සරු ධර්ම තුළ
ජීවිතය ගොඩනැඟුම
කොළඹ විජේරාම මාවතේ,
ජාත්‍යන්තර විපස්සනා
භාවනා මධ්‍යස්ථානාධිපති
උඩුදුම්බර කාශ්‍යප හිමි
තමන් තුළ ජාතික හැඟීමත්, අවිහිංසා හැඟීමත් දෙකම තිබිය යුතු ය. මගේ රට, මගේ ජාතිය
ආදී වශයෙන් රටේ සිටින සියලු ජාතීන්ට ජාතික හැඟීම තිබිය යුතු අතරවාරයේ ඒ සියලු දෙනාට
එක් හැඟීමක් තිබිය යුතුයි ලාංකික වශයෙන්.
ගමේ වෙනත් නිවසකින් ප්‍රශ්නයක් ගැටලුවක් ඉදිරිපත් වන විට, තමන්ගේ නිවසේ සියලු දෙනා
ඒකරාශී වෙනවා. යම් නිවසක පුතුන් දෙපළක් අමනාපයෙන් පසු වුවත්, වෙනත් නිවසකින් යම්
ගැටලුවක් පැමිණි විට එතෙක් පැවැති අමනාපය පසෙකින් තබා, ඉදිරිපත් ව ඇති ගැටලුවට
මුහුණ දෙනු ලැබේ. ගමේ දෙපිරිසක් අමනාපයෙන් සිටින විටක, පිටත ගමකින් ප්‍රශ්නයක්
පැමිණි විට ඒ මොහොතට ගමේ ගම්වැසියන් ඒකරාශි වී කටයුතු කරනු ලැබේ. ලාංකික හැඟීමෙන්
රටේ සිටින ජාතීන් ඒකරාශී විය යුතු යි. ඒ ඒ ජාතීන් ජාතික හැඟීමකින් දියුණු විය යුතු
යි. ආගමත් එලෙසයි. සර්ව ආගමික සංකල්පයක් යනුවෙන් එකකට පැමිණිය හැකි ද? උපදින්නේ
නැති හැඟීම් බලෙන් උපදවිය හැකි ද? කුලී නිවසක ජීවත්වන අයෙකු ට තමන්ගේ නිවස ලෙස
හැඟීමක් උපදවා ගන්න යැයි කියමු. එහෙත් පුළුවන් විය හැකි ද? අප එසේ අපගේ ජීවිතය දෙස,
රට දෙස බලා එවැනි සිතිවිලි අපේ තරුණ පරපුරට ඇති වුවහොත් ඒ පිරිස සුළු දේට අනතුරක්
කරන අදහසින් එසේ යන්නෙත් පෙර සඳහන් කළ පිරිස යි. ඒ පිරිස තමාට තමා ම හානියක් කර
ගන්නා බව තේරෙන්නේ නෑ. ඒ නිසා නිවැරැදි හැඟීම් අපේ තරුණ ඇත්තන් තුළ ජනිත කරන්නට
ඕනෑ, දරුවන් තුළ නිවැරැදි හැඟීම් ජනිත කරන්නට ඕනෑ. එසේ ජනිත කරන හැඟීම් ප්‍රබල
කරන්නට ඕනෑ. එසේ ප්‍රබල කරන වැඩ පිළිවෙළක් ආරම්භ කළ යුතු යි. තමන්ගේ ක්‍රියාව
සම්පූර්ණ උපන් ජාතියට, ආගමට, මවට, පියාට පවා හානියක් කිරීමෙන් ඇතිවන පාඩුව පෙන්වා
දිය යුතු යි.
අපේ රටේ මිනිසුන් ලෙස අප හොඳින් දන්නවා අපේ මිනිසුන් ඉතාම සංවේදී ද? නැද්ද? අප ඉතා
හොඳින් දන්නවා අපේ රටේ මිනිස්සු ඉතාම සංවේදී යි. අනෙක් අයගේ දුක් තේරෙන අය. යමක්
කිවහොත් ඉක්මනින් ඒ සඳහා පෙළ ගැසෙන අය. ඉතින් ඒ නිසා ඒ සඳහා වැඩ පිළිවෙල සකස් කළ
යුතු යි. එය සකස් කළ යුත්තේ ඉහළින් ද? ඉහළින් සකස් කරන තෙක් බලා සිටිය යුතු ද? පළමු
ව සකස් කළ යුත්තේ තමන් තුළ ය. තමන් තුළින් නිවැරැදි වීමට පටන් ගත් විට එසේ
නිවැරැදිවීමට තිබෙන අපහසුව කෙතරම්දැ යි තේරෙන්නට පටන් ගන්නවා. යම්කිසි අයෙක්
තේරෙන්නට පටන් ගත් විට ඊට ඇති අපහසුව කෙතරම් දැයි වැටහෙනවා. එවිට අත්දැකීම්
ලැබෙනවා.
කෙතක් සකස් කරන ආකාරය හොඳින් දැන ගන්නට පුළුවන්. එසේ දැනගෙන තවත් අයෙකුට කියා දීමට
ත් පුළුවන්. එහෙත් කෙත සකස් කිරීම ට ගිය විට ඊට වඩාත් සුදුසු වෙලාව කෙසේ ද? කෙතරම්
වෙලාවක් විවේකීව සිටිය යුතු ද? ආදී සියල්ල වැටහීමට පටන්ගනු ලැබේ.
එමෙන්ම ධර්මයෙන් ලද පෝෂණය පළමු ව තමන් ගවේෂණය කර, තමන් හදා ගැනීමට සූදානම් විය යුතු
ය.තමා කෙතරම් තමා පාලනය කර ගැනීමට සූදානම් කර ගත්ත ද, එ පමණකින් අනෙකුත් අය වෙත
ප්‍රායෝගික ව කියා දීමට හැකියාව උදා වෙනවා. තමන්ට සැලසුම සකස් කර අප කළ යුත්තේ
කුමක්ද? පුද්ගලයා ලෙස නිවැරැදි වෙමින් තමන්ගේ පවුලේ ඉන්න අය නිවැරැදි කරන වැඩ
පිළිවෙල ආදරයෙන් කියාදීමට පුරුදු වන්න. එය ශිෂ්‍යත්ව විභාගය පමණක් නම් නොවේ. එතැනයි
අපට වැඩිහරියක් වැරදුණේ. ශිෂ්‍යත්වය විභාගය ඕනෑ. එහෙත් ළමයාගේ ජීවිතය යනු එය පමණක්
නොවේ. අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ අවශ්‍ය ද ? නැද්ද? අවශ්‍ය යි. එහෙත් එය
පමණක් ළමයාගේ ජීවිතය නොවේ. එය යම් කඩ ඉමක් පමණයි. ඒ කඩඉම පමණක් නම් මව්පියවරු සාදා
තිබෙන්නේ, එසේ නම් සදා තිබෙන්නේ රොබෝවක්. වැඩ සටහන් සම්පාදනය කරපු යන්ත්‍රයක්
නිපදවා තිබෙන්නේ. අනක් ගුණක් ඇති නොවේ. අධ්‍යාපනය ඇත. පරිගණකය ඇත. දුරකතනය ඇත. මව
නැත. පියා නැත. සහෝදර සහෝදරිය නැත. ආගම නැත. ජාතිය නැත. ඉතා හොඳින් එක් පැත්තකට
ක්‍රියා කරන බෝනික්කකු හදා ඇත්තේ, අනතුරුව නරක විදියට ඒ දරුවන්ට සංසාර ගත හැඟීම්
උපදින විට, දෝෂ උපදින විට, නරක අයුරෙන් හැසිරීමට පටන් ගනී. දොස් කීමෙන් පළක්
නොවන්නේ අවශ්‍ය කරන දේ නොකිරීම හේතුව යි. පිරිහෙන ජාතිය නිවැරැදි කරන්න නම්
වැඩිහිටි අපට විශාල වගකීමක් ඇත. කළ යුතු දෙයක් පවතී.
නිවැරැදි හැඟීම් හෙවත් සරු ධර්ම ජීවිතය තුළ ඇති කළ යුතු ය. සෑම ස්ථානයක ම කාර්යක්ෂම
ව වැඩ කරන මනුෂ්‍යයන් සිටිය යුතු ය. දූෂණ වංචා ආදියෙහි ආදීනව දන්නා අය සිටිය යුතු
යි. නිවැරැදි සංකල්ප ඇති විය යුතු යි. ඒ සඳහා වැඩ පිළිවෙල සකස් විය යුතු යි. ඒ සඳහා
පළමු සටන කළ යුත්තේ තමන් සමඟ ය. ප්‍රායෝගික ව ධර්මය භාවිතා කිරීම පිළිබඳව අප
සාකච්ඡා කළ යුතු යි.
බෞද්ධ පත්‍ර කලා විශාරද
සීසර් සුදුසිංහ |