[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මයට අයදුම්පත් කැඳවයි

රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මයට අයදුම්පත් කැඳවයි

සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ භික්ෂු උපසම්පදා විනය කර්මය මෙම වසරේ දී පැවැත්වේ.ඒ සඳහා වන අයදුම්පත්‍ර මහා ලේඛකාධිකාරීන් වහන්සේ වෙතින් දැන් ලබාගත හැකි බව ලේඛකාධිකාරී හිමියෝ නිවේදනය කර ඇත. (ලිපිනය - මහා ලේඛකාධිකාරී, රංගිරි දඹුලු පාර්ශ්ව මහා සංඝ සභාව, රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරය, දඹුල්ල) අයදුම්පත් භාර ගැනීම මැයි 20 දින තෙක් සිදු කෙරේ.

1985 දී රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය ආරම්භ වූ අතර එහි දී සියලුම නිකායික මහා සංඝරත්නයට උපසම්පදා සීලයෙහි පිහිටීමට හැකි ය. වසරක් හැර වසරක් වශයෙන් පැවැති මෙම භික්ෂු උපසම්පදා විනය කර්ම මෙම වසරෙහි සිට වාර්ෂික ව පැවැත්වෙන අතර, සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉනාමළුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී ආනන්ද සුමංගලාභිධාන මහා ස්වාමීන්ද්‍ර වරපමුඛ කාරක මහා සංඝ සභාවේ ප්‍රධානත්වයෙන් එම ශාසනික විනය කර්මය සිදු කෙරේ.

ලිඛිත හා වාචික ධර්ම පරීක්ෂණවලින් අනතුරුව සාමාර්ථය ලබන ධර්මධර හා විනයධර සාමණේර ස්වාමීන්වහන්සේලා පමණක් මේ සඳහා සුදුසුකම් ලබති. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා නිස්සරණාධ්‍යාශයෙන්, එම උපසම්පදා විනය කර්මය සිදු කෙරෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

මැදින් අව අටවක පෝය 

මැදින් අව අටවක පෝය මාර්තු 16 වන දා සඳුදා පූර්ව භාග 03.19 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 23 වනදා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

Full Moonපසළොස්වක

අප්‍රේල් 07

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]