ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ අමාවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 31 වනදා බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
රුහුණු විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පරිවෙනාධ්යක්ෂ අකුරටියේ නන්ද ස්වාමීන් වහන්සේ පත්කර තිබේ. ඉකුත්දා (17) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේ වෙත පත්වීම් ලිපිය පිළිගන්වනු ලැබී ය.
අගමැති මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී කියයි
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් මෙවරත් පෙර පරිදි සාර්ථක පෙරහර මංගල්‍යයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසී ය. පෙරහරට අවශ්‍ය ආරක්ෂාව විධිමත් ලෙස තහවුරු කරන ලෙස මෙහිදී අගමැතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේ ය. මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන තිබෙන හා ඉදිරියේදී ගැනීමට නියමිත පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේදී ඉකුත්දා (24) පැවැති විශේෂ රැස්වීමක දී අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ. ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව අගමැතිවරයා එම සාකච්ඡාවට සම්බන්ධ විය. අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්රමුඛ මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි, අස්ගිරි පරිවේණාධිපති නාරංපනාවේ ආනන්ද නා හිමි,දළදා තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර නා හිමි, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික මුරුද්දෙණියේ ධම්මරතන හිමි එම අවස්ථාවට සහභාගි වී සිටියහ. මෙවර රුහුණු කතරගම පෙරහරේ අවසන් පෙරහරට අති විශාල ජනතාවක් පැමිණි බවත්, එලෙසින්ම මහනුවර ඇසළ පෙරහර නැරඹීමටත්, විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි, අපේක්ෂා කරන බවත් අගමැතිවරයා කී ය.
ඇසළ අමාවක පෝය ජූලි 31 වන දා බදාදා පූර්ව භාග 11.57 ට ලබයි. අගෝස්තු 01 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 31 වන දා බදාදා ය.
මීළඟ පෝය අගෝස්තු 07 වනදා බදාදා ය.
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
පසෙලාස්වක
අගෝස්තු 14
අව අටවක
අගෝස්තු 23
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]