කොළඹ දිසාවේ පිරිවෙන් ශිෂ්‍ය හිමිවරු ඇගයීමක්
ධර්ම විනයධර භික්ෂූන් වහන්සේ අනාගත ශාසන භාරධාරී මහ තෙරුන් වහන්සේ වෙති. එබඳු
භික්ෂූන් වහන්සේ සසුනඹර එකලු කරති. ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේ
නැණ ගුණයෙන් මෙන් ම ගුණ නුවණින් ද පොහොසත් වෙති. එවිට උන් වහන්සේ සමාජයේ ද
මාර්ගෝපදේශකයාණන් වෙති. එබඳු යතිවරයන් වහන්සේලා සසුනඹරට එක් කරන මෙරට පිරිවෙන්
අධ්‍යාපනය මඟින් සසුනටත්, රටටත්, සමාජයටත් සිදු කරනුයේ ආදර්ශවත් මෙහෙවරකි.
ලද දැනුම ඇගැයීම ද පැසසිය යුතු ය. ඉකුත් දා (ඔක්තෝබර් 05) එබඳු මහ උළෙලක්
පැවැත්විණි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරග ත්‍යාග සහ සහතික
පත් ප්‍රදානෝත්සවය, මොරටුව සර්වෝදය විශ්ව සමාධි ශාලාවේ දී පැවැති අවස්ථාවේදී ය.
පූර්ව ප්‍රාථමික, ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ආදී අංශ හතරකින් වාචික හා ලිඛිත තරග
අතුරෙන් ධර්ම දේශනා, සිංහල කථික, පාලි කථික, සංස්කෘත කථික, ඉංග්‍රීසි කථික, ද්‍රවිඩ
කථික, ගද්‍ය රචනා, චිත්‍ර, හසුරු කුසලතා ආදී විවිධ අංශයන්ගෙන් ජයග්‍රහණ ලැබූ කොළඹ
දිස්ත්‍රික්කයේ පිරිවෙන් රැසක භික්ෂූන් වහන්සේලාට සහ පිරිවෙන් ගිහි සිසුන්ට මෙහි දී
මුදල් ත්‍යාග හා සහතික පත් පිරිනැමිණි.
ඉතිරිය»
මිහිඳු මහරහතන් වහන්සේගේ
පරිනිර්වාණය
අපගේ මාතෘ භූමියට ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සදහම් සංදේශය රැගෙන වැඩම කළ
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වප් මාසයේ පුර පක්ෂයේ අටවෙනි දවසේ තමයි පිරිනිවන් පා
වදාළ සේක. එවිට උන්වහන්සේගේ වයස අවුරුදු 80 කි. උපසම්පදා වී 60 වසරක් පිරුණු අපගේ
මිහිඳු මහරහතන් වහන්සේ අව අටවක දා පිරිනිවන් පෑ නිසා ඒ පුර අටවක දිනය “ශ්‍රී මිහිඳු
පුර අටවක” කියා සම්මත විය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන අසන්නට
ලැබුණු උත්තිය රජතුමා (දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු) මහත් සේ ශෝක වෙමින්
මිහින්තලේ සෑගිරිය වෙත පැමිණියේ ය. මිහිඳු මහ රහතන් වහන්සේ නිසල ශ්‍රී දේහයට වන්දනා
කොට, උන්වහන්සේගේ මහත් වූ ගුණ පවසමින්, හඬා වැළපුණි. ඉන්පසු රන් දෙණක සුවඳ තෙල්්
පුරවා මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය එම රණ් දෙණේ තැන්පත් කරවී ය. ඒ දෙන
හොඳින් වසා රන්වන් කුළු ගෙයක් මත තබා, සාධු නාද මැද වඩමවමින් නොයෙකුත් පුද පූජා
මධ්‍යයේ සරසන ලද මාර්ගය ඔස්සේ අනුරාධපුරයට වැඩම කර වී ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
මව්පිය ගුණ
වන්දනාව
බුදුරජාණන් වහන්සේ විසින් මව්පිය දෙදෙනා හඳුන්වා දෙන ලද්දේ බ්‍රහ්ම, පුබ්බාචරිය,
ආහුණෙය්‍ය, පජාය අනුකම්පක යන උතුම් ශ්‍රේෂ්ඨ නාමයන්ගෙන් ය. මහා බ්‍රහ්මයා මේ ලෝකය
දෙස බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණ ධර්මයන්ගෙන්
යුක්තවයි. මව්පියන් ද තම දූ දරුවන් දෙස බලනුයේ මෙම ධර්ම කරුණු සතර අනුව ය. එබැවින්
බ්‍රහ්ම යනු මව්පියන්ට නමකි. මෙත්තා යනු මෛත්‍රියයි. මෛත්‍රී ගුණය මව ගේ සහ පියා ගේ
හදවත් තුළ නිරන්තරයෙන් ම පවත්නේ ය. කරුණා යනු අනුන් ගේ දුක දැක සද් පුරුෂයන් ගේ
හදවතෙහි ඇතිවන අනුකම්පා සහගත ස්වභාවය යි. දුකට පත් වූ තම දරුවෙකු හෝ වෙනයම්
පුද්ගලයෙකු දැකීමෙන් ස්වභාවයෙන් ම හදවත උණුවීම මෙයින් අදහස් වෙයි. ස්වකීය දරුවන්
හොඳින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන දියුණු වී සිටිනු දැකීමෙන් මව්පියන්ගේ සිත්වල බලවත්
සොම්නසක් උපදියි. එය මුදිතා ගුණය ලෙස දැක්විය හැකි ය. උපේක්ඛා යනු මැදහත්බවයි.
ඉතිරිය»
තරහව
අන් සතු දෙයකි ...
"මට ඒ වේලාවේ හොඳටම තරහ ගියා. ඒ හින්දයි මම එහෙම කිව්වේ. නැත්නම් කවදාවත් ඔබ
වෙනුවෙන් මගේ කටින් ඔවැනි දෙයක් පිටවෙන්නේ නැහැ. දැන් මගේ හිතේ තරහ නිවී ඉවරයි. ඔබ
තාමත් තරහ ද? හිතට හොරා තරහගන්න පුළුවන් ද?" ඔය වැනි කතා ඔබ කොතෙකුත් අසා ඇති.
නැතිනම් ,ඉදිරියට හෝ අසන්නට ලැබෙනු ඇති.
ඔබට සමීප, හිත නොසන්සුන් වූ මිත්‍රයෙකු අමනාපයෙන් හැසිරෙන අවස්ථාවල දී ඔහු කරන කියන
දෑ ඔබ අසා තිබෙන්නට පුළුවන්. ඇත්තට ම මෙබඳු තත්ත්වයකට පත්වන්නේ ඇයි? තරහ ව තිබෙන්නේ
කොතැන ද? එය මොනයම් හෝ ශරීර ගත ස්ථානයක තිබේදැයි සොයා විමසා බැලුවාද? වෙනත් හිත
මිත්‍රයෙකු හෝ අසල්වැසියකු හෝ තමා තුළට ගෙනත් දැම්මා ද? යන්න කල්පනා කළයුතු වෙනවා.
මෙබඳු තත්ත්වයකට පත් වූ පසුව එ මඟින් ශරීරයට පුද්ගලිකවත්, තමා ජීවත්වන වටපිටාවටත්,
සිදුකරනු ලබන බලපෑම කුමක් ද? යන වග සොයා විමසා බැලිය යුතු යි.
ඉතිරිය» |