උපනුපන් ජාතිත් ප්‍රාර්ථනා ඉටු වුණි
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු ප්‍රතිපත්ති ගරුක භික්ෂු
පිරිසක් ගංගාවක් අසල වැඩ වාසය කළහ.
එහි දී එක් තෙරුන් වහන්සේ නමක් තමන් අතු ගා එකතු කළ රොඩු ගෙන ගොස් දමන ලෙස එක්
සාමණේර නමකට පැවරී ය. එම සාමණේරයන් එය නො ඇසුණාක් මෙන් යද්දී දෙවැනි, තෙවැනි වරටත්
කී නමුත් නො කළ නිසා අකීකරුකමට දඬුවම් කොට හික්මවන්නට සිතා ඉදල් මිටෙන් පහරක් ගැසී
ය.
සාමණේරයන් වහන්සේ හඬමින්, කසළ ගොඩ ගෙන ගොස් නො දැමුවොත් තවත් විරසක වේයැයි බියෙන්,
කොළ රොඩු ගොඩ ගෙන යමින් මෙසේ සිතී ය. “මම මේ පහර කෑවේ තේජස් නැති නිස යි. එනිසා මේ
පින හේතුකරගෙන නිවන් දක්නා ජාති දක්වා, උපනුපන් තැන අහස් මුදුනේ දිලිසෙන හිරු සේ
තේජස් ඇත්තෙක් වෙම්වා! යි පැතූහ.
ඉන්පසු පැන් පහසුවීමට නදියට වැඩම කොට ගංගාවෙන් දියරැළි දෙස බලාගෙන මෙසේ පැතු
සේක.”මේ ජාතියේ පටන් නිවන් දක්නා මොහොත දක්වා කසළ බැහැර කළ මේ පිනෙන් මහ ප්‍රඥාවෙන්
යුක්ත වෙම්වා! මේ ගංගාවේ දිය රැලි නැගෙන්නා සේ ගැඹුරු ප්‍රශ්න විමසමින් සියලු වාද
විවාද නගන්නට ප්‍රතිබල ඇත්තෙක් වෙම්වා!” හඬ නගා ප්‍රාර්ථනා කළහ.
එවිට පැන් පහසු වීමට වැඩම කළ, කසළ බැහැර කිරීමට අණකළ තෙරුන් වහන්සේට එය ඇසී මෙසේ
සිතී ය. “ මාගේ විදානයෙන් නො කැමැත්තෙන් කසළ බැහැර කළ මේ පොඩිනම මෙසේ සිතයි.
උන්වහන්සේ කළ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වේනම්, වත් පිළිවෙත් සරු මා කරන ප්‍රාර්ථනාව
ඒකාන්තයෙන් ම සමෘද්ධිමත් වේ. භාග්‍යවතුන් වහන්සේ ද සිල්වතුන්ගේ පැතුම් ඉටු වේ යැයි
වදාරා ඇත්තා හ. එසේ කල්පනා කොට සාමණේරයන්ගේ ප්‍රාර්ථනාවට අනුව ම මෙසේ පැතූ සේක. “මේ
ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා උපනුපන් ජීවිතවල මේ ගඟේ රළ ගැස්ම මෙන් ක්ෂය
නො වන වැටහීම් නුවණ ඇතිව වාද – ප්‍රතිවාදයන්ට පිළිතුරු දීමෙහි සමර්ථ වෙම්වා! ගඟ දිය
වියළවා දමන ගිම්හානයෙහි මුදුන් වූ වණ්ඩ හිරු මඬල පරිද්දෙන් මේ සාමණේරයන්ගේ වාද
ප්‍රතිවාදයන් මැඬ පවත්වන්නට හැකි ගම්භීර නුවණැත්තෙක් වෙම්වායි! ප්‍රාර්ථනා කළහ.
දෙදෙනා වහන්සේ ම පින් රැස් කරමින් මෙසේ පැතූ හෙයින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ
පහළ වන තුරුම දෙව් මිනිස් දෙ ගතියෙහි උපත ලබමින් පැමිණියහ.
අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර දක්වා, තීර්ථකයන්ගේ මානය සිඳ දමා තව්තිසා
දෙව් ලොවට වැඩම කොට; මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙව් පිරිසට ධර්මය දේශනා කරන කල්හි
මේ දෙව්පුතුන් දෙදෙනා ද දුටු සේක. අනාගතයේ තිස්ස බ්‍රහ්මරාජයා මනුලොව ඉපිද
මොග්ගලිපුත්තතිස්ස මහරහතන් වහන්සේ බවට පත්ව ශාසනය බබළවන්නා සේ, මේ දෙව්පුතුන්
දෙදෙනා ද තථාගත පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගිය තැන මනුලොව ඉපිද මිළිඳු – නාගසේන
නමින් සසුන බබළවන බව වදාළ සේක. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය සැබෑ කරමින්
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ අවදියේ පැතූ පැතුම් ඇති සාමණේර නම
හෙවත් දිව්‍ය පුත්‍රයා දෙව් ලොවින් චුතව දඹදිව සාගල නුවර ගී‍්‍රක රජ කුලයේ මිළිඳු
නමින් උපන්නේ ය. ප්‍රාර්ථනා පරිදි මහා නුවණැති ව උපන් හෙයින් බොහෝ ශිල්ප
ශාස්ත්‍රාදිය ඉගෙනගෙන රජ කුලයෙන් ද ආඩ්‍ය වූයෙ ්ය. තේජසින්, නුවණින්, බල
පරාක්‍රමයෙන් රූපා ශෝභාවෙන් මිිළිඳු රජු අභිබවා රජෙක් එකල දඹදිව් තලයෙහි නො සිටියේ
ය. දිනක් රජතුමා චතුරංගනී සේනා පිරිවරා මහත් වූ රාජානුභාවයෙන් අගනුවර සිටිද්දී තමන්
හා දහම් පිළිසඳරක යෙදෙන්නට සුදුසු ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් සිටිත්දැයි ඇමැතිවරුන්ගෙන්
විචාළේ ය. ඇමැතිවරු තම තමන් උගත් ආගමික මත අනුව පූර්ණකස්සප, නිගණ්ඨනාථ පුත්ත ආදී
ශාස්තෘවරුන්ගෙන් පැවතගෙන එන මිථ්‍යාමතධාරි තීර්ථකයන් ගැන පැවසූහ. මිළිඳු රජතුමා
ඔවුන් කරා ගොස් කතාබහ කළ පමණකින් එම නිසරු මතවාදවල ඇති අරුත් සුන්බව වටහාගෙන එය
පෙන්වා දී එම අන්‍යාගමික තීර්ථකයන් නිරුත්තර කළෙ ්ය.
ඉන්පසු රජතුමා ඇමතිවරු අමතා මෙසේ පැවසී ය. “තොප හැම පැවැසූ ලෙසින් තර්ක කරන්නට
ගොසින්, වෙළෙදාමේ ගොස් හිස් අතින් ආ පරිද්දෙන් කිසි සාරයක් නො ලැබී ය. මේ රාත්‍රියේ
කවර නම් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් කරා ගොස් සවණට මිහිරි අර්ථවත් කතාවක් අසන්නෙම් ද?
කවරෙක් නම් අපගේ සැක දුරු කරන්නට සමත්දැයි” රජතුªමා විමසා සිටියේ ය. ඇමැතිවරු
පිළිතුරක් දී ගත නො හැකිව නිශ්ශබ්දව බලා සිටියහ.
හිමාලයේ රත්ගල් තලාවේ වැඩ වසන අස්සගුප්ත මහරහතන් වහන්සේට මිළිඳු රජතුමා කී “දඹදිව්
තලය නුවණැත්තන්ගෙන් හිස් ය” යන වදන දිව්‍ය ශ්‍රවණයෙන් අසන්නට ලැබුණි. උන්වහන්සේ
තමන් හා වසන රහතන් වහන්සේ රැස්කර මිළිඳු රජතුමා හා දහම් සංවාදයක යෙදිය හැකි කෙනෙක්
සිටිත්දැයි විමසී ය. වාද විවාද කිරීම සමාධි සමාපත්තීන්හි සමවැදී දිට්ඨධම්ම සුඛ
විහරණයේ යෙදීමට පළිබෝධයක් බැවිනුත්, අදාළ පුණ්‍ය සංස්කාර ඇත්තේ තමන්ට නො වන
බැවිනුත්, ඒ සඳහා සුදුසු කවරෙක්දැයි දන්නා නිසාත්, කිසිම රහතන් වහන්සේ නමක්
ඉදිරිපත් නො වූහ.
ඉන්පසු අස්සගුප්ත මහරහතන් වහන්සේ පැතුම් පරිදි මිළිඳු රජුගේ වාද ප්‍රතිවාද සිඳ බිඳ
සසුන බඹුළුවන්නට සමත් මහාසේන නම් දිව්‍ය පුත්‍රයෙකු ඇතිබව පවසා එම සියලු රහතන්
වහන්සේ සමග සෘද්ධි බලයෙන් තව්තිසා දෙව්ලොව පහළ වූ සේක. එවිට සක්දෙව්ඳු පහන් සිත්
ඇතිව පෙරට විත් අස්සගුප්ත මහරහතන් වහන්සේට ගෞරවයෙන් වන්දනා කොට “මෙ තරම් විශාල සඟ
පිරිසක් සමඟ දෙව්ලොව වැඩියේ කුමක් පිණිස ද? කියා විමසුවේ ය. අස්සගුප්ත මහරහතන්
වහන්සේ කරුණු පහදා දී ශක්‍ර දෙවිදුන් ලවාම ප්‍රකාශ කරනු පිණිස මිනිස් ලොව ඉපද
මිළිඳු රජතුමා හා කතාබස් කරන්නට සමත් දෙව් කෙනෙකු ඇත්දැයි ඇසූ සේක. එවිට සක්දෙව්දු
“ ස්වාමිනි, මිළිඳු රජතුමා ද මෙම තව්තිසා දෙව් ලොවින් ම චුත වී මිනිස් ලොව
උපන්නෙකි. ඔහු හා දහම් කතා කරන්නට සමත් දිව්‍ය පුත්‍රයා ඉන්නේ අර පෙනෙන කේතුමති නම්
විමානයේ වසන මහාසේන දෙවියන් ය. මිනිස් ලොව ඉපිද මිළිඳු රජු හා කතාබස් කරන්නට
ඔහුගෙන් ඉල්ලා සිටිමු” යැයි පැවසී ය.
ඉන්පසු රහතන් වහන්සේ සක් දෙවිදු ලවා මහාසේන දෙවියාගෙන් එසේ ඉල්ලා සිටි විට මුලින්
මිනිස් ලොව උපදින්නට දෙව්පුතු අකැමැති විය. එවිට අස්සගුප්ත මහරහතන් වහන්සේ මහාසේන
දෙවියන් අමතා මෙසේ පැවසූ සේක. “ දිව්‍ය පුත්‍රය, මිනිස් ලොව උපදින්නට අකැමැති නො
වන්න. ඔබට කිරීමට බලවත් ශාසනික කටයුත්තක් යෙදී ඇත්තේ ය. අපි මුළු ලොව ම අරහත්
නුවණින් විමසා බලද්දී එම ශාසන සංග්‍රහයට ඔබ සුදුසු බව දැක්කෙමු. එමනිසා මේ සා මහත්
වූ රහතුන්ගේ ඇරයුම පිළිගෙන මිනිස් ලොව ඉපිද මිළිඳු රජතුමාගෙන් භික්ෂු සංඝයාට ඇතිවන
පීඩාව දුරලා ශාසනචිරස්්ථිතිය පිණිස කටයුතු සලසනු මැනව“ යි ඉල්ලා සිටියේ ය.
මහාසේන දෙව්පුතු එය අසා “ මා නිසා මහත් වූ ශාසනික සංග්‍රාමයක් වන්නේ යැයි” ඔද වැඩී
ගිය සිතින් යුතුව එම ඉල්ලීම පිළි ගත්තේ ය. ඉන්පසු ඒ උතුම් මහරහතන් වහන්සේ මනුලොවට
වැඩම කොට, නිරෝධ සමාපත්තියට සම වැදී සිටි නිසා දෙව්ලොව ගමනට සහභාගි නො වූ රෝහණ නම්
මහතෙරුන් කැඳවා මෙසේ පැවසූහ. “ආයුෂ්මතුනි, මිළිඳු රජතුමා හා සංවාදයේ යෙදෙන්නට
කෙනෙක් නො මැතිව බුදු සසුන උපද‍්‍රවයක් ඇති වී තිබෙද්දී, එය සංසිඳවීමට මැදිහත් නො
වී උදාසින වූයේ මක් නිසා ද? ශාසනය නගා සිටුවීමට කටයුතු කළයුතු නොවේ ද? කියා ය. එවිට
රෝහණ තෙරුන් දෙව්ලොව ගමනට එක්වීමට නො හැකි වූ නිසා මා දැන් කුමක් කළයුතුදැයි
සංඝයාගෙන් නිහතමානීව විමසී ය. එවිට අස්සගුප්ත තෙරණුවෝ මෙසේ වදාළ සේක. “ ආයුෂ්මතුනි,
හිමාලය ආසන්නයෙහි කජාගල නම් බ්‍රාහ්මණ ගමෙහි උභයකුල පාරිශුද්ධ බමුණුතුමාට දාව
බැමිණියගේ කුසේ නොබෝ දිනකින් මහාසේන දෙව්පුතු පිළිසඳ ගන්නේ ය. ඔහු මව්කුසින් බිහි
වී නාගසේන කුමරු කියා ප්‍රසිද්ධ වන්නේ ය. ඔබ වහන්සේ කිසිවක් ම නො ලැබෙන නමුත්
අවුරුදු දස මසක්ම ඒ නිවසට පිඬුසිඟා වැඩමකොට නාගසේන කුමරු පැවිදි කළ යුත්තේ ය.
මහාසේන නම් දෙව්පුතු දෙව් ලොවින් චුතව කණගලවාසී සෝණුත්තර නම් බමුණාට දාව බැමිණියගේ
කුස පිළිසිඳ ගත්තේ ය. එවිට පුණ්‍ය තේජස නිසා ගම පුරා තිබූ අවි ආයුධ දිළිසෙන්නට පටන්
ගත්තේ ය. මහත් වූ වර්ෂාවක් ද පතිත විය. එදින පටන්ම රෝහණ තෙරුන් ද එම බ්‍රාහ්මණයාගේ
නිවසට පිඬුසිගා වැඩීම ආරම්භ කළ සේක.
- නයනා නිල්මිණී |