ශ්‍රී බුද්ධ වර්ෂ 2563 ක් වූ ඇසළ අවඅටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2019 ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |
වෙළෙඳ දෙබෑයන් විළඳ මී පිඬු පූජා කිරීම
ඇසළ අව අටවක පෝය ජූලි 24 වනදා බදාදා අපරභාග 06.05 ට ලබයි. 25 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 07.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 25 වනදා බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය ජූලි 31 වනදා බදාදා ය.
අව අටවක
ජූලි 25
අමාවක
ජූලි 31
පුර අටවක
අගෝස්තු 07
පසෙලාස්වක
අගෝස්තු 14
ශ්‍රී දළදා සමිඳු උදෙසා දෛනිකව සිදු කෙරන තේවා කටයුතු සම්ප්‍රදායානුකූලව මෙවර අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ සිට මල්වතු මහා විහාර පාර්ශ්වය වෙත මාරු වීම පසුගිය ඇසළ පුන් පොහෝ දිනට පසු දින ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු විය. ඒ අනුව ලබන වසරේ ඇසළ පුන් පොහෝ දිනට පසු දින දවල් දක්වා ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වය මගින් සිදු කරනු ඇත. දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු මල්වතු හා අස්ගිරි මහා විහාර පාර්ශ්ව වෙත වසරක් පාසා මාරුවන ලෙස රාජ නියමයෙන් පිරිනමා තිබෙන අතර අද ද එම සම්ප්‍රදාය එලෙසින්ම ඉටු කෙරෙමින් පවතී. මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම හා විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු කිහිප නමක් හා ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමා ප්‍රමුඛ එහි කාර්ය මණ්ඩල ප්‍රධානීන් කිහිප දෙනෙකු එම තේවා මාරුව සිදුවන අවස්ථාවට සහභාගි වූහ.
බුදුන් වහන්සේ විවිධ අවස්ථාවල දී සිය දේශනාවන් මඟින් යහපත් සෞඛ්‍යයකින් යුතු දිවි පැවැත්මක් ගොඩනගා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් සේක. එබැවින් ලෝකයේ ඇති සෑම ලාභයක් අතරින් උතුම් ම ලාභය ලෙස බුදු දහම සලකන්නේ නීරෝගී බව යි. බුදුන් වහන්සේ මජ්ක්‍ධිමනිකායේ මහා අස්සපුර සුත්‍රයේ දී මෙසේ ප්‍රකාශ කොට ඇත. “මහණෙනි යම් පුරුෂයෙක් තෙමේ ආබාධයකින් යුක්තවූයේ, එයින් හටගත් දුක් ඇත්තේ, දැඩිව ගිලන්වේ ද, ඔහුට ආහාර ද රුචි නොවන්නේ ය, ඔහුගේ ශරීරයේ බලය ද නොවන්නේ ය, එසේ වූ ඔහුට මෙබඳු අදහසක් වන්නේ ය. මම, වනාහී පෙර ලෙඩ වූයෙමි, එයින් හටගත් දුක්වේදනා ඇත්තේ වීමි, දැඩි ගිලන්වීමි, බත ද රුචි නොවේ, මගේ ශරීරයේ ශක්තිය ද නැතිවිය, ඒ මම, දැන් රෝගයෙන් මිදුනෙමි, බත ද රුචි ය, මගේ කයෙහි ශක්තිය ද ඇත, හෙතෙම ඒ හේතුකොට ගෙන සතුටට පත්වේ. සොම්නසට පැමිණේ” මෙහි දී බුදුන් වහන්සේ ප්‍රකාශ කොට ඇත්තේ පුද්ගලයෙක් රෝගී තත්ත්වයට පත්වීමෙන් විඳීිමට සිදුවන අපහසුතාවයන් සහ ඉන් මිදීමෙන් ලැබිය හැකි ප්‍රතිලාභයන් ය.
ධර්ම දේශනාව:දෑතිනුත් පුදා හිතිනුත් පුදමු ඉධ භික්ඛවෙ දායකො පුබ්බෙව දානා සුමනො හොති. දදං චිත්තං පසාදෙති දත්වා අත්තමනො හොති ඉමානි දායකස්ස තිණංගානි. ඉධ භික්ඛවෙ පටිග්ගාහකා වීතරාගාවා හොන්ති. රාග විනයායවා පටිපන්නා වීතදොසොවා හොන්ති දොස විනයායවා පටිපන්නා. වීත මොහා වා හොන්ති මොහ විනයායවා පටිපන්නා ඉමානි පටිග්ගාහකානං තිණංගානි. එවං ඛො භික්ඛවෙ ඡළංගසමන්නාගතා දක්ඛිණා හොති. අද අව අටවක පෝදා ධර්ම දේශනාව වශයෙන් මා, තෝරා ගත්තේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ හතරවන වග්ගයේ ඡළංගදාන සූත්‍රයයි. ඡළංග සමන්නාගත වූ දානමය කුසලය ඉතා බලසම්පන්න ය. මහා සාගරයේ ජලකඳ මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැක්කා සේ, මෙම දානයෙන් ලැබෙන පින ද ප්‍රමාණ කළ නොහැකි ය. එක් කලෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් විහාරයේ වැඩවසන සමයේ වේළුකණ්ටක නුවර නන්දමාතා උපාසිකාව විසින් සිදුකළ දානයක ආනිසංස මෙම සූත්‍රයේ සඳහන් වෙයි. වේළුකණ්ඨකී නන්දමාතාව මහත් සැදැහැති උපාසිකාවකි. දිනක් සැරියුත් තෙරුන් සහ මුගලන් තෙරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට වේළුකණ්ඨකී නන්දමාතාව දානයක් පූජා කරයි. ඒ දානය අංග හයකින් යුක්ත නිසා ඡළංගසමන්නාගත වන්නේ ය.භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩහිඳ මිනිස් ඇස ඉක්ම වූ දිවැසින් බලන කල දෑගසව්වන් ප්‍රමුඛ මහාසංඝරත්නයට වේළුකණ්ඨකී නන්දමාතාව පූජා කරන දානමය පින්කම දක්නට ලැබුණි. ඒ අවස්ථාවේ භික්ෂූන් අමතමින්, මහණෙනි, දැන් වේළුකණ්ඨක නුවර ශ්‍රද්ධාවත් නන්දමාතාව ඡළංගසමන්නාගත දානයක් පිළිගන්වමින් සිටින්නී ය. එම දානයේ විපාක ඉතා මහත් ය. අසංඛෙය්‍ය අප්‍රමාණ ආනිසංස ලැබෙන්නේ යැයි වදාළහ. ඡළංග සමන්නාගත දානය කුමක්දැයි එහිදී පහදා වදාළහ.
ධර්ම දේශනාව:
ඉධ භික්ඛවෙ දායකො පුබ්බෙව දානා සුමනො හොති. දදං චිත්තං පසාදෙති දත්වා අත්තමනො හොති ඉමානි දායකස්ස තිණංගානි. ඉධ භික්ඛවෙ පටිග්ගාහකා වීතරාගාවා හොන්ති. රාග විනයායවා පටිපන්නා වීතදොසොවා හොන්ති දොස විනයායවා පටිපන්නා. වීත මොහා වා හොන්ති මොහ විනයායවා පටිපන්නා ඉමානි පටිග්ගාහකානං තිණංගානි. එවං ඛො භික්ඛවෙ ඡළංගසමන්නාගතා දක්ඛිණා හොති. අද අව අටවක පෝදා ධර්ම දේශනාව වශයෙන් මා, තෝරා ගත්තේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ හතරවන වග්ගයේ ඡළංගදාන සූත්‍රයයි. ඡළංග සමන්නාගත වූ දානමය කුසලය ඉතා බලසම්පන්න ය. මහා සාගරයේ ජලකඳ මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැක්කා සේ, මෙම දානයෙන් ලැබෙන පින ද ප්‍රමාණ කළ නොහැකි ය. එක් කලෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් විහාරයේ වැඩවසන සමයේ වේළුකණ්ටක නුවර නන්දමාතා උපාසිකාව විසින් සිදුකළ දානයක ආනිසංස මෙම සූත්‍රයේ සඳහන් වෙයි. වේළුකණ්ඨකී නන්දමාතාව මහත් සැදැහැති උපාසිකාවකි. දිනක් සැරියුත් තෙරුන් සහ මුගලන් තෙරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට වේළුකණ්ඨකී නන්දමාතාව දානයක් පූජා කරයි. ඒ දානය අංග හයකින් යුක්ත නිසා ඡළංගසමන්නාගත වන්නේ ය.භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් විහාරයේ වැඩහිඳ මිනිස් ඇස ඉක්ම වූ දිවැසින් බලන කල දෑගසව්වන් ප්‍රමුඛ මහාසංඝරත්නයට වේළුකණ්ඨකී නන්දමාතාව පූජා කරන දානමය පින්කම දක්නට ලැබුණි. ඒ අවස්ථාවේ භික්ෂූන් අමතමින්, මහණෙනි, දැන් වේළුකණ්ඨක නුවර ශ්‍රද්ධාවත් නන්දමාතාව ඡළංගසමන්නාගත දානයක් පිළිගන්වමින් සිටින්නී ය. එම දානයේ විපාක ඉතා මහත් ය. අසංඛෙය්‍ය අප්‍රමාණ ආනිසංස ලැබෙන්නේ යැයි වදාළහ. ඡළංග සමන්නාගත දානය කුමක්දැයි එහිදී පහදා වදාළහ.
ගිහි පැවිදි පිළිවෙත් ශක්තිමත් කරන වස්සාන සමය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසටම ශාසනික වශයෙන් අතිශයින් ම ඵලදායී කාල පරිච්ඡේදයක් වන්නේ වස්සාන සමය යි. අධ්‍යාත්මික දියුණුව කැමැති සියලුම ශ්‍රාවක පිරිස විසින් ඒ සඳහා ප්‍රගුණ කළයුතු පිළිවෙත් අනුගමනය කිරීමත්, භාවනාවෙහි නිරත වෙමින් කාලය ගෙවීමත් වස් කාලය තුළ සිදු වේ. මෙසේ වස්සාන සමයක් බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද්දේ පැවිදි පිරිසට පමණක් නොව ලෞකික දිවියක් ගෙවන ගිහි දායක පිරිසටද ධර්මානුකූල ජීවිතයක් ගෙවමින් සිය මෙලොව හා පරලොව දිවිය යහපත්ව ගෙවීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දීම සඳහා ය. මෙවැනි පුණ්‍ය කටයුතු සිදුකිරීමට තෝතැන්නක් බඳු වස්සාන සමය ඵලදායීව ගත කළ යුත්තේ කෙසේදැයි යන්න විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ යි. මිනිසුන්ටත්, සතා සිව්පාවුන්ටත්, ගහකොළටත්, සිය පැවැත්ම සඳහා අතිශයින් වැදගත් කාල පරිච්ඡේදයක් වන්නේ වස්සාන සෘතුව යි. ගී‍්‍රස්ම සමය නිමාවත් සමඟ දැවෙමින් පැවැති සොබාදහම ප්‍රාණවත් වන්නේ වස්සානයේ උදාවත් සමඟ යි.
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසටම ශාසනික වශයෙන් අතිශයින් ම ඵලදායී කාල පරිච්ඡේදයක් වන්නේ වස්සාන සමය යි. අධ්‍යාත්මික දියුණුව කැමැති සියලුම ශ්‍රාවක පිරිස විසින් ඒ සඳහා ප්‍රගුණ කළයුතු පිළිවෙත් අනුගමනය කිරීමත්, භාවනාවෙහි නිරත වෙමින් කාලය ගෙවීමත් වස් කාලය තුළ සිදු වේ. මෙසේ වස්සාන සමයක් බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරන ලද්දේ පැවිදි පිරිසට පමණක් නොව ලෞකික දිවියක් ගෙවන ගිහි දායක පිරිසටද ධර්මානුකූල ජීවිතයක් ගෙවමින් සිය මෙලොව හා පරලොව දිවිය යහපත්ව ගෙවීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා දීම සඳහා ය. මෙවැනි පුණ්‍ය කටයුතු සිදුකිරීමට තෝතැන්නක් බඳු වස්සාන සමය ඵලදායීව ගත කළ යුත්තේ කෙසේදැයි යන්න විමසා බැලීම මෙම ලිපියෙහි අරමුණ යි. මිනිසුන්ටත්, සතා සිව්පාවුන්ටත්, ගහකොළටත්, සිය පැවැත්ම සඳහා අතිශයින් වැදගත් කාල පරිච්ඡේදයක් වන්නේ වස්සාන සෘතුව යි. ගී‍්‍රස්ම සමය නිමාවත් සමඟ දැවෙමින් පැවැති සොබාදහම ප්‍රාණවත් වන්නේ වස්සානයේ උදාවත් සමඟ යි.
කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ දසවස් සැමරුමට ආගමික වතාවත් රැසක්
තිනියාවල ඤාණින්ද හිමි ලේඛකාධිකාරී ධුරයට
පිහිට පතයි
සිරි සදහම් පැන විසඳුම්
ඉතිරිය»
නැකැත් පොරොන්දම් දහමට අනුව
නිසල සිත
අසමසම ගුණ මහිම: එණිජංඝලක්ඛණං
සුළු ඇත් පිය උපමාව සං දේශනාවක් ද?
අවදානම තේරුම් ගනිමු ද?
තෙවළා බුදු වදන් අතරින් - 38: ඉල්ලීමත් නොදීමත් දෙකම අප්‍රිය ය
දිවි මග අඳුරු කරන වසල ධර්මයෝ
දහම මහ සයුර වැනි ය
සතිපට්ඨාන භාවනාව 60 : සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා වාචා - ලොවේ ශ්‍රේෂ්ඨතම වචනය
ගිහි ගෙදරට දහම් වැටක්: සසර පුරා ආරක්ෂා කළ යුතුතෙවැනි සිල් පදය
ඇසළ උදාවේ අසිරිය
උපදේශාත්මක බණ කතා සාහිත්‍යය: අනර්ථයෙහි නොයෙදෙන්න
බෝසත් දරුවන්ට: ධර්මය හා සමාන ඖෂධයක් පවතී ද?
පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 33: මහාපරාක්‍රමබාහු ප්‍රතිමාව ගැන විද්වත් අදහස්
ගනේවත්ත ගනේවිහාරය
© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]