[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇසළ පෙරහර පුණ්‍යොත්සවය පැවැත්වෙන
බෙල්ලන්විල රජමහා විහාරය

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වනදා සිකුරාදා පූර්ව භාග 08.09 ට ලබයි. 24 වනදා සෙනසුරාදා පූර්වභාග 08.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 23 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය අගෝස්තු 30 වනදා ය.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 23

Full Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 13

අනුබුදු මිහිඳු මා හිමි පූජෝපහාරයට මිහිඳු මහා පෙරහර

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට සිදු කළ අපරිමිත ශාසනික, ඓතිහාසික, පූජනීය මෙහෙවරට කෘතෝපහාර ලෙස උන්වහන්සේගේ පරිනිර්වාණය නිමිත්තෙන් වප් මස පුර අටවක දා මිහිඳු මහා පෙරහර සහ පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවැසූහ. ඓතිහාසික මිහින්තලා පුණ්‍ය භූමිය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලබාදීම ශාසනික වශයෙන් ලද භාග්‍යයක් බවත්, අනුබුදු හිමියන්ගේ පරිනිර්වාණය සිදු වූ වප් මස පුර අටවක දිනය රජයේ නිවාඩු දිනයක් කරන ලෙස කළ ඉල්ලීම පිළිබඳ කටයුතු සිදුවන බවත් වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කළහ. උන්වහන්සේ එසේ සඳහන් කළේ මිහින්තලේ රජමහා විහාරස්ථ රතනසාර දහම් පාසල් ශාලාවේ දී පැවැති මිහිඳු මාහිමි පරිනිර්වාණ දින සැමරුම් සාකච්ඡාවේ දී ය. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් සිරිමෙවන් ධර්මසිරි මහතාගේ මෙහෙයවීමෙන් එය පැවැත්විණි.


ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය ලඩක්

සම්බුදු සිරිතේ සුවිශේෂී සංසිද්ධීන්ගෙන් සුපෝෂිත වූ භාරතීය දේශය ලෝකවාසී බොදු දනන්ගේ නමස්කාර පූර්වක ගෞරවයට පාත්‍රවන පින් බිමකි. ඒ ගෞරවය තවත් අර්ථ ගන්වමින් ඉන්දීය රජය විසින් ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය ලෙස නම් කරනු ලැබූ ‘ලඩක්’ බෞද්ධයා ලද සුවිශේෂී භාග්‍යයකි. සියයට හැත්තෑවක් පමණ බහුතර බෞද්ධ ජනතාවක් වෙසෙන ‘ලඩක්’ ප්‍රාන්තයේ ජනගහණය 274289ක් ලෙස සඳහන් කළ හැකි ය. එහි ලෙහ් නගැය විශාලතම නගරය ලෙස ප්‍රකට වන අතර ලෙහ් සහ කාර්ගිල් ප්‍රධාන නගර වේ. අති සුන්දර ‘ලඩක්’ ප්‍රාන්තය මුහුදු මට්ටමේ සිට අඩි 98,00ක උසකින් පිහිටා ඇති අතර එය මෙතෙක් පැවැතියේ ජම්මුකාශ්මීරයට අයත් ප්‍රදේශයක් ලෙසිනි. බෞද්ධ හා සංචාරක පිහිටීම් රැසක් මෙන් ම හිමාල කඳු තරණයට ද ප්‍රකට ලඩක් වර්ග කිලෝ මීටර 59196ක වපසරියකින් යුත්, අපූරු දේශගුණයකින් සමන්විත ය. හය මසක කාලයක් ගී‍්‍රස්ම ඍතුව ද තවත් හය මසක් සීත ඍතුව ද පවතින ‘ලඩක්’ සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් අපූර්වත්වයෙන් යුතු පුණ්‍ය භූමියකි.

ධර්ම දේශනාව:

පරම සැපත උදාකරන දහම

"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායේන වාචාය මනසා" “මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි. සිතින් සිතා කයින්, වචනයෙන් හා සිතින් කර්ම රැස් කෙරේ.” කර්මය වූ කලී සෑම සත්ත්වයෙකුට ම පොදු වූ ධර්මතාවය කි. සත්ත්වයා කර්මය දායාද කොට වෙසෙති. එකී කර්මය පුද්ගලයාගේ චේතනාව මුල්කොට ගෙන පවතී. චේතනාව උපයෝගී කොට ගනිමින් සිත මුල් වී, සිත, කය, වචනය යන තිදොරින් සත්ත්වයා බොහෝ කර්ම රැස් කරති. ඒ යහපත් හා අයහපත් වශයෙනි. මිනිසා ට සිදුවන සෑම දෙයක් ම සිදුවීමට හේතුව කර්මය යැයි ඇතැමෙක් විශ්වාස කෙරෙති. එබඳු අදහස් දරන්නෝ ඇතැම්විට කිසිදු උත්සාහයක්, වීර්යයක් නොමැතිව, සියල්ල සිදුවීමට දෛවයට භාර දී සිටී. භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනය තුළ පැහැදිලි කරනුයේ උත්සාහයෙන්, ස්වඡන්දයෙන්, වීර්යයෙන් යුතුව අනලස්ව වැඩ කිරීම ය. භවයෙහි සැරිසරන සත්ත්වයාට මූලික වශයෙන් මුහුණ දීමට සිදුවනුයේ කර්මය ට අනුව ලැබෙන පුනර්භවය ක ට ය. පුනර්භවය හා කර්මය පිළිබඳ මහා ප්‍රඥාව ලැබෙන තුරු සත්ත්වයා සසර ඉපදෙමින්, මැරෙමින් මහත් දුක් පීඩා ලබති.

 

ගිහි ගෙදරට දහම් වැටක්:

ස්ත්‍රීත්වය කුසලයක් ද? අකුසලයක් ද?

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව කරුණු විමර්ෂණාත්මකව අධ්‍යයන කොට බලන විට පෙනෙන්නේ පිරිමියකු හෝ ස්ත්‍රියක ලෙස හෝ උපත ලැබීම පෙර සංසාරයේ තමා විසින් සිද්ධ කරනු ලැබූ පුණ්‍ය මහිමයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවන්නක් බව ය. නමුත් පෙර පිනට උප්පත්තිය ලබන ගැහැනු පිරිමි දෙපාර්ශ්වය ම ඇතැම් විට තම ජීවිතය පවක් බවට පත්කරගනු ලබන අවස්ථා තිබේ. අවබෝධයෙන් තොරව ජීවත්වීම, සමාජය කෙරෙහි දක්වන මෛත්‍රිය අඩුවීම, තමාගේ මනස තමාට පාලනය කර ගැනීමට නොහැකි වීම යන කරුණුවල දී මිනිසා ද, ගැහැනිය ද බොහෝවිට තම ජීවිතය පවක් බවට පත්කරගනු ලබයි. මෙලොව උප්පත්තිය ලබන ස්ත්‍රී, පුරුෂ හැම කෙනෙකුගේ ම මූලික අපේක්ෂාව විය යුත්තේ සිත, කය, වචනය යන තුන්දොර තමාගේ දියුණුව පිණිසත්, පොදු සමාජයේ යහපත පිණිසත් යෙදවීම ය.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]