ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ දුරුතු පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2020 ජනවාරි 03 වනදා සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
සීවලී මහ රහතන් වහන්සේ
දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා
මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.
පුර අටවක
ජනවාරි 03
පසළොස්වක
ජනවාරි 10
අව අටවක
ජනවාරි 17
අමාවක
ජනවාරි 24
පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ 79 වන සංවත්සරයට සමගාමී ව දුරුතු පුර පසළොස්වක පොහෝදා පින්කමක් සිදු කෙරේ. පිළියන්දල තරුණ බෞද්ධ සමිතියේ පැවිදි අනුශාසක තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරාධිපති පෙතිගමුවේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි එම තරුණ බෞද්ධ සමිතියේ මෙහෙයවීමෙන් තුම්බෝවිල ධර්ම ශාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයෙහි පොහෝ දා පෙහෙවස් සමාදන් වන උපාසක උපාසිකාවන් වෙත හීල් දානය, දවල් දානය හා ගිලන් පස ද පිරිනැමීම සිදු කෙරේ.
නිර්මල බුද්ධ දේශනාව වෙනස් කිරීමට නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා ථෙරවාද භික්‍ෂූන් වහන්සේලා හා සැදැහැති රාජරාජමහාමාත්‍යාදීන් විසින් අපරිමාණ කැප කිරීමක් කරන ලද බව ඉතිහාස පොතපතෙහි සඳහන් වේ. කෙසේ වුව ද මීට වසර කිහිපයකට පෙර පටන් යම් පිරිසක් විසින් නිර්මල බුද්ධ දේශනා විකෘති කරමින් සමාජ ගත කරනු දක්නට ලැබේ. මෙම ශාසන විලෝපිකයන් විසින් විකෘති කොට ඇති ධර්ම විනය කරුණු පිළිබඳ ව හා ඒවායෙහි ධර්මානුකූල විග්‍රහය පිළිබඳ මෙහි දී විමසුමට භාජනය වේ. මොවුන් විසින් බුදුරජාණන් වහන්සේ ලෝකසත්වයා කෙරෙහි මහාකරුණාවෙන් වදාළ ධර්ම විනය දේශනාවන් විශාල ප්‍රමාණයක් මේ වන විට විකෘති කොට ප්‍රකාශයට පත්කර ඇති අතර එයින් ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳ මෙහි දී අවධානය යොමු කෙරේ.
ධර්ම දේශනාව:
භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රමුඛ ඉලක්කය වූයේ සසර දුකින් පීඩා විඳීන සත්වයාට ඉන් නිදහස් වීම පිණිස නිවීමේ පණිවුඩය මතුකිරීම යි. කාමය, රාගය කෙරෙහි බැඳුණු සත්ත්වයාට නිෂ්කාමය, විරාගය මතුකරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පමණි. ඒ සඳහා වඩාත් කිට්ටු වැඩපිළිවෙළ බුදුසමය පෙන්වා දෙන්නේ ආමිසය අභිබවා ප්‍රතිපත්තියට සමීප වීමයි. අද වන විට ප්‍රතිපත්තියට වඩා ආමිසය මතුවී ඇත. එය සම්පූර්ණ වැරැදි ලෙස බැහැර නොකළ යුතු ය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ මතුකළ සුන්දර නිවීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළ ක්‍රමයෙන් අහිමි වීමට ආමිසයට පමණක් දායාද වීම හේතු විය හැකි ය. බුදුන් වහන්සේ ධම්මදායාද සූත්‍රයේ දී දේශනා කළේ පින්වත් මහණෙනි, ආමිසයට දායාද නොවී ධර්මයට දායාද වන ලෙසයි. (ධම්මදායාදා මෙ භික්ඛවෙ, භවථ, මා ආමිසදායාදා. අත්ථි මෙ තුම්හෙසු අනුකම්පා -කින්ති මෙ සාවකා ධම්මදායාදා භවෙය්‍යුං, නො ආමිසදායාදාති.) පියෙකු සෙනෙහසින් තම දරුවෙකුගෙන් කරන ඉල්ලීමක් තරමට ම එය සංවේගජනක ඉල්ලීමකි. පින්වත් මහණෙනි, ආමිසයට දායාද වීමෙන් පමණක් ඔබට බොහෝ චෝදනා ලබන්නට සිදුවේ. එසේම තථාගතයන් වහන්සේට ද චෝදනා කරනු ඇත. ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන් ධර්මයට දායාද නොවී, ආමිසයටම දායාද වී කල්ගත කරයි යනුවෙනි. ආමිසයට ම දායාද වීම ශාස්තෘන් වහන්සේට ද නින්දාවක් බව ධම්මදායාද සූත්‍රයේ දැක්වේ.
බුදු දහම ලෝකයේ තිබෙන ආගම් අතර වැරැදි සිදුවන පුද්ගලයන්ට ඉන් ඉවත්වී නිවැරැදි මාර්ගය වෙත ගමන් කිරීමට අවකාශ සලසන දහමකි. සමාජීය වශයෙන් ඉටුකළ යුතු යුතුකම් සම්බන්ධයෙන් විමසා බලන්නේ පුද්ගල ජීවිතය සමාජ සම්බන්ධතාවෙන් වෙන් වූවක් නොවන නිසයි. අප බොහෝ සේ උත්සාහ කරනු ලබන්නේ රටට ලෝකයට යුතුකම් ඉටුකරන ගුණගරුක පුරවැසියකු වීමට ය. එනිසා ම අප සිදුකරනු ලබන හොර, බොරු, වංචා හැකිතරම් හොර රහසේ සිදුකිරීමට උත්සාහ කරයි. එහෙත් කළ යුතු සියලු දෙය තමාගේ හෘද සාක්ෂියට එකඟව, කළ යුතු ය. අප ජීවත්වන කාලය තුළ අප වෙනුවෙන් ජීවිතේ කැප කළ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටුකළ යුතු ය.
විභජ්ජවාදී වැඩසටහන යනු වර්තමානයෙහි සංවිධානාත්මක ව ශාසන විනාශය සිද්ධ කිරීම සඳහා කටයුතු කරන වැඩපිළිවෙළක් පරාජයට පත්කොට, සද්ධර්මය රැක ගැනීම සඳහා කටයුතු කරන මහා සංඝරත්නය දැනුවත් කරන වැඩපිළිවෙළක්. විශේෂයෙන් ම විභජ්ජවාද යනු ‘විභජති’ පාලි පදය ‘විභජිත්වා වදතීති විභජ්ජවාදෝ’ යනුවෙන් දැක්වෙන සේ බෙදා දක්වමින් අර්ථ ප්‍රකාශ කරන නිසා, විභජ්ජවාද යනුවෙන් සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන ක්‍රම සතරෙන් එකක් වන්නේ විභජ්ජවාද යි. එනම්, බෙදා දක්වමින් අර්ථ ප්‍රකාශ කිරීම මෙහි මූලික ම ගම්‍යවන අර්ථය බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොයෙක් පරියායන්ගෙන් , නොයෙක් ආකාරයන්ගෙන් බෙදා දක්වමින් අර්ථ ප්‍රකාශ කිරීමේ හැකියාව තිබෙන නිසා, ධර්මය හඳුන්වන පදයක් විභජ්ජවාදය යනුවෙන් සඳහන් කරනවා.
මාලිම්බඩ ඉන්ද්‍රාරාමයේ ක්ෂීර පායාස දුරුතු පින්කම
කිරම විමලජෝති නාහිමියන්ගෙන් දහම් තුටු පඬුරු
කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු
බොදු පුවත් (ඡායාරූප)
ඉතිරිය»
සිව් පදයෙන් වෑහෙන සදහම් අමාදිය: ලෝ වැඩ සඟරාව
ඒහි පස්සික 39 : සරු ධර්ම තුළ ජීවිතය ගොඩනැඟුම
ශාසන උන්නතිය සඳහා භික්ෂුවගේ කාර්ය භාරය
මිලින්ද ප්රශ්නය 20 : ත්‍රිවිධ සම්පත්ළඟා කර ගනිමු
භව ගමනේ දුක් විපාක ඇයි?
ධම්මපදයෙන් ජීවිතයට: වැඩුවෙන් අප්‍රමාදය හිමි විය ශක්‍ර පදවිය
අඳුරට එළියක්- 07: කොඩි පූජාවේ අනුසස්
බෝසත් දරුවන්ට: දරුවනේ, යුතුකම් ඉටු කරන්න
මිණි මුතුවන් මනු දම්
පහන් සිතක කවි
පූජාච පූජනියනං
සදහම් අරණ
කොස්සින්න රජමහා විහාරය
© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]