[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

දහම් පාසල් මෑණියනි

පිබිදෙන කැකුළු හිරු කිරණින් නහවන්න
බැබළෙන තාරකා හට රන් සඳු වන්න
අඳුරේ එළිය දෙන මිණි පහනක් වන්න
සිසිලස නැති කලට සුළඟක් වී එන්න

හිරු සඳු නැති කලට අහසේ නැග එන්න
සුවඳ හමන කුසුමන් ලොව පුබුදන්න
ගුණ දම් සපිරි නැණ සයුරක කිමි දෙන්න
සීලානන්ද දම් පාසල සැරදෙන්න

සැගවුණු හීන හැම මල්ඵල ගන්වන්න
දම් එළියෙන් අපෙ ජීවිත සරසන්න
ලක් මෑණියන් හෙට දිනයේ රැක ගන්න
ලක් මව් තුරුලෙ දම් පාසල වැජඹෙන්න


ධර්ම දානය

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සුනිමල වූ සද්ධර්මස්කන් යේ සඳහන් වන පරිදි, ‘සබ්බ දානං ධම්ම දානං ජිතාති’ යනුවෙන් හැඳින්වෙන්නේ, ලොව ඇති දාන අතර උතුම් වූ දානයක් ලෙස ධර්ම දානය හැඳින්විය හැකි බවයි. ධර්ම දානය ලෙස සලකනු ලබන්නේ ධර්මයට සවන් දීම පමණක් නොවේ. අපගේ නිමල ශ්‍රී සද්ධර්මය ලෝකවාසීනගේ හිතසුව පිණිස නිවැරැදි ලෙස ගළපා, ග්‍රන්ථාරූඪ කර, ඒවා මුද්‍රණයට අනුග්‍රහ දැක්වීමත් ධර්ම දානය ලෙස දක්වන්නට පුළුවනි. එලෙස ම ධර්ම දේශනා කිරීමෙන් ලැබෙන කුසල් මෙතෙකැයි කියා විග්‍රහ කළ නොහැකි ය. කුඩා ළමයින් ලෙස අප ද ධර්මය ශ්‍රවණය කිරීම අපගේ ප්‍රඥාව උසස් මට්ටමට ගෙන යාමට මහත් වූ රුකුලක් වනු බව නො අනුමාන ය.


පින් කරමු

දසසිල් භාවනා පින්කම්වල යෙදෙමු
සන්සුන් සිතින් සිරි සදහම් රස විඳිමු
පන්සල පින් කෙතක් බව සිහියට ගනිමු
පන්සල් ඇවිත් පෝදාවත් බණ අසමු

වින්දත් රජ සැපත දිනකදි මිය යනවා
රැක්කත් මේ සිරුර පොළොවට පස් වෙනවා
කළහොත් පිනක් ඒ පින අප හා එනවා
වේ ඒ කුසලය සැප දෙනවා


ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර

ගංගා, යමුනා, සරභූ, මහී, අචිරවතී යන පංච මහා නදියන්හි ජලය මහ මුහුදට වැටුණු කල මුහුදු වතුර ලෙස හඳුන්වන්නා සේ ම කිනම් කුලයක සිට පැවිදි භාවයට පත් වූවත් උන්වහන්සේ “ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර” වේ. මේ බුදු වදන යි. “ශ්‍රමණ ශාක්‍යපුත්‍ර” යනු අපගේ සංඝරත්නය යි. ගිහියන් වන අපට උන්වහන්සේලා කෙරෙහි මෙන් ම, උන්වහන්සේලා හට ගිහියන් කෙරෙහි ද විශාල වූ වගකීමක් මෙන් ම යුතුකමක් ද වේ. බුදු දහම ආරක්ෂා කරගෙන එහි චිරස්ථිතිය පිණිස කටයුතු කරන්නේ ද මේ උතුම් වූ සංඝ රත්නය යි. ‘ගමයි පන්සලයි වැවයි දාගැබයි’ යනුවෙන් සමාජ දැක්මක් පවතී. මෙයින් මනා ගිහි, පැවිදි සබඳතාවක් වගේ ම අතීතයේ මිනිසා බුදු දහම කෙරෙහි කෙ තරම් සමීපතාවයක් දැක්වූවා ද යන්න මනාව උද්දීපනය වේ.


භාවනා

භාවනා නම් කුසල් සිත වැඩීම යි. සමථ හා විදර්ශනා වශයෙන් භාවනාවේ ප්‍රධාන ප්‍රභේද දෙකයි. සමථ භාවනාව නම් සමාධි දියුණු කිරීම යි. හොඳ අරමුණක සිත රඳවා තබා ගැනීම සමාධියයි. විදර්ශනා කියන වචනයේ තේරුම ගැඹුරු දර්ශනය, සුවිශේෂී දැක්ම කියන එකයි. කෙනෙකුට මාර්ගඵල ලබාගෙන නිවන් අවබෝධ කළ හැක්කේ විදර්ශනාවෙනි. භාවනා කිරීම මගින් ඇති ප්‍රයෝජන නම් මතක ශක්තිය වර්ධනය, අනතුරු නො වීම, හොඳ සිහින දැකීම, අධ්‍යාපනය සාර්ථකවීම වැනි කරුණු ය.


වඳිනෙමි ගුරු දෙවි උතුම්

බුදු හිමි තිලොවට හිරු
ධර්මය ලෙස තම ගුරු
සැලකුවෙ නිතියෙන් ගරු
සැමටම අවැසිය ගුරු

වඩවා මනුසත් දහම්
පෙව්වා සිප්කිරි උතුම්
කරමු සපල ගුරු පැතුම්
වඳිනෙමි ගුරු පා පියුම්

අපගේ උතුම් ගුරු කැල
ආයු වර්ණ සැප බල
ලැබ නොමඳ ව නිසි කල
වැජඹේවා මනකල


වටදාගෙය

අනුරාධපුර යුගයෙන් පසු ගොඩනැඟුණු වෘත්තාකාර මන්දිර විශේෂයක් වටදාගේ නමින් හැඳින් වේ. වෘත්තාකාර වේදිකාවක් මත වෘත්තාකාර ව පිහිටි කුළුණු පේළි කිහිපයක් සහිත ව ඉදිවුණු මන්දිරයක් මධ්‍යයේ ඉතා කුඩා චෛත්‍යයක ස්වරූපාකාර ධාතු ගර්භයක් ඇත. එය වටා සතර දිශාවන්ටම මුහුණලා ඉදිකරන ලද පිළිම සතරකි. වර්තමානය වනවිටත් පොළොන්නරුව වටදාගෙයෙහි මෙම පිළිම තවමත් නිරුපද්‍රිත ව ඇත. ලක්දිව ඉතාමත් ම කලාත්මක වටදාගෙය පිහිටා ඇත්තේ තමන්කඩු දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරියේ ය. මණ්ඩගිරි විහාරය නමින් පුරාණෙයේ ව්‍යවහාර වූ එය ගල්තලාවක් මත පිහිටි නිසා නැගීමට ඇති ශෛලමය පියගැටපෙළ ද අගනා නිර්මාණාත්මක අංගයකි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් තිරියාය වටදාගෙය තවත් වටිනා අලංකාරවත් වටදාගෙයකි. එය තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරදුන්ගේ කේශධාතු නිදන් කොට සාදවන ලද ගිරිහඬු විහාරය ලෙස ද සලකයි. කැටයම් කළ නොකළ ගලින් කොට අර්ධ බිත්තියකින් වටකොට තිබීම ද වටදාගේවල ලක්ෂණයකි.


සම්බුදු කරුණාව

රුදුරු ආලවක යක් භවනට වැඩියා
මහ කරුණා ගුණෙන් ඔහු බල බිඳ හැරියා
දහමෙහි බලෙන් අදහම බිඳ බුදු සිරියා
නමින් ආලවක භවනේ වැඩ සිටියා

රාබී සොළොස් කළයක් වියරුව ආව
නාලාගිරි ඇතා බුදු හිමියන් ගාව
වැඳ වැටුණේ බලයෙනි මෙත් කරුණාව
ලොවටම සම්පතකි සම්බුදු කරුණාව


සසර ගෙවන මග

සිත කය වචන ඔබ සෙවණේ හැසිරෙනවා
ලෝභ දෝෂ මෝහ තිදොරින් කළඹනවා
දහමින් ඔබට එහි අනතුරු අඟවනවා
දන් සිල් භාවනාවෙන් නිති රැක දෙනවා

කය වචනය සංවරයට සිල් පුරමු
බවුන් වඩා සිත දමනය හුරු කරමු
කලණ මිතුරු ඇසුරෙන් යහමග සොයමු
සදහම් මගට බැස සසරෙන් අත් මිදෙමු

මිනිසත් බව ලැබුම පෙරකම් පල සසරේ
මිසදිටු මෝහ සිතිවිලි ගෙනයයි අඳුරේ
භව කෙළවර සොයන මග නිරතුරු ඇසිරේ
සද්ධා සීල ප්‍රඥා වඩනෙමු නිතරේ


සදහම් අරණළමා සමාජයේ සාමාජිකයෝ

605 ඩබ්.ඩී.ඩිලාන් මදුසංක - 08 වන ශ්‍රේණිය
ශ්‍රී පඤ්ඤාරාම දහම් පාසල – පෝරුවදණ්ඩ

606 එච්.එම්.නශිනි සඳුනිකා - 03 වන ශ්‍රේණිය
ශ්‍රී චන්ද්‍රානන්ද දහම් පාසල – කන්දකැටිය

607 එම්.චමෝද්‍යා වසීනා - 09 වන ශ්‍රේණිය
ශ්‍රී සුමනතිස්ස දහම්පාසල – වැලිහිඳ

608 වයුනි පසන්ජා ධනපාල - 05 වන ශ්‍රේණිය
රෝමානු කතෝලික පාසල - හංවැල්ල

609 සකිලා ශේෂාලි කොළඹආරච්චි - 11 වන ශ්‍රේණිය
සාන්ත තෝමස් බාලිකා විදුහල - අකුරැස්ස


සඟමිත් තෙරණිය


.පරිසරය


සංස්කරණය
නයනා නිල්මිණි

දුරුතු පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 02 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 09.00 ට ලබයි. 03 වන දා සිකුරාදා අපර භාග 11.26 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වන දා සිකුරාදා 

මීළඟ පෝය ජනවාරි 10 වන දා සිකුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 03

Full Moonපසළොස්වක

ජනවාරි 10

Second Quarterඅව අටවක

ජනවාරි 17

Full Moonඅමාවක

ජනවාරි 24

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]