UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 
 

 

කොළඹ දිසාවේ පිරිවෙන් ශිෂ්‍ය හිමිවරු ඇගයීමක්

 

ධර්ම විනයධර භික්ෂූන් වහන්සේ අනාගත ශාසන භාරධාරී මහ තෙරුන් වහන්සේ වෙති. එබඳු භික්ෂූන් වහන්සේ සසුනඹර එකලු කරති. ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේ නැණ ගුණයෙන් මෙන් ම ගුණ නුවණින් ද පොහොසත් වෙති. එවිට උන් වහන්සේ සමාජයේ ද මාර්ගෝපදේශකයාණන් වෙති. එබඳු යතිවරයන් වහන්සේලා සසුනඹරට එක් කරන මෙරට පිරිවෙන් අධ්‍යාපනය මඟින් සසුනටත්, රටටත්, සමාජයටත් සිදු කරනුයේ ආදර්ශවත් මෙහෙවරකි. ලද දැනුම ඇගැයීම ද පැසසිය යුතු ය. ඉකුත් දා (ඔක්තෝබර් 05) එබඳු මහ උළෙලක් පැවැත්විණි. ඒ කොළඹ දිස්ත්‍රික්කයේ පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරග ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවය, මොරටුව සර්වෝදය විශ්ව සමාධි ශාලාවේ දී පැවැති අවස්ථාවේදී ය. පූර්ව ප්‍රාථමික, ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ආදී අංශ හතරකින් වාචික හා ලිඛිත තරග අතුරෙන් ධර්ම දේශනා, සිංහල කථික, පාලි කථික, සංස්කෘත කථික, ඉංග්‍රීසි කථික, ද්‍රවිඩ කථික, ගද්‍ය රචනා, චිත්‍ර, හසුරු කුසලතා ආදී විවිධ අංශයන්ගෙන් ජයග්‍රහණ ලැබූ කොළඹ දිස්ත්‍රික්කයේ පිරිවෙන් රැසක භික්ෂූන් වහන්සේලාට සහ පිරිවෙන් ගිහි සිසුන්ට මෙහි දී මුදල් ත්‍යාග හා සහතික පත් පිරිනැමිණි.

ඉතිරිය»

 

වප්මස පුර අටවක පෝය


වප්මස පුර අටවක පෝය ඔක්තෝබර් 16 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.19 ට ලබයි. 17 වන දා බදාදා අපර භාග 12.52 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 16 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 24 වනදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 31

Full Moonඅමාවක

නොවැම්බර් 07


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]