[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කුමාර කාශ්‍යප මාතාවට පිහිටවීම

මැදින් අව අටවක පෝය 

මැදින් අව අටවක පෝය මාර්තු 16 වන දා සඳුදා පූර්ව භාග 03.19 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 23 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ උපසම්පදා විනය කර්මයට අයදුම්පත් කැඳවයි

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 2020 ජූනි 27, 28 හා 29 යන තෙදින දී සිරි සද්ධම්මවංසපාල ගණාචරිය මහාමහෝපාධ්‍යාය අහුන්ගල්ලේ සිරිසීලවිසුද්ධි මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා “සුධර්මා” කාරක සංඝ සභික නායක ස්වාමීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් බලපිටිය, වැලිතර මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරය යාබද මාදුනදී “ස්වේජින්” සීමාවේ දී පැවැත්වෙන බව එම නිකායේ මහා ලේඛකාධිකාරී දර්ශනපති බලපිටියේ සිරිසීවලී නාහිමියෝ නිවේදනය කර ඇත. ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති සාමණේරයන් වහන්සේලා සිය ආචාර්යයන් වහන්සේ මඟින් 2020.04.20 දිනට ප්‍රථම අයදුම්පත් නිසි ලෙස සම්පූර්ණ කොට මහා ලේඛකාධිකාරී නාහිමි, මහා කප්පින වලව්ව සීමාමාලක මූලස්ථාන විහාරය, වැලිතර, බලපිටිය යන ලිපිනයට එවිය යුතු අතර අයදුම්පත් ද එම ලිපිනයෙන් හෝ පළාත් නායක ස්වාමීන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව ද එම නිවේදනයෙහි දැක්වේ.

මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමියෝ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් වෙත බුරුම රජය මගින් භික්ෂූන් වහන්සේලාට පිරිනමනු ලබන ඉහළම ගෞරව උපාධිය වන අග්ගමහාපණ්ඩිත උපාධිය පිරිනමන ලදී. එරට ජනාධිපතිතුමා විසින් එම උපාධිය පිරිනැමීම පිළිබඳ උත්සවය මේ මස 8-9 දෙදින මියන්මාරයේ දී පැවැත්විණි. වසර සියයකට අධික ඉතිහාසය තුළ එම උපාධිය ලද වයසින් අඩුම ස්වාමින්ද්‍රයන් වහන්සේ වන කොටපිටියේ රාහුල අනු නාහිමියෝ ස්වකීය ආචාර්ය උපාධිය වෙනුවෙන් කරන ලද බුරුමයේ ලියැවුණු පාලි ,ව්‍යාකරණ ග්‍රන්ථය පිළිබඳ අධ්‍යයනය ද, විශේෂයෙන් කැලණිය විශ්ව විද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා ලෙස දහස් ගණනක් බුරුම ජාතික භික්ෂූන් වහන්සේලාගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවාව ද විශේෂ සැලකිල්ලට ගෙන ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කළුතර දිස්ත්‍රික්කයේ කොටපිටිය නම් ග්‍රාමයෙහි විසූ චාර්ලිස් වීරසේකර පියාණන් සහ ජීවත්ව සිටින ඇල්පිනෝනා වීරසේකර යන දම්පතීන්ගේ පුත් රුවනක් ව 1961 ජූලි මස 10 වැනි දින ජන්ම ලාභය ලද කුමරු නාකන්දලගොඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටින අතර තුර ස්වකීය ජන්මයෙන් තුදුස්වන වියෙහි දී කොටපිටිය සුධර්මාරාමාධිපති ව වැඩ විසූ බදුරලියේ රතනසාර නාහිමියන්ගේ සහ රාජකීය පණ්ඩිත මගුරේ ඥානිස්සර මාහිමියන්ගේ ආචාර්යත්වයෙන්....

 

ධර්ම දේශනාව:

අවවාදය හා ආදර්ශය

රන්, රිදී, මුතු, මැණික් වලටත් වඩා අවවාදය ශ්‍රේෂ්ඨයි. අවවාද දීමත්, එය පිළිගැනීමත්, නොපිළිගැනීමත් යන ධර්මතාවන් ලෝකයේ ආරම්භයේ පටන් අද දක්වා පැවත එන්නක්. අවවාද හොඳින් ඇසූ අයගේ ජීවිත ආලෝකමත් ය. අවවාද නොපිළිගන්නා අයගේ ජීවිත අඳුරුයි. නරක ඇසුරෙන් වෙන් වී යහපත් අධ්‍යාපනයක් ලබා, යහපත් රැකියාවක් කරන්නේ සමාජයේ අසවල් පුද්ගලයා ලබාදුන් අවවාද නිසා යැයි සමහරු කියනවා, කොතෙකුත් අපට ඇසෙනවා. අහංකාරකමත්, මුරණ්ඩුකමත්, මෝඩකමත් නිසා සමහරු තව කෙනකුගේ අවවාද අනුශාසනා පිළිගන්නේ නෑ. ජීවිතයේ වැරදුණු දා මුලදි අසවලාගේ අවවාද පිළිගත්තා නම්, මට මෙසේ නොවන්නේ යැයි කියමින් පසුතැවිලි වෙනවා. හැමෝටම අවවාද දීමට නොහැකි ය. අවවාද දෙනු ලබන්නා සියලු වරදින් මිදී, ගුණ දහමින් පෝෂණය වූ, ආදර්ශමත් කෙනෙකුම විය යුතු ය. ජාති, ආගම්, කුලමල භේද නොතකා මානව වර්ගයාගේ මෙලොව ජීවිත සාර්ථක කර ගැනීමටත්, ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීමටත්, කරුණාවෙන් අවවාද ලබා දුන් උතුමන් වූයේ බුදුවරුන් හා බෝසත්වරුන් ම ය, උන්වහන්සේ අපට කියාදුන් ඒ ශ්‍රී සද්ධර්මය පුරා ගලා යන අවවාද, අනුශාසනා පුද්ගලයෙකුට පමණක් නොව මුළු මහත් ප්‍රජාවටම ආශිර්වාදයකි. ඒ තුළ ලෞකික සැපතත්, ලෝකෝත්තර සැපතත් විද්‍යමාන වේ. ගුරු දෙගුරු උපදෙස් ලැබ දෛනික ජීවිතයේ සාර්ථකත්වයට මංගල, පරාභව, වසල, සිඟාලෝවාද, කරණීයමෙත්ත, වැනි සූත්‍ර වලින් ලැබෙන පිටුවහල අකාලික වූවකි.

 

සසුන් කෙත පොබ කළ යතිවර දිවියක උදාර නාමය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමි

හාරිස්පත්තුව වරකාගොඩ දූල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙණියේ දුග්ගන්නා රාළලාගේ පිංචි අම්මා දම්පතීන්ගේ තෙවන දරුවා ලෙස 1942 මාර්තු 18 වන දා පින්වන්ත කුමරුකු මෙලොවට බිහි විය. එම කුමරුවා දොළොස් වන වියෙහි දී උඩපිටියේ ශ්‍රී සුමංගල නා හිමි, මැදගොඩ පඤ්ඤානන්ද නාහිමි, අළුදෙණියේ රතනපාල නාහිමි සහ රඹුක්වැල්ලේ සද්ධානන්ද නාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් එවකට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දර ව වැඩ විසූ, යටවත්තේ ධම්මරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී 1955 අප්‍රේල් 07 වන දා පැවිදි බිමට පත්වූහ. වරකාගොඩ ඤාණරතන හිමි නාමයෙන් එසේ පැවිදිබිමට පත්ව ශාසනික වත් පිළිවෙත් මැනවින් හැදෑරූහ. අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී 1962 ජුනි 09 වන දා උපසම්පදාව ලැබූහ. බදුල්ල විද්‍යාත්තංස පිරිවෙනින් සහ වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙනින් ද මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ අස්ගිරි මහා විහාර පිරිවෙනින් සහ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනින් ද අධ්‍යාපනය ලැබූහ. 1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් වරකාගොඩ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බදුපොල විද්‍යාලයෙන් ගුරු භූමිකාව ආරම්භ කළහ. අනතුරුව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කොත්මලේ මඩකුඹුර විද්‍යාලය, පාතදුම්බර මහා විද්‍යාලය, පොල්ගොල්ල මහා විද්‍යාලය යන පාසල්වල ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස විසි පස්වසරක පමණ කාලයක් සේවය කරමින් පාසල් දරුවන්ගේ නැණ නුවණ දියුණු කිරීමට උදාර මෙහෙවරක් ඉටු කළහ.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]