ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 31 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
මරඟනන් පැරැදවීම
ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.
මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
පසෙලාස්වක
අගෝස්තු 14
අව අටවක
අගෝස්තු 23
අගමැති මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී කියයි
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් මෙවරත් පෙර පරිදි සාර්ථක පෙරහර මංගල්‍යයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසී ය. පෙරහරට අවශ්‍ය ආරක්ෂාව විධිමත් ලෙස තහවුරු කරන ලෙස මෙහිදී අගමැතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේ ය. මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන තිබෙන හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී ඉකුත්දා (24) පැවැති විශේෂ රැස්වීමක දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා එම සාකච්ඡාවට සම්බන්ධ විය. අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි, අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද නා හිමි,දළදා තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර නා හිමි, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන හිමි එම අවස්ථාවට සහභාගි වී සිටියහ. මෙවර රුහුණු කතරගම පෙරහරේ අවසන් පෙරහරට අති විශාල ජනතාවක් පැමිණි බවත්, එලෙසින්ම මහනුවර ඇසළ පෙරහර නැරඹීමටත්, විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි, අපේක්ෂා කරන බවත් අගමැතිවරයා කී ය.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝ සභාවේ කුරුවිට කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය කුරුවිට එරත්න බටතොට ආනන්ද ධම්ම විහාරාධිපති නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිරිනමා ඇත. සද්ධර්ම කීර්ති ශ්‍රී රේවත යන ගෞරව නාමය සහිත එම නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය ජූලි 27 වනදා කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි. නිවුන්හැල්ලේ ධම්මරක්ඛිත නා හිමියන් පිළිගැනීමේ හා උපහාර දැක්වීමේ උත්සවය 29 වන දා ඉරිදා එරත්න බටතොට ආනන්ද ධම්ම විහාරස්ථානයේ දී සිදු කිරීමට නියමිත ව තිබිණි.
ධර්ම දේශනාව: මිථ්‍යාවෙන් මිදුණු ජීවිතයකට ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව යි. මෙම සූත්‍රය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් උදෙසා දේශනා කළ සේක. ඇසළ පෝදා දෙසූ මෙම දහම සනාතන දහමයි. ඇසළ උදානය එයයි. දම්සක් දෙසුම පමණක් නොව බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුන්ගේ උපත, බෝසතුන්ගේ අභිනික්මන ඇසළ පෝදා සිදුව ඇත. උපසම්පන්න භික්ෂූන් වහන්සේ පෙරවස් සමාදන් වන්නේ ද ඇසළ පෝදා ය. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත ධර්ම කරුණු තුළ බුදුදහමේ මූලික හරය ගැබ්ව ඇත්තේ ය. දම්සක් පැවැතුම් සුත්‍ර දෙසුම ආරම්භ වන්නේ මෙසේ ය. ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ, තත්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛූ ආමන්තේසි ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. ඒ අනුව භික්ෂූන් අමතන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ අන්තගාමි ප්‍රතිපත්ති දෙකක් තුළින් තමන් බැහැර විය යුතු බවයි.සෙංකඩගලපුර ඇසළ පෙරහරට කප් සිටුවීම 2 වනදා කිත්සිරි මෙවන් රජ දවස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමඟ දළදා වහන්සේ උදෙසා පෙරහර පැවැත්වීම ආරම්භ විය.ක්‍රමයෙන් විකාශනය වූ පෙරහර අද වන විට මෙරට ජාතික,ආගමික හා සංස්කෘතික වශයෙන් පිළිගැනීමට ලක්වන ප්‍රධානතම මංගල්‍යය බවට පත්ව තිබේ. රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් සලකා රජවරු දළදා වහන්සේ උදෙසා පුද පූජා පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් ය. උන්වහන්සේ උදෙසා පෙරහර මංගල්‍යයක් පවත්වා පූජෝපහාර පැවැත්වීම එකල පටන් අද දක්වා පැවැත එන චාරිත්‍රය කි. මහනුවර රාජ්‍යය සමයේ ලක්දිව උපසම්පදාලත් භික්ෂූන් වහන්සේ නොමැති වීමෙන් ශාසනික පරිහානියක් ඇති විය.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සෙංකඩගල පුර රාජ්‍යත්වයට පත් වීමෙන් පසු වැලිවිට අසරණ සරණ සරණංකර මා හිමියන්ගේ මූලිකත්වයෙන් සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන විත් යළි ලක්දිව උපසම්පදාව ස්ථාපිත කළහ. ඒ වන විට නායක්කාර වංශික රජුන් බලයට පැමිණ තිබීම නිසා ඉන්දියාවේ සිට පැමිණ සිටි ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හා ඥාතීන්ට වන්දනාමාන කිරීමට මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් දේවාල බිහිව තිබිණි.එම දේවාල මූලික කර ගනිමින් පැවැති පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා පෙරහර යළි එක්ව තිබෙන්නේ මහා සංඝරත්නය රජුගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිපලයක් ලෙසිනි. එදා පටන් ශ්‍රී දළදා මාළිගාව මුල් කර ගනිමින් නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන දේවාල පෙරහර මහනුවර නගරයේ සෑම ඇසළ මසකම වීදී සංචාරය කරයි.
ධර්ම දේශනාව:
ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම ධම්මචක්ක පවත්වන සූත්‍ර දේශනාව යි. මෙම සූත්‍රය බරණැස ඉසිපතනාරාමයේ දී පස්වග මහණුන් උදෙසා දේශනා කළ සේක. ඇසළ පෝදා දෙසූ මෙම දහම සනාතන දහමයි. ඇසළ උදානය එයයි. දම්සක් දෙසුම පමණක් නොව බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුන්ගේ උපත, බෝසතුන්ගේ අභිනික්මන ඇසළ පෝදා සිදුව ඇත. උපසම්පන්න භික්ෂූන් වහන්සේ පෙරවස් සමාදන් වන්නේ ද ඇසළ පෝදා ය. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවෙහි අන්තර්ගත ධර්ම කරුණු තුළ බුදුදහමේ මූලික හරය ගැබ්ව ඇත්තේ ය. දම්සක් පැවැතුම් සුත්‍ර දෙසුම ආරම්භ වන්නේ මෙසේ ය. ඒවං මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ, තත්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛූ ආමන්තේසි ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. ඒ අනුව භික්ෂූන් අමතන බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ අන්තගාමි ප්‍රතිපත්ති දෙකක් තුළින් තමන් බැහැර විය යුතු බවයි.
කිත්සිරි මෙවන් රජ දවස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් සමඟ දළදා වහන්සේ උදෙසා පෙරහර පැවැත්වීම ආරම්භ විය.ක්‍රමයෙන් විකාශනය වූ පෙරහර අද වන විට මෙරට ජාතික,ආගමික හා සංස්කෘතික වශයෙන් පිළිගැනීමට ලක්වන ප්‍රධානතම මංගල්‍යය බවට පත්ව තිබේ. රාජ්‍යත්වයේ සංකේතය ලෙසින් සලකා රජවරු දළදා වහන්සේ උදෙසා පුද පූජා පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් ය. උන්වහන්සේ උදෙසා පෙරහර මංගල්‍යයක් පවත්වා පූජෝපහාර පැවැත්වීම එකල පටන් අද දක්වා පැවැත එන චාරිත්‍රය කි. මහනුවර රාජ්‍යය සමයේ ලක්දිව උපසම්පදාලත් භික්ෂූන් වහන්සේ නොමැති වීමෙන් ශාසනික පරිහානියක් ඇති විය.කීර්ති ශ්‍රී රාජසිංහ රජු සෙංකඩගල පුර රාජ්‍යත්වයට පත් වීමෙන් පසු වැලිවිට අසරණ සරණ සරණංකර මා හිමියන්ගේ මූලිකත්වයෙන් සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන විත් යළි ලක්දිව උපසම්පදාව ස්ථාපිත කළහ. ඒ වන විට නායක්කාර වංශික රජුන් බලයට පැමිණ තිබීම නිසා ඉන්දියාවේ සිට පැමිණ සිටි ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හා ඥාතීන්ට වන්දනාමාන කිරීමට මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් දේවාල බිහිව තිබිණි.එම දේවාල මූලික කර ගනිමින් පැවැති පෙරහර මංගල්‍යයට ශ්‍රී දළදා පෙරහර යළි එක්ව තිබෙන්නේ මහා සංඝරත්නය රජුගෙන් කළ ඉල්ලීමේ ප්‍රතිපලයක් ලෙසිනි. එදා පටන් ශ්‍රී දළදා මාළිගාව මුල් කර ගනිමින් නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන දේවාල පෙරහර මහනුවර නගරයේ සෑම ඇසළ මසකම වීදී සංචාරය කරයි.
රුහුණු සරසවියේ කුලපති ලෙස අකුරටියේ නන්ද නා හිමි පත් කෙරේ
නාහල්ලේ ඉන්ද්‍රසිරි නා හිමි සමරා පින්කම්
කොහුවල ධාතුමළු විහාරයේ දී වස්සානයේ දම් දෙසුම්
වස්සානයේ දම් දෙසුම්
ඉතිරිය»
සතිපට්ඨාන භාවනාව 61 : සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා කම්මන්ත: පවෙන් වැළකී ගත සිත සනසගන්න
අස්සාදය සහ විරාගය
ආරක්ෂාවට සතර කමටහන්
සිත අකුසලයෙන් මුදවන අයුරෙන් දන් දෙන්න
කෙලෙස් නිකෙලෙස් දිවියක වෙනස
ඥාන පද සතර
අසමසම ගුණ මහිම : එණිජංඝො හොති
තෙවළා බුදු වදන් අතරින් 39 : සිව් වැදෑරුම් දිනුම
මිලින්ද ප්රශ්නය 02: උපනුපන් ජාතිත් ප්‍රාර්ථනා ඉටු වුණි
ගිහි ගෙදරට දහම් වැටක්: මොහඳුර අවුලට මුලපුරයි
අකුසල් දුරුකොට කුසල් වඩමු
පිදිය යුත්තෝ පුදමු
පූජාච පූජනියනං: සසුනඹරේ මහ පහන්ටැඹක් වූ බෙල්ලන්විල විමලරතන අනු නා හිමි
මැල්ලගල ආරණ්‍යය
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]