UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

මව්පිය ගුණ වන්දනාව

 

බුදුරජාණන් වහන්සේ විසින් මව්පිය දෙදෙනා හඳුන්වා දෙන ලද්දේ බ්‍රහ්ම, පුබ්බාචරිය, ආහුණෙය්‍ය, පජාය අනුකම්පක යන උතුම් ශ්‍රේෂ්ඨ නාමයන්ගෙන් ය. මහා බ්‍රහ්මයා මේ ලෝකය දෙස බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණ ධර්මයන්ගෙන් යුක්තවයි. මව්පියන් ද තම දූ දරුවන් දෙස බලනුයේ මෙම ධර්ම කරුණු සතර අනුව ය. එබැවින් බ්‍රහ්ම යනු මව්පියන්ට නමකි. මෙත්තා යනු මෛත්‍රියයි. මෛත්‍රී ගුණය මව ගේ සහ පියා ගේ හදවත් තුළ නිරන්තරයෙන් ම පවත්නේ ය. කරුණා යනු අනුන් ගේ දුක දැක සද් පුරුෂයන් ගේ හදවතෙහි ඇතිවන අනුකම්පා සහගත ස්වභාවය යි. දුකට පත් වූ තම දරුවෙකු හෝ වෙනයම් පුද්ගලයෙකු දැකීමෙන් ස්වභාවයෙන් ම හදවත උණුවීම මෙයින් අදහස් වෙයි. ස්වකීය දරුවන් හොඳින් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන දියුණු වී සිටිනු දැකීමෙන් මව්පියන්ගේ සිත්වල බලවත් සොම්නසක් උපදියි. එය මුදිතා ගුණය ලෙස දැක්විය හැකි ය. උපේක්ඛා යනු මැදහත්බවයි. තම දරුවන්ගෙන් සිදුවන ලොකු කුඩා වරදට පවා මව්පියෝ සමාව දෙති. දරුවන් කෙරෙහි මැදහත් ව බලති. මෙසේ මවුපියන් තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ නමැති උතුම් ගුණධර්ම පවතින බැවින් ඔවුහු මහා බ්‍රහ්ම යනුවෙන් හැඳින්වෙති.

ඉතිරිය»

 

වප්මස පුර අටවක පෝය


වප්මස පුර අටවක පෝය ඔක්තෝබර් 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.19 ට ලබයි. 17 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 16 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 24 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]