විශ්වාසයෙන්
කුසල් කරන්න
ලංකාතිලක රජමහා විහාරවාසී
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
නීතියගම චන්දිම හිමි
පින්වතුනි, ඉස්සර ලංකාවේ ඇතිවුණා මහා ව්‍යසනයක්. වැව්– අමුණු , ඇළ– දොළ සිඳී ගියා.
මිනිසුන්ට ගොවිතැන් කරගන්න වතුර ටිකක් නෑ. බීමට, නාගන්න වතුර ටිකක් නෑ. ජීවිතය අති
දුෂ්කර වුණා. ලංකා ධරණී තලයම මේ නියඟයට හසුවුණා. මිනිසුන්ට දන්පැන් දෙන්න මුදල් නෑ.
ගෙදරක හාල් ඇටයක් නෑ. කෙසේ දන් දෙන්න ද? සමහර මිනිස්සු ඒ ඒ තැන්වල මැරී වැටිලා.
දුර්ගන්ධයක් නැද්ද? දුර්ගන්ධයි.
පින්වතුනි, මේ කාලයේ ඉසිදත්ත කියලා මහ රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ සමඟ
තවත් ස්වාමින් වහන්සේ කිහිප නමක් වැඩ සිටියා. ලංකාවේ වැඩ ඉන්නට නොහැකියි කියලා
උන්වහන්සේ නැව් නැංගා. ඒත් ඉසිදත්ත මහ රහතන් වහන්සේ ලංකාවේ ම වැඩ සිටියා. මම මේ
පින්වතුන්ට කියලා දෙන්නේ කුසලය විපාක දෙන විදිහ ගැනයි. හැබැයි සීලවන්ත ව ඉන්නට ඕනෑ.
ඉතින්, අනෙක් ස්වාමින් වහන්සේත් මහ රහතන් වහන්සේලා . උන්වහන්සේ නැව් නැඟලා නැවත
ලංකා ධරණීතලය දෙසට හැරුණා.
“මේ වැඩ ඉන්නේ ලංකාව ගලවා ගන්නා එකම මහරහතන් වහන්සේ.” කියලා පැවසුවා. කාටද මේ
කියන්නේ? ඉසිදත්ත මහ රහතන් වහන්සේට. මේ ඉන්නේ ලංකාව සමෘද්ධිමත් කරන්න ඉන්න එකම මහ
රහතන් වහන්සේ කියලා උන්වහන්සේලා එතැනින් වැඩම කළා.
දැන් පින්වතුනි, ඉසිදත්ත මහ රහතන් වහන්සේ යාපනයේ සිට අනුරාධපුරයට පා ගමනින් වැඩම
කරනවා. ලෙහෙසි දුරක් ද? කොපමණ දවසක්, කොපමණ කාලයක් යන්නට ඇති ද? ඒත් උන්වහන්සේ
ගස්වල තිබෙන ගෙඩි,පොතු, වැටී තිබෙන කොළ වළඳමින් වැඩම කරනවා. කොතැනට ද? අනුරාධපුරයට.
ඒවන විට පින්වතුනි රුවන්වැලි මහා සෑ පුදබිම ගරා වැටිලා. වල් බිහිවෙලා. දායකයින්
දුෂ්කරතාවයට පත්වන විට විහාරාරාම වල් බිහිවෙනවා. දායකයන් ඉන්නේ ඒවා ප්‍රතිසංස්කරණය
කරන්න. රැක ගන්න. ඒත් මේ අවස්ථාවේ දායක ඇත්තන්ට මිල මුදල් නෑ.
ඉතින් ඉසිදත්ත මහ රහතන් වහන්සේ රුවන්වැලි මහා සෑය ළඟට පැමිණ වල් බිහිවී තිබෙන මහා
සෑයට දණබිම ගසාගෙන වන්දනා කරනවාලු. බලන්න මොන තරම් ආශ්චර්යවත් සිදුවීමක් ද? රහත්
උතුමන් වහන්සේ නමක් මහා සෑය වන්දනා කරනවා. දෙවිකෙනෙක් මේ සිදුවීම දකිනවා. උන්වහන්සේ
මොනතරම් සීල සම්පන්න ද කියලා .
පින්වතුනි, අප සීල සම්පන්න නොවුණොත් එහෙම කාල විපත් ඇතිවෙනවා. රට වැසියන්, පූජ්‍ය
පූජක පිරිස් දුශ්සීල වුණාම කාල විපත් ඇතිවෙනවා. එය වළක්වන්නට නොහැකියි. එවිට සුදුසු
කාලයට වහින්නේ නෑ. කුමක් නිසාද? දුසිල්වන්තකම නිසා. සුදුසු කාලයට අටු කොටු පිරෙන්නේ
නෑ. කුමක් නිසාද? දුසිල්වන්තකම නිසා. රෝග බිය හට ගන්නවා. කුමක් නිසාද? දුසිල්වන්තකම
නිසා. වැස්ස පටන් ගත්තාම නොනවත්වා වහිනවා. වැව් අමුණු දෝරේ ගලනවා. කඳු කඩා වැටෙනවා.
ඒකට කියනවා නාය යනවා කියලා. පින්වතුනි මේවා විපත්. මිනිස්සු දුසිල්වන්ත වුණොත් සොබා
දහම විරුද්ධ වෙනවා.
ඉසිදත්ත මහ රහතන් වහන්සේ කවදාවත් සිල් බිඳ ගත්තේ නෑ. උන්වහන්සේ මහා සෑයට වන්දනා කරන
මොහොතේ දෙවි කෙනෙක් ඇවිත් ඉන්නවා. කොහොමද? දුප්පත් වේශයකින්. උන්වහන්සේ සමඟ
ටිකදුරක් වැඩම කරනවා. ඉසිදත්ත රහතන් වහන්සේගේ සම්පූර්ණ කතාව කියවලා බලන්න. මම මේ
කියන්නේ කෙටියෙන්.
පින්වතුනි, කාල විපත් ඇති වුණාම වළක්වා ගන්න පුළුවන් සිල්වන්ත වීමෙන්. උන්වහන්සේ
ටික දුරක් වඩින විට මිනිස්සු ඉන්නවා. පැන් ටිකක් තිබුණා. පරිහරණය කළා. ඒත් අප සිතන
තරම් මිනිසුන්ට කෑම නෑ. ලැබෙන විදියට උන්වහන්සේ වැළඳුවා. ඉදිරියට එන්න එන්න සීලවන්ත
මිනිසුන් ඇතිවෙලා ලංකා ධරණීතලයෙන් මේ ස්වභාවික ව්‍යසනය දුරු වුණා.
දැන් මම ඔය ඇත්තන්ට අවබෝධ කරන්නට සූදානම් වුණේ මෙයයි.
එහෙම නම් සිල්වන්තකම බලපාන්නේ නැති ද කර්මයට? බලපානවා. දුසිල්වන්ත වීම බලපාන්නේ
නැති ද කර්මයට බලපානවා. පින්වතුනි, කර්මය මතු උපදින ජීවිතයට බලපානවා. එය කවදාවත්
වළක්වාගන්නට නොහැකියි.
අප හැම දෙනාට ම දීර්ඝායුෂ කියන්නේ සම්පතක්. ඒ නිසා තමයි කියන්නේ දීර්ඝායු සම්පත්
විඳිනවා කියලා. ඒ සම්පත ලබන්න සංසාරයේ පින් කරලා තිබෙන්න ඕනෑ.
පින්වතුනි , බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,
සීල සම්පන්වීමම යි, දීර්ඝායු සම්පත් ලබන්නට තිබෙන එකම රැකවරණය.
ආයුෂ ලැබීමට කර තිබෙන එකම කුසලය තමයි සීල සම්පන්නකම
විවේක සුවයෙන් වැඩ සිටීමට කර තිබෙන එකම කුසලය තමයි සීල සම්පන්නකම
යහපත් මව්පියන්, යහපත් දරුවන් ලබන්න කරලා තිබෙන එකම කුසලය සීලවන්තකම බව.
හොඳින් මතක තබාගන්න. දීර්ඝායුෂ සම්පත විඳින්න ඕනෑ නම් ඔය ඇත්තෝ අත්මිදෙන්නට ඕනෑ.
කුමකින් ද? කය හසුරුවා කරන පව් වැඩවලින්. එළඹෙන අමාවක පෝදා ( 23)පුවත්පතින් අපි ඒ
ගැන දැන ගනිමු.
- රමණී සුබසිංහ |