිරින්දට පැමිණි බව අපේ ඉතිහාසයේ දැක්වෙනවා. එතැනදී ඇය ගොඩ බිමට පැමිණි බව සඳහන් වුවත් බොහෝ පුරා විද්‍යා මතය වන්නේ ඇය කිරින්දට පැමිණෙන්නට ඇති නමුත් එතැනදී යාත්‍රාවෙන් ගොඩ නො බැස සිටි බවයි.

   පොසොන් පුර අටවක පෝය 

  පොසොන් පුර අටවක පෝය මැයි 29 සිකුරාදා අපර භාග 9.55න් පුර අටවක ලබා 30 සෙනසුරාදා අපර භාග 07.57 න් ගෙවේ . සෙනසුරාදා සිල්.

මීළඟ පෝය 05 වනදා
සිකුරාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 30

Full Moonපසළොස්වක

ජූනි 05

Second Quarterඅව අටවක

ජූනි 13

Full Moonඅමාවක

ජූනි 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]