සුළු ඇත් පිය උපමාව සං දේශනාවක් ද?
ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනාධිපති,
ශාස්ත්‍රපති, රාජකීය , පණ්ඩිත
කොත්මලේ
කුමාර කස්සප හිමි
වර්තමාන සමාජය තුළ ,ධර්මය පිළිබඳ විවිධ මතවාද, සංකල්පයන්, දැකගන්නට පුළුවන්. එහිදී
නිවැරැදිව ධර්මය කුමක්දැ’යි විශ්ලේෂණය කරගන්න බැරි බොහෝ දෙනකු විසින් ධර්මය වේශයෙන්
, අධර්මයෙහි නිරතව ඉන්නා ආකාරයත්, අපට දකින්න පුළුවන්කම තියෙනවා. බොහෝ විට එබඳු අය
කල්පනා කරන්නේ මෙතරම් කාලයකට සත්‍ය බුද්ධ ධර්මය යටපත්ව යි තිබුණේ.
දැන් අප බුදු මග අලුතෙන් විවර කරගත්තා යනුවෙනි. ඒ අදහසත් සමඟම වෙනසක් සොයන්නට
සැමදාම පෙළඹෙන අපේ බෞද්ධ පින්වතුන් ඒ වෙනස පසුපස හඹාගෙන යන්නට සූදානම් වෙන
ආකාරයකුත් පසුගිය කාලවකවානුව තුළ දැකගන්න ලැබුණා.
ඒ නිසා අප පළමුව වෙනසක් සොයාගෙන වෙනස පසුපස, යන්නට පෙර ඒ ඉදිරිපත් කළ, වෙනස යහපත්
දෙයක් ද? අයහපත් දෙයක් ද? වැරැදි ද? නිවැරැදි ද? කියන කාරණය පිළිබඳව විනිශ්චයකට ලක්
කරනවා නම්, එය ඉතා කාලෝචිත සහ වැදගත් දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා අප මේ පිළිබඳව
කල්පනා කර, සූත්‍ර දේශනා තුළින් වර්තමානය තුළ බොහෝ පිරිසකට ගැටලුවක් වී තිබෙන, ධර්ම
සංකල්පයන්ට අවශ්‍ය පිළිතුරු සපයනවා නම්, එය ඉතාම කාලෝචිත යි.
බොහෝ වේලාවට අපට සමාජයේ අසන්නට ලැබෙන දෙයක් වන්නේ ‘සං දේශනාව’ න් ය. බුදුරජාණන්
වහන්සේගේ දේශනාව, ‘සං දේශනාවක්’ යනුවෙන් කියාගන්නා පිරිසක් අපේ සමාජයෙන් බොහෝ
වේලාවට බිහිවී සිටිනවා. ‘සං දේශනාව’ ගැන සඳහන් කරන විට ඔවුන් ත්‍රිපිටකය තුළින්
උද්ධෘත පාඨ දක්වනවා, බුදුරජාණන් වහන්සේගේ දේශනාව ‘සං දේශනාවක්’ යනුවෙන්. ‘සං’ කියන
පදයෙන් ඔවුන් අර්ථ දක්වන්නේ එකතු කරගන්නවා යනු යි. ‘සං ක්‍රියා’ යන පදය ගත්විට,
සං+ඛ්‍යා , වැයවීම , එකතු කිරීම සහ අඩු වීම පිළිබඳව පවත්නා දේ සංඛ්‍යාව යි. එවිට සං
කියන පදය යම් තැනක යෙදෙනවා නම්, එකතු කරගත්තා යන අදහස යොදාගෙන මේ කෙලෙසුන් නැතිනම්
ආශ්‍රවයන්ගෙන් එකතු කර ගැනීම සහ මේ, මේ දේ ඉවත් කර ගැනීම ගැන කථාවක් ගැනයි, බෞද්ධ
දර්ශනයේ දැක්වෙන්නේ, යනුවෙන් සංදේශනාවක් ඇතැම් වේලාවට ඉදිරිපත් කරනවා. මේ සඳහා
උද්ධෘත කරගන්නා ඉතාම වැදගත් ම සූත්‍ර දේශනාව වන්නේ චුල්ල හත්ථිපදෝපම සූත්‍රය යි.
එනම් චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් සං දේශනාව කළා යනුවෙන් අර්ථ විවරණයකට ලක් කරනවා.
ඒ නිසා අප චුල්ලහත්ථිපදෝම සූත්‍රය ආශ්‍රය කරගෙන විමසා බලමු, චුල්ලහත්ථි පදෝපම
සූත්‍රයේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපට සං දේශනාවක් දේශනා කළා ද, කියන කාරණය.
චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ආරම්භ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී අනේපිඬු
සිටුතුමාගේ ආරාමයේ වැඩ සිටිය දී ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා සහ , පිලෝතික බ්‍රාහ්මණයා
අතර ඇතිවුණ කතාබහකිනි. ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට යම් ගමනක් යන අවස්ථාවක පිලෝතික
බ්‍රාහ්මණයා මුණ ගැසුණි. එහි දී ඔහු බුදුරජාණන් වහන්සේ ගැන විමසනවා. එවිට ඔබ,
බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයට පත් වුණේ ඇයි? යනුවෙන් අසන විට, පිලෝතික
බ්‍රාහ්මණයා උදාහරණයක් කියනවා, යම් විදිහකින් නාගයන් නැතිනම් ඇතුන් සොයාගෙන යන ,
ඇතුන් අවශ්‍ය , ඇතුන් අල්ලන්නෙක් කැළේදී මහා අඩි සලකුණු දකිනවා. දිග , පළල , ලොකු ,
ඇත් පියවර දකිනවා. මේ නම්, විශාල ඇතෙකුගේ ඇත් පියවර යනුවෙන් ඔහු නිෂ්ඨාවට පත්
වෙනවා. ඒ වගේ තමයි, මා ද බුදුරජාණන් වහන්සේගේ ඥාන පද හතරක් දැක්කා. එනම්,
බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පිළිබඳව කරුණු හතරක් දැක්කා. ඒ සතර දැකීමෙන් පැහැදීමට
පත් වුණා, යනුවෙන් පැවසුවා. මේ අවස්ථාවේ දී ඒ ඥාන පද සතර පිළිබඳව සූත්‍රය තුළම
විග්‍රහ කරනවා, ඇතැම් වේලාවට ඒ කාලයේ හිටපු ක්ෂත්‍රීය පණ්ඩිතවරු. එනම්, රජ කුලය ඒ
පාලන තන්ත්‍රය කෙරෙහි නැඹුරුතාවයක් දක්වූ පුද්ගලයන්, ඔවුන් නිකම්ම නො වෙයි,
කතපරප්පවාදයේ - අනුන් සමඟ වාද කර තිබෙන, වාද වලින් ජයග්‍රහණය කළ පුද්ගලයන්
වාලවේදීරූපේ - අස් ලොම් සියයක් පලන්නට තරම්, සියුම් වූ ඥාන ශක්තියක් ඇති,
පුද්ගලයන්. මෙවන් ක්ෂත්‍රීය පණ්ඩිතයන් විසින් කල්පනා කරනු ලබනවා. බුදුරජාණන් වහන්සේ
සමීපයට පැමිණ, ප්‍රශ්න විමසන්නට කියා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නැඟුවොත්,
මෙහෙම පිළිතුරකුයි දෙන්නේ යනුවෙන්, කල්ඇතුවම ඔවුන් තීරණය කරනවා, අප මෙහෙම ප්‍රශ්න
අසනවා, එවිට ගෞතමයන් වහන්සේ අපට මෙලෙස පිළිතුරු දෙයි. යනුවෙන්, කල්ඇතුවම සංවිධානය
කරගන්නවා, ප්‍රශ්න – ගැටලු සාකච්ඡා කරනවා, බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නට කියා.
මෙම ලිපියේ ඉතිරි කොටස ඇසළ අමාවක (ජූලි 31) පත්‍රයේ පළවේ.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |