දුරුතු පුර අටවක
පිරිසුදු සිතිවිලි
ගතසිත සැරසිලි
දුරුතු මස උදාව වඩාත් උත්සවාකාරයෙන් සමරන්නේ බොහෝ විට ගමේ නොව නගරයේ ය. ගමෙහි ද යම්
ආකාරයක පිබිදීමක් වේ. ගේ දොර පිරිසුදු කොට, නව අවුුරුද්ද අරඹනුයේ කිරිබතක් ද
පිසිමිනි. එය සුබ සංකේතයකි. ගැටලුව එපමණක් ප්‍රමාණවත් වේ ද යන්න ය.
නව වසරක උදාව නැවුම් බවකින් පිළිගැනීම ජීවිතයකට අලුත් ප්‍රබෝධයක්, පිබිදීමක් ගෙන
දෙන්නට සමත් ය. එහෙත් අප බොහෝ දෙනෙක් අලුත් වෙන්නට උත්සාහ ගන්නේ භෞතිකව ය. එපමණක්
ප්‍රමාණවත් නොවේ. ආධ්‍යාත්මික පිරිසුදු බවක් නොවේ නම් භෞතිකත්වය කෙතරම් පිරිසුදු
වුවද ජීවිතයට නිසිඵල ලැබෙන්නේ නැත.
කාලය ගෙවීයනවා නොව ඉගිළෙනවා යැයි බොහෝ දෙනෙක් පවසති. සැබැවින් ම සිදු වන්නේ කාලය
ඉගිළෙනවා නොව අප ඉබිගමනේ යාම ය. බෞද්ධයන් ලෙස අපට මුඛ්‍ය පරමාර්ථයක් තිබේ. ඒ,
කෙලෙස් දුරුකර, මේ දුක් සහිත සසර ගමන නිමා කිරීම ය. එනම්, උතුම් නිර්වාණ සුවය ළඟාකර
ගැනීම ය. ශ්‍රී සද්ධර්මය ජීවමාන, නිරන්තරයෙන් දහම් ශ්‍රවණය කළ හැකි, පොත පත කියවා
ධර්ම ඥානය ලද හැකි කාලයක අපි ඉපදී සිටිමු. එයින් වහ වහා ප්‍රයෝජන නොගෙන ඉබි ගමනේ
යනවා නම් නිවන බොහෝ දුර ය. අප්‍රමාදී බව ම ය නිවන සමීප කරනුයේ. එනම් කුසලයට
අප්‍රමාදී වීම ය.
ශ්‍රී සද්ධර්මය මනාව අවබෝධ කර ගැනීමට අප්‍රමාදි විය යුතු ය. ඒ අවබෝධය තුළ ධර්මය
ජීවිතයට ප්‍රායෝගික කර ගැනීමට වඩ වඩාත් උත්සාහවත් විය යුතු ය. බොහෝ දෙනෙක් ධර්මය
ප්‍රායෝගික ව ජීවිතයට හුරු පුරුදු කරනවා වෙනුවට අන්ධ වී සිටින ආකාරයකි පෙනෙනුයේ.එසේ
පවසන්නේ තමන් බෞද්ධයකු යැයි තමන් ගැන වැරැදි විශ්වාසයක් ඇති කර ගනිමින් ධර්මයට
පටහැනිව කෙලෙස් භරිතව ක්‍රියා කිරීම නිසා ය. අධර්මචාරී විම නිසා ය. මෙහිදී වඩාත්
වැදගත් වනුයේ තමන් තමන්ට අවංක වීම ය.
බුදුරජාණන් වහන්සේ, ආනන්ද හිමියන් අමතා දේශනා කොට වදාළේ තමන් වහන්සේ පිදීම යනු
ධර්මය අනුව, ප්‍රතිපත්තියට අනුව ජීවත්වීම යනුවෙන් ය.
ගෙවී ගිය වසර පුරා අප සිදු කළේ කුමක්දැයි අවංකව ම ආවර්ජනය කළ හැකි ය. සැබෑ
බෞද්ධයෙක් ලෙස තමන් ආධ්‍යාත්මික සංවර්ධනයට කෙතරම් සමීපවූයේ ද, නැති නම් දුරස් වූයේ
ද යන්න තමන්ට ම විමසීමක යෙදීමට පුළුවන. ලෝභ, ද්වේශ, මෝහාදී අපවිත්‍ර සිතිවිලිවලින්
සිත අපවිත්‍ර වූ අවස්ථා කොතෙක් ද? ඒ අපවිත්‍ර සිතිවිලි ක්‍රියාවට නැඟූ අවස්ථා කොපමණ
වේද? තරහව, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සිතිවිලිවලින් අපගේ සිත මොන තරම් දැවීමට,
පෙළීමට ලක් කළා ද? ඒ තුළින් උතුම් නිවන් මග දුරස් කරගත්තේ ද යන්න තමන්ට ම අවබෝධ
කරගත හැකි ය.
අප ක්ෂණයක් පාසා ළඟා වෙමින් සිටින්නේ මරණයට ය. අසුරු සණක් ගසන මොහොතකින්, හුස්මක්
ගෙන ඒ හුස්ම පහත හෙළන මොහොතකින්, ඇසිපිල්ලමක් ගසන මොහොතකින් මරණය සිදු විය හැකි බව
දහමෙහි සඳහන් ය. එය ප්‍රායෝගිකව ම අප සමාජ ජීවිතයේ දී අත්දැක නොතිබේ ද? ජීවිත
කාලයක් පුරා රැස් කළ භෞතික සම්පත් මරණයත් සමඟ අත් හරින්නට සිදු වේ. කළ පින් පව්
පමණක් ඉතිරි වේ.
උපන් දා සිට කුඩා දරුවෙකුගේ චරිතයේ සිට වයෝ වෘද්ධ වනතුරු අපි විවිධ චරිතයන්ට ජීවය
දෙමු. ඒ ඒ කාල සීමාවෙහි අපවෙත පැවරුණු වගකීම් සම්භාරයක් වේ. සැබැවින් ම තමන් වෙතින්
ඒවා ඉටු වූයේ ද? යුතුකම් වගකීම් නොහඳුනන පුද්ගලයා සම වන්නේ ජීවත් වුවද මළ මිනිසෙකුට
ය.
අනුන්ට කරදරයක් නොවී දිවි පෙවෙත ගෙන යාම බෞද්ධයන්ගේ සිරිත ය. තමන්ගේ ජීවිතය අනුන්ටද
තමන්ට ද හිත පිණිසම විය යුතු ය.
අප අප්‍රමාදී විය යුතුව තිබේ. යහපත් දෙයෙහි නොපසුබට උත්සාහය, උනන්දුව, ඕනෑකම අප
යහපත් තැනටම ඔසවා තබනු ඇත. එවිට ගෙවී යන හැම දවසක් ම අර්ථ සම්පන්න වනු ඇත. ජීවිතය
කෙටි ප්‍රමාදී පුද්ගලයාට ය. |